IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සහල් ආනයනය කිරීමට කෝටි 224 ක ණයක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224 ක (රුපියල් මිලියන 2,241) ණය මුදලක් ඉල්ලා ඇත.

මාස හතරක කාලයක් සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාර  ඇපකරයක් නිකුත් කරන්නැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් මෝල් හිමියන්ගේ සහල් සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් සහල් හිඟයක් ඇතිවිය හැකිබවත් එම හිඟය මග හරවා ගැනීම සඳහා සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යායුතු බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.



අදහස් (28)

සහල් ආනයනය කිරීමට කෝටි 224 ක ණයක් ඉල්ලයි

Champa Tuesday, 22 September 2020 03:07 PM

මොනවා, එහෙම වෙන්න බැහැනේ. ජනාධිපති, අගැමති කැඳවපු රැස්වීමක හිටපු යුදහමුදා නිලධාරියෙක් කිව්වනේ මේ අවුරුද්දට ඇති වෙන්න සහල් තියෙනවා කියලා. ඔහු කිව්වා වී ගන්නේ කවුද, කොච්චරද, තියෙන්නේ කොහෙද, ඔක්කොම දත්ත තියෙනවා කියලා... රටින් හාල් ගෙන්වන්න ඕනේ කියන එක කොහොමටවත් පිළිගන්න බැහැ. අස්වැන්නේ අතිරික්තයක් තියෙනවා කිව්ව ආණ්ඩුව දැන් කොහොමද හාල් නැහැයි කියන්නේ? රජය දෙන වගා සහනාධාර යටතේ වගා කරපු වී අස්වැන්න පෞද්ගලික මෝල් හිමියන් මිලට අරගෙන හංගාගෙන ඉන්නවා නම්, රජයට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා ඒ සහල් රජය භාරයට ගන්න. රජයක් ගොවීන්ට කෘෂිකර්මාන්තයේ නියැලෙන්න සහනාධාර දෙන්නේ රටේ ආහාර හිඟයක් ඇති නොවෙන්න. ඒ හින්දා අස්වැන්න අවභාවිතා කරන්න හෝ සඟවාගෙන ඉන්න හාල් මෝල් හිමියන්ට අයිතියක් නැහැ. කෝ අර තියෙනවා කිව්ව දත්ත? ඒවා බලලා හාල් මෝල් ඇරලා හාල් ටික එළියට අරන් රජයේ වී ගබඩාවට යවන්න ඕනේ...

:       3       57

නිල්මිණි Tuesday, 22 September 2020 03:47 PM

ඇයි විශ්වාස නැද්ද මේ නිව්ස් එක...? ඔය කට්ටියගේ ඔක්කොම කියුම් කෙරුම් ඔහොම තමයි.

:       2       33

Champa Tuesday, 22 September 2020 03:15 PM

මේ ලංකාවේ වෙළඳ ඇමතිද ඉන්දියාවේ වෙළඳ ඇමතිද? බන්දුල ගුණවර්ධන ඇමතිකම බාරගත්ත දවසේ ඉඳන් වැඩ කරන්නේ ඉන්දියාවට...

:       1       27

ChampaTuesday, 22 September 2020 05:31 PM

මේ හාල් නැති කතාව බොරුවක්. 2020 පෙබරවාරි පුරෝකථනය කරලා තිබුණා මේ අවුරුද්දේ මහ කන්නයේ අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන් 2.97ක් කියලා. ඒ හාල් මාස 9.5කට ඇති කියලා කිව්වා. දැන් කියනවා ඔක්තෝබර් ඉඳන් ජනවාරි වෙනකම් දෙන්න හාල් නැහැ කියලා. ඉතාම විශාල බොරුවක් මේක... බන්දුලට නෙමෙයි වෙන්න පුළුවන්.., නමුත් කාට හරි මේකෙන් ලොකු කොමිස් දෙකක් ලැබෙනවා. එකක් ආනයනයන කරන රටෙන්. අනික ලංකාවේ ලොකු හාල් මෝල් හිමියන්ගෙන්... මේ විදිහට ඇත්ත නැත්ත කරන්න පුළුවන්ද ඇත්තටම?

:       0       0

SL Tuesday, 22 September 2020 03:35 PM

ගොයම් කැපුවේ ගිය මාසේ. හාල් ටික කවුරුවත් කෑවද?

:       0       22

20 එපාWednesday, 23 September 2020 08:03 AM

පොලොන්නරුවේ හාල් ගිලින බහිරවයින් දෙන්නෙක් ඉන්නවා. ඒ අය දුන්නොත් තමයි අපිට කන්න වෙන්නේ..!

:       0       1

Nihal Tuesday, 22 September 2020 04:26 PM

හාල් ආනයනය කළ ගමන් සඟවා තියන හාල් වෙළඳපලට එනවා. එතකොට ආනයනය කළ හාල් බොහෝ ප්‍රමාණයක් ගබඩාවලම කල් ඉකුත් වෙලා සත්ව ආහාර සඳහා ගන්නවා. ඉන්දියාවටත් සතුටුයි ආණ්ඩුවටත් සතුටුයි.

:       2       29

Dasa P Tuesday, 22 September 2020 04:51 PM

කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයිනේ..?

:       0       0

විජේ Tuesday, 22 September 2020 08:54 PM

අනේ වාසනාවන්...,

:       0       0

kamal Tuesday, 22 September 2020 10:56 PM

ලංකාවේ පාරිභෝගිකයා සැමවිටම සූරා කෑවේ අතරමැදියා. පසුගිය කන්නයේ අස්වැන්න මෝල්කාරයින් විසින් වැඩිමිලට ගොවීන්ගෙන් ගත්තේ පාරිභෝගිකයා බිල්ලට තබා සහල් මිල වැඩි කිරීමටයි. දැන් රජය කළයුත්තේ සහල් ආනයනය කර අඩුපාලන මිලකට සහල් වෙළඳපළට දැමීමයි. රටේ ඇති මේ සහල් මාෆියාව පාලනය කළහැකි එකම ක්‍රමය මෙයයි. රජය ගන්නා මේ පිළිවෙත නිවැරදියි.

:       0       0

JeewanP Wednesday, 23 September 2020 12:35 AM

ඔය තියෙන්නේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්.. එතකොට අලුත් සහල් අස්වැන්නට මොකද වුණේ? කොමිස් කාක්කන් එක්ක මේ රටේ වැඩකරන්න බැරිවෙයි වගේ...

:       0       0

සමන්ත Wednesday, 23 September 2020 01:14 AM

සම්බා සහල් ඉන්දියාව අපනයනය තහනම් කරලා දැන් ගොඩක් කල්... සම්බා හාල් ගෙන්වන්න පුලුවන් තායිලන්තයෙන් විතරයි. ඉන්දියාව, පාකිස්තානය අපනයනය කරන්නේ බාස්මතී විතරයි.

:       0       0

dhamneth Wednesday, 23 September 2020 02:31 AM

පුරන්ව තිබුණු කුඹුරුත් වගාකළ නිසා මෙවර වී අස්වැන්න අනිවාර්යයෙන්ම වැඩිවෙන්න ඕනෑ..

:       0       0

kamal Wednesday, 23 September 2020 02:42 AM

බළලා මල්ලෙන් පැන්නා නේද? රාජ්‍ය බැංකු බංකොළොත් වෙන්නේ ඇයි කියලා දැන් වහල්ලු 69 ලක්ෂයට තේරෙයිද?

:       0       0

kapila Wednesday, 23 September 2020 02:43 AM

සහල් හිඟවුණාම ඔය උඩ කමෙන්ට්ස් දාන අයද අපිට කන්න දෙන්නේ?

:       0       0

kamal Wednesday, 23 September 2020 02:58 AM

බළලා මල්ලෙන් පැන්නා නේද? රාජ්‍ය බැංකු බංකොළොත් වෙන්නේ ඇයි කියලා දැන් වහල්ලු 69 ලක්ෂයට තේරෙයිද? අපිට කොමිස්...

:       0       0

නුවන් Wednesday, 23 September 2020 03:01 AM

අර පහුගිය දවස්වල බ්‍රිගේඩියර් කෙනෙක් ගාව තියෙනවා කියපු ලිස්ට් එක අරගෙන හාල් කොහෙද තියෙන්නේ කියලා හොයන්න බැරි වෙයිද සර්ට..?

:       0       0

rihan Wednesday, 23 September 2020 04:11 AM

ගිය මාසේ කපපු ගොයම් ආහාරයට නුසුදුසු තත්වයේ වෙන්න ඇති..

:       0       0

Keppetipola Wednesday, 23 September 2020 04:27 AM

ඉහත සඳහන් සියලුම කමෙන්ට්ස් වලට මම එකඟ වෙමි. ඡන්ද කාලෙදි මහ ජනයා රවටල දැන් පිටරටින් හාල් ගෙනැල්ලා මහා පරිමාණයෙන් කොමිස් ගැහිල්ලකටයි ලෑස්ති වෙන්නේ. මේවා හෙණ ගහන අපරාධ. මේ සේරම අැමතිවරු නැකතට සෙත් පිරිත් කියලා වැඩ බාරගත්තේ මහා පරිමාණයෙන් රට මංකොල්ල කන්න මිසක් රට හදන්න නෙවෙයි.

:       0       1

Keppetipola Wednesday, 23 September 2020 05:14 AM

ඉහත සඳහන් සියලුම කමෙන්ට්ස් වලට මම එකඟ වෙමි. ඡන්ද කාලෙදී මහජනයා රවටලා දැන් පිටරටින් හාල් ගෙනැල්ලා මහා පරිමාණයෙන් කොමිස් ගැහිල්ලකටයි ලෑස්ති වෙන්නේ... මේවා හෙන ගහන අපරාධ. මේ සේරම අැමතිවරු නැකතට සෙත් පිරිත් කියලා වැඩ බාර ගත්තේ මහා පරිමාණයෙන් රට මංකොල්ල කන්න මිසක් රට හදන්න නෙවෙයි...

:       0       8

Hafeel Wednesday, 23 September 2020 07:51 AM

කවුරු හරි මේ බන්දුලටත්, රවීටත් වෙළඳ ඇමැතිකම දෙනවද?

:       0       0

kapila Wednesday, 23 September 2020 07:55 AM

උඩ ලොකුවට ප්‍රතිචාර දාන අයද සහල් හිඟවුණාම අපිට කන්න දෙන්නේ?

:       2       0

Annada Wednesday, 23 September 2020 08:12 AM

ආයෙත් හොර මගඩියක්, කොමිස් ගහන්න.. මේ වගේ අය තාමත් ජීවත් වෙනවානේ.

:       0       2

Niresh Wednesday, 23 September 2020 10:17 AM

කෝ දැන් මහ ලොකු කතා කියපු හමුදාවේ ලොක්කා? මුළු රටේම ඇතිවෙන්න හාල් තියනවා කිව්වනේ. එක එක්කෙනාගේ කතාවලට වැඩ කරන අයට එහෙම කියන්න වෙනවා... තමුන්ගේ රස්සාව බේරගන්න. ඔක්කොම බොරු විතරයි.

:       0       3

siri Wednesday, 23 September 2020 02:14 PM

හාල් මොන කෙහෙල්මලකටද? බඩ ඉරිඟු කමුකෝ... සේරම එකතුවෙලා.. අර නලුවෙක් කියන්නේ ඒවා හොඳටම හොඳයි කියලා..

:       0       1

BamunuarachchiFriday, 25 September 2020 01:23 PM

හලෝ මොන බම්බුවකටද කතා කරන්නේ? යුද්දෙ කාලේ ඉරිඟු නොවේ මිනිස්සු බජිරි කෑවේ නැද්ද කියලා සීයාගෙන් අහලා බලන්න. කඩේට ගියාම හාල් ටික ලැබෙනවා නම් හාල් ආවේ කොහොමද කියා සොයන්නේ මොන බම්බුවකටද?

:       0       0

dhamneth Thursday, 24 September 2020 05:25 AM

ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව වැඩකළා නම් සහල් පිටරටින් ගේමට අවශ්‍ය නැත.

:       0       0

BamunuarachchiSaturday, 26 September 2020 03:44 AM

2015 යහපාලකයෝ රට බාරගන්නකොට මත්තල ගබඩා කරන්න තරම් රටේ වී තිබුණා. ඒ ගොල්ලොම තමයි කීවේ පිටරටින් සහල් ගෙන්වන එක ලාබයි කියලා.. රටේ වී ගොවිතැන කඩාකප්පල් කළේ, දැන් පිටරටින් සහල් ගෙන්වන්න සිද්ද වෙන්නේ මෝල් හිමියන් මට්ටුකරන්න. එය එසේ විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 125 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 331 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 601 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3363 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site