IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගේ ප්‍රධාන සංවිධායක සියාම් ඇතුළු 4ක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර කල්මුනේ ප්‍රදේශයේ සහරාන්ගේ ප්‍රධාන සංවිධායක වන කල්මුනේ සියාම් ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනෙකු අද(20) රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියෙන් පසුව අම්පාර රාජ්‍ය බුද්ධි සේවාව මගින් තොරතුරු රැසක් එකතු කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වමින් යන අතරතුර කල්මුනේ සියාම් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සහරාන් සමග කටයුතු කළ තවත් හතරදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙයට අමතරව පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ සංයුක්ත තැටි 31 ක් ද සොයා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
 
සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී  ඇති බව අනාවරණය වී තිබේ.
 
ඉකුත් 26 වෙනි දින සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ බෝම්බ පිපිරීමට පෙර  බෝම්බ  පුපුරුවා ගත් නියාස්, රිල්වාන් ඇතුලු කණ්ඩායම නින්දවුර් නිවසේ සිට මුහුදු බඩ මාර්ගයක් ඔස්සේ සයින්දමර්දු නිවාසයට ගෙන ඒමට සහය දී ඇත්තේද කල්මුනේ සියාම් බවට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් තහවුරු කරගෙන තිබේ.

නියාස් ඇතුලු පිරිස වෑන් රථයෙන් ගමන් කරනවිට කල්මුනේ සියාම් විසින් තවත් වාහනයකින් ඉදිරියෙන් ගමන් කර මුහුදු බඩ මාර්ගයේ සිටින නාවික නිලධාරීන් මග හරිමින් සයින්දමර්දු වෙත ගෙනවිත් තිබේ.

සහාරන්ගේ සමීපතම හිතවතෙක් වන කල්මුනේ සියාම්  හම්බන්තොට ප්‍රදේශයේ  පුහුණුවීම් කටයුතුවල නිරත වී ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බවද තහවුරු කරගෙන ඇත.
 
තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතී.


 



අදහස් (0)

සහරාන්ගේ ප්‍රධාන සංවිධායක සියාම් ඇතුළු 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 13 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 137 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 170 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 302 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 95 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 295 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site