බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝගවලට අනුකූල යැයි ද සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.
ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ආකාර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ සමග සාකච්ඡාවට එක්වෙමින් සෙනෙවිරත්න මහතා කීය.
නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරුවේය.
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා චෝදනා කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙන ආ හැකියි
ගල්කටස් Tuesday, 20 November 2018 02:43 AM
මේක විකාරයක් එක එක පුද්ගලයන් තම තමන්ගෙ කෝණ වලින් බලලා මේ විධායකය මහ ව්‍යවස්ථා දායකය අතර ප්රශ්නය විසදන්න බැහැ. ඒකට හරිම මතය දැන් දෙන්න ඕනා.
Rasitha Tuesday, 20 November 2018 04:09 AM
"ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි" එක තමයි දීර්ග කාලයක් අරගෙන විනාඩි 10 කරලා පෙන්නුවේ
Ruwan Tuesday, 20 November 2018 05:18 AM
අපිට මතකයි මීට පෙර විශ්වාසභංග ගෙන ආපු අවස්ථාවල විශ්වසභංගත්වයට හේතු සමගයි පත්‍රිකාව ඉදිරිපත්කලේ.
Chanak Los angeles Tuesday, 20 November 2018 08:21 AM
අනේ අර ඉපදුණු දා ඉඳලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබෙනවා කියන කෙනා මේක නොදන්න එකනේ පුදුමේ නේද?