(කාංචන කුමාර ආරියදාස)
ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
1990 නාවුල පොලිසියට අයත් ගිලන් රථයෙන් මෙම 75 හැවිරිදි කාන්තාව අද පස්වරුවේ රැගෙනවිත් තිබෙන බවත් ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීමෙන් මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ලං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා පැවසීය.
75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින 10 කට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙලී තිබෙන බවයි.
කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතර මගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලිසියට පැවසූහ.
නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලිසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ .
මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතාගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.
මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බව වෛද්‍යවරු පවසති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට
බද්රානි Monday, 06 April 2020 06:11 PM
ඒ කාන්තාව රෝහලට යන අතරතුර අර මාෆියා සංගම් කල්ලියේ මුහුණු ටික මතක් වෙලා හුස්ම හිරවෙන්න ඇති? පව් ඉතින් මොනා කරන්නද? මාධ්‍යය ඉදිරියේ බඩ පිනුම් ගහමින් සිටින්නේ ඒ ගොල්ලොනේ දැන්? මට නම් දකිද්දීත් භය හිතෙනවා?
දසුන් Monday, 06 April 2020 07:41 PM
තමන්ගේම පුතා මගහැරියාම ලෙඩදුක්වල වේදනාවටත් වඩා හිතේ දුක වැඩිවෙන්නැති.
පිටිගල මිලානෝ Tuesday, 07 April 2020 01:05 AM
මෙය ඉතාමත්ම භයානක තත්වයක්. ඉතාලියේද මෙවන් අදෘශ්‍යමාන මහජන සම්බන්ධතා නිසා අහිංසක වයසක අයට කොරෝනා තෑග්ගක් ලෙස ලැබුන බව මා මීට කලින් මෙම පුවත්පතටම අදහස් දැක්වුවා. ලාංකිකයිනි බුද්ධිමත්වන්න.