IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි

රංජන් කස්තුරි
 
අධ්‍යයන  පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත්  හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන්  සමන්විත කමිටුවක් ජාතික අධ්‍යාපන ආයතනය මූලික කරගනිමින් පිහිටුවා තිබෙන අතර එම කමිටුව මගින් සමාන්‍ය පෙළ විභාගයට විෂයන් 06 ක් තිබිය යුතු බවට සාකච්ඡා කරමින් තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
 
එහෙත් ඉතිහාසය, භාෂාව හා ආගම යන විෂයන් කිසිසේත් වෙනස් නොවන බවද අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.
 
කෙසේ වෙතත් පුරවැසි අධ්‍යාපනය ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස නව විෂයක් හඳුන්වාදීමට විද්වත් කමිටුව යෝජනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කීය.



අදහස් (14)

සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි

jayatissa Monday, 18 June 2018 03:16 PM

ඒකටත් වැඩේ දෙන්නද කොහෙද ලැහැස්ති වෙන්නේ...? දොස්තරලගේ බදු ගැහැව්වා අයින්කළා. අලි අලන්න ගියා අකුලා ගත්තා. ගුරුවරියන්ට ඇඳුම් මැහැව්වා ඇනගත්තා. ළමයින්ට හොඳ දැනුමක් ලබා දෙන්න විෂයන් අඩු කරලා හරියන්නේ නැහැ. අන්තිමට කියයි එක විෂයක් තිබුණාම ඇති කියලා. උපදේශකයෝ නම් ලාහෙන් එකතු කරන්න ඉන්නවා. නිකම් පිස්සු වැඩ කරන්න එපා දෙයියන්ගේ නාමෙන්....

:       533       77

himalMonday, 18 June 2018 04:48 PM

දන්න දෙයක් කතා කරන්න. හර විෂයන් ගාණයි අඩු වෙන්නේ. අනික කාලෙකට කලින් ඔය ප්‍රජාපාලනය, පුරවැසි අධ්‍යාපනය ඔක්කොම සමාජ අධ්‍යයනය කියලා එක විෂයක් තිබුණේ. ඒකේ භූගෝලීය කොටසකුත් තිබ්බා.

:       0       332

දීපාක් කරුනාරත්නTuesday, 19 June 2018 01:27 AM

දන්නේ නැති නිසා අහන්නේ...... හර විශයන් යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද?

:       0       1

Rane Monday, 18 June 2018 03:24 PM

හොඳ තීරණයක් !!!

:       30       576

නාත් රණසිංහ Monday, 18 June 2018 06:10 PM

ඇත්තටම අවශ්‍යයි! 10, 11 වසර වලට ආගමත් ඕනේ නෑ. ගණිතයත් සරල ගණිතය සහ advance Math කියලා තොරගන්න පුළුවන් විදිහකට තිබුනොත් හොදයි. එතකොට තමාගේ හැකියාවට අනුව තොරගන්න පුළුවන් ගණිතය ඉදිරි අධ්‍යාපනයට බාධාවක් නොවී.

:       9       53

sanath Monday, 18 June 2018 07:02 PM

සමාජ අධ්‍යනය කියලා විෂයක් මීට කාලයකට පෙරත් තිබුණා. ඒක නැතිකරලා විෂයන් කීපයකට කැඩුවේ මොකද කියලා සොයලා බලලම මේ වෙනස් කිරීම නැවත ආරම්භ කලානම් තමා හොඳයි.

:       0       0

bandula Tuesday, 19 June 2018 12:43 AM

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගෙයි . එක එක පැලැස්තර අලවනවා නමුත් එන්න එන්න ළමයි රොබෝවරු වගේ වැඩ කරන්නේ , ගුරුවරුත් පොතේ තියන දේම ගිරවු වගේ කියවනවා අතලොස්සක් පමණයි හරියට විෂය ගැන ප්‍රායෝගික අත්දැකීමෙන් උගන්නනේ . ඊළඟට රැකියාවක් කරන්න ගියාම එක කරගන්න බැ. තමන්ගේ කියල කිසිම කර්මාන්තයක් කරගන්න බැරි යැපෙන්නෝ ටිකක් බිහි වෙනවා

:       0       3

Kumar Tuesday, 19 June 2018 02:32 AM

ෆේල් වෙන ප්‍රතිශතය වැඩි නිසා ඔක්කොම විෂයන් ඉගැන්වීම සහ සියලු විභාග නැවතිය යුතුයි.

:       8       4

රවින් Tuesday, 19 June 2018 03:09 AM

දේසපාලකයෝ පිස්සෝ කියන එක හැමෝම දන්නවා. අනාගත ළමා පරපුරත් පිස්සෝ කරන්නයි ඔය හදන්නේ. එන එන ආණ්ඩුව අධ්‍යාපනයට ඇඟිලි ගහල අද වෙලා තියෙන්නේ ළමයි වැඩිපුරම ඉගෙන ගන්නේ අමතර පන්තිවලින්.

:       6       0

Priyantha Tuesday, 19 June 2018 03:38 AM

1988 ත් ඕක කරලා අපිව අතරමන් කලා

:       13       17

Priyantha Tuesday, 19 June 2018 03:38 AM

1988 ත් ඕක කරලා අපිව අතරමන් කලා

:       0       207

නිමල් Tuesday, 19 June 2018 04:57 AM

හරිම හොඳ දෙයක්. නාටාමි බැග් ක්‍රමය වෙනුවට ටැබ් දෙන්න. ෆින්ලන්තය ලෙස හදමු. ජය වේවා. අකිලට සහ රනිල්ට.

:       0       2

ලුම්බිණි Tuesday, 19 June 2018 05:17 AM

මම හිතන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ කියල දෙකක් අවශ්‍ය නැහැ. එකක් තිබුණහම ඇති.

:       1       8

රවින් Tuesday, 19 June 2018 11:36 AM

ලුම්බිණි ! හරියට හරි. විභාග ඕනෙම නැහැ. ඔය දෙකම පාස් නැති උන් තමා තීරණය කරන්නේ විභාග ගැන රට ගැන.

:       5       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 303 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 611 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 741 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 583 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 167 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1766 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site