IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සැකකරුට ඇප දී යළි රිමාන්ඩ් කරයි

(නිමන්ති රණසිංහ) 

තීරු බදු වංචා කරමින්   ටොන්  12 ක බීඩී කොළ කන්ටේනරයක් නීතී විරෝධි ලෙස  මෙරටට ගෙන්වා එය  රේගුවෙන් නිදහස්  කර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප හිමි වු  සැකකරු ලබන 25 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ අතිරේක  මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය.

පසුගිය  සිකුරාදා (16 )  වැනිදා මෙම පුද්ගලයාට ඇප ලබා දී තිබුණද එය එසේ   සිදු වුයේ   ප්‍රමාද දෝෂයක්  බැවින්  එය නිවැරදි කරමින් රේගු ආඥා පනත සැලකිල්ලට ගෙන  සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්  මහෙස්ත්‍රාත්වරිය අද  පැවසුවාය.

තීරුබදු වංචා කරමින් රුසියානු මිලියන 40 ක  රේගු බදු වංචා කළැයි ඔහුට විරුද්ධව  ඇති චෝදනාව වේ.

මෙම සැකකරුට ඇප ලබා දීමට මෙම අධිකරණයේ බලයක් නැති බැවින් එය මහාධිකරණයේ සුවිශේෂි කරුණු මත  ඇප  ලබා දිය යුතුව ඇතැයිද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

 නූර්දින්  රසාලි  අහමඩ් නැමැත්තෙකු මෙලස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (6)

සැකකරුට ඇප දී යළි රිමාන්ඩ් කරයි

Hafeel Monday, 18 February 2019 11:48 AM

මේක අතේ කෝට් ඇල්ලුවනං, භාණ්ඩත් මෙයාගේනං, ප්‍රමාද නොවී දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම CCTV දර්ශන සහිත අල්ලන්න සිදුවීම්වලටත් ක්ෂණික නඩු තීන්දු දීලා නඩු ඉවර කරන්න පුළුවන්...

:       0       37

ඩී. ජයදේව Monday, 18 February 2019 12:00 PM

ප්‍රමාද දෝෂයක් කීයක් විතර වෙනවද?

:       1       148

kumarage Tuesday, 19 February 2019 04:36 AM

අර මහධිකරණේ සභාපතිද කවුද කියන කෙනා ඇල්ලුවා නම් නිකන්ම එළියේ.......මේ අයට ඕනේ සල්ලි විතරයි

:       0       2

Nihal Tuesday, 19 February 2019 07:06 AM

වැඩේ පත්තු උනහම ප්‍රමාද දෝෂ. උසාවියේ අවනීතිය සිද්ධ වෙන බවට හොඳම සාක්ෂි මේවා. හැබැයි ශිෂ්‍යයාට දඬුවම් කරපු ගුරුවරයාට කිසිම ප්‍රමාද දෝෂයක් නැතුව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙලා. මොකද නීතිය අවනීතියට හරවා ගන්න ඒ ගුරුවරියට වංචාවෙන් හොරකමෙන් හම්බකරපු සල්ලි නැහැ නීතිය ක්‍රියාත්මක කරවන මිනිසුන්ට ගෙවන්න.

:       0       5

anura Tuesday, 19 February 2019 07:26 AM

මේක ප්‍රමාද දෝශයක් ලු. අපිට එහෙම එකක් උනානම් .....විස්තර කියන්න ගියොත් අපහාස ගැටළු ඇතිවන නිසා නිශ්ශබ්දව ඉමු.

:       0       2

kamal Tuesday, 19 February 2019 07:51 AM

මේ අය තමා මේ රට කන්නේ. ඒ උනාට මේ අයට ඇපෙ දෙන්න අපේ කට්ටිය පෝලිමේ ඉනවානේ. රටකට ගිය කලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 7 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 39 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 375 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 162 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 104 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 359 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site