IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සාපෙළ ලියා ගෙදර යද්දී බස් රියේ ගැටී සිසුවෙක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටියදී සිදම්බරපුරම් වන්නි කොට්ටම් ප්‍රදේශයේ දී වවුනියාව සිට සිද්ම්බරපුරම් බලා ගිය පෞද්ගලික බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පී.බහිර්දන් නැමති සිසුවෙකු වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා වවනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය පවසයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය සැක පළ කරයි.



අදහස් (4)

සාපෙළ ලියා ගෙදර යද්දී බස් රියේ ගැටී සිසුවෙක් මරුට

sandy Tuesday, 10 December 2019 09:40 AM

ඉතා කනගාටුදායක පුවතක්. මගේ සංවේගය.

:       0       13

Cisco Tuesday, 10 December 2019 10:44 AM

අනේ තව එක විෂයයි කරන්න තිබුනේ. මම මගේ සංවේගය ප්‍රකාශ කරමි.

:       0       5

AnandaR Tuesday, 10 December 2019 02:28 PM

සාපෙළ සිසුන්ට අපලයක්ද? පවු ! එක්කෙනෙකුට ලියන්න යනකොට සර්පයෙක් දෂ්ට කළා. මියගිය අය පිලිබඳ කණගාටුව. සෙසු අයට ඉක්මන් සුවය පතමි.

:       0       0

මුණසිංහ Tuesday, 10 December 2019 02:59 PM

මේ ළමයින්ගේ වයස අවුරුදු 16 පමණ විය යුතුයි. මෝටර් සයිකල් පදින්න ලයිසන් තිබුණේ ද? මේක නිසා තමයි අපි කියන්නේ නීතිය වල් වැදිලා කියලා. වැරදුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 11 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 39 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 106 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 413 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 176 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 110 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site