IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ස්පාඤ්ඤය ප්‍රධාන නගරවල ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ස්පාඤ්ඤයේ ප්‍රධාන මාස දෙකකට පසුව අද (25) විවෘත කෙරිණි.

ඒ අනුව මාස දෙකකට පසු පළම වතාවට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ප්‍රධාන උද්‍යාන සහ අවන්හල්, තේපැන්හල් විවෘත කිරීමට පියවර ගැනිණි. ස්පාඤ්ඤය මැයි 4 වැනිදා සිට ක්‍රමයෙන් ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් සිටින අතර මේ වනවිට එහි දෙවැනි පියවරට පිවිස ඇත.

ස්පාඤ්ඤයේ ප්‍රධාන මෙට්‍රෝ නගරයක් වන බාර්සිලෝනා හි කොටස් විවෘත කිරීමට ද එරට බලධාරිහු පියවර ගත්හ. කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය සහ එක්රැස් වීමට අදාළ දැඩි සීමා ක්‍රියාත්මක වන අතර එක්රැස් විය උපරිම ගණන 10කි.

කුඩා සාප්පු ද විවෘත කළ හැකි නමුත් ඒවාට දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති ක්‍රියාත්මක වේ. දේවස්ථාන ඇතුළු වන්දනා කරන ස්ථාන විවෘත කරන නමුත් ඒවාට පැමිණිය හැක්කේ එම ස්ථානවලට පැමිණිය හැකි උපරිම සංඛ්‍යාවෙන් සියයට 30කට පමණි. 

ද ගාඩියන්/රොයිටර්

055

 



අදහස් (1)

ස්පාඤ්ඤය ප්‍රධාන නගරවල ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

බද්රානි Monday, 25 May 2020 03:28 PM

ඒ ගොල්ලොත් ඡන්දයක් තියන්න ලක ලැහැස්ති වෙනවද? මිනිස්සු මලත් මොකද, ඡන්දයක් තියාගන්න පුළුවන් නම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 155 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 337 1

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 443 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 775 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1171 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 941 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site