IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සරසවි අස්සේ මත් ද්‍රව්‍ය බෙදන හැටි ජනපති හෙළි කරයි

(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ ප්‍රකාශ කළේය.

තරුණ පරම්පරාව, සරසවි සිසුන් හා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් යනාදි අවදානම්වලින් බේරාගැනීමේ අභියෝගයක් හා ඒ සඳහා සාමූහිකව කටුයතු කිරීමේ අවශ්‍යතාවක් ද අද වනවිට රට හමුවේ ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 165 වැනි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

“මේ ළඟදි මට විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් කතා කළා. විශ්ව විද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින තත්ත්වයක් ආරම්භ වෙලා තිබෙන බවට ඔහු මට කීවා. එවැනි පසුබිමක් අපේ රටේ තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමේදී රටේ සියලු දෙනාටම පුළුල් වගකීමක් තිබෙනවා. සාමූහික වගකීමක් දැරිය යුතුව තිබෙනවා. රටේ දරුවන් රටේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින්, මත් රකුසාගෙන්, මත් පෙතිවෙලින් බේරා ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන්, ඒ සඳහා අපට රටක් ලෙස , ජාතියක් ලෙස, සමාජයක් ලෙස, ගුරුවරුන් හා මාපියන් ලෙස අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ සඳහා අද වනවිට දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා” යැයි ද ජනාධිපතිවරයා තවදුරටත් කීය. 

 



අදහස් (31)

සරසවි අස්සේ මත් ද්‍රව්‍ය බෙදන හැටි ජනපති හෙළි කරයි

prasanna Monday, 16 October 2017 05:05 PM

කියවනවා විතරයි... දැන ගන්න ලැබෙනවා.... හැබැයි කරන මගුලක් නැහැ....

:       24       603

PerakumMonday, 16 October 2017 08:04 PM

ඒකනෙ කියන්නේ ප්‍රසන්න මේ මෑතකදී කොච්චර කුඩු ඇල්ලුවද. කෝ ඒවාට ගත්ත ක්‍රියාමාර්ග? මෙතෙක් කාටද දඬුවම් දුන්නේ?

:       0       61

abaranMonday, 16 October 2017 10:15 PM

මගේ අමුඩය තුල කවුදෝ කැත කරගෙන යනවා... පරෙස්සමෙන්....

:       0       67

lalTuesday, 17 October 2017 02:49 AM

ජනාධිපතිට අගමෑතිට හැමදේම කරන්න බෑනෙ. උපකුලපති, පීඨාධිපතිවරු, සහ විශ්ව විද්‍යාල පරිපාලනයනෙ මේවට යමක් කරන්න ඕන.

:       204       44

sathyapalaTuesday, 17 October 2017 07:20 AM

උප කුලපති මත්ද්‍රව්‍ය බෙදාහැරිම ගැන ජනාධිපතිට කියුවේ පොලිසියට කියල ඒ ගැන හොයපු නැති නිසාද ? එහෙනම් පොලිස්පතිගෙන් ඇහුවද ඇයි කියල ? දැන් ජනාධිපති දැනගත්තට පස්සේ මොනවද කලේ කියල කියන්න.

:       0       192

aravinda Monday, 16 October 2017 05:25 PM

මෙය ඉතාමත්ම ඛේදජනක පුවතක්. නමුත් සමස්ත ජන සමාජයේ මෙන් නොව, සරසවියක් වැනි කුඩා ආයතනයක් තුල, පොලිසියට මේවා බෙදා හරින්නන් පහසුවෙන්ම සොයා ගත හැකියි. පසුගියදා මා දුටු තවත් ප්‍රවෘතියක් නම්, නුදුරු අනාගතයේදී රජය බියර් වැනි මත් පානයන් සිල්ලර වෙළඳසැල් වල අලෙවි කිරීමට යනවා කියා. ලංකාව වැනි රටක වයසින් අඩු අයට මත් වතුර විකිණීම තහනම් කර පාලනය කිරීම ඉතාමත් අපහසු දෙයක් වන බැවින්, මෙවැනි දෙයකින් සිදුවන්නේ රටේ මත් වතුර සුලභ වී, පාසල් සිසුන්ගේ පටන් මුළු තරුණ පරපුරම පසුවෙන්ම මත් වතුර වලට ඇබ්බැහි වීමයි. එබැවින්, මෙවැනි දේ කිරීමට ප්‍රථම, දෙවරක් සිතන්නැයි ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිමි.

:       0       133

RaveendraMonday, 16 October 2017 05:45 PM

අරවින්ද මයා වෙත, ඔබගේ කාලෝචිත අදහස් වලට අපද එකඟ වන්නෙමු. මෙහි වඩාත් භයානකකම නම් උඩින් හැමෝම විරුද්ධ නමුත් යටින් සියල්ලෝම කැමති බවය. ඕනෑම රටක තීරණ ගන්නේ සතුන් නම් එම රට විනාශවීම කිසිවකුට වැලැක්විය නොහැක. අප මවුබිමටද එය එලෙසම බලපානු ඇත.

:       0       203

janatha anura Monday, 16 October 2017 05:25 PM

විධායක ජනපති අපිට කියනවා මෙහෙම, ඔය තනතුර අපිට දෙන්න එක පැයෙන් ඕවා කරවන අය අල්ලා දඬු කඳේ ගහන්න. විධායක ජනපති අකාර්යක්ෂම වී ඇති බව කතාවෙන් නම් පැහැදිලියි.

:       35       618

පිටිගල මිලානෝ Monday, 16 October 2017 06:49 PM

ඒ කාලේ නම් සොඳුරු ගල් කාල හැරුනම මල් බෙහෙවින් භාවිතා වුනා විශ්වවිද්‍යාල තුල. හවසට අක්බාර් නේවාසිකාගාරයේ උඩට වී තරු දෙස බලා සිනහවෙන්න ඒ අය පුදුම කැමැත්තක් දැක්වුවා. අපි නම් මල් මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වුයේ නැහැ. නමුත් වෙනත් අස්වාභාවික මත් ද්‍රව්‍ය විශ්වවිද්‍යාලය තුලට එනවානම් එය භයානකයි.

:       410       357

sathyapalaTuesday, 17 October 2017 01:16 AM

පිටිගල මිලානෝල හරිම කුහකයි. ගිය ආණ්ඩුවෙන් මේවා වෙනකොට අම්ම මුත්තා කියමින් බැන්න. දැන් මේවා වෙනකොට "සොඳුරු ගල් කාල, මල් (ගංජා) කමක් නෑ," කියමින් කතාව වෙන පැත්තකට හරවනවා. තමන් ගිය ආණ්ඩුව කාලේ විරෝධය පෑ දේවල් මේ ආණ්ඩුවෙනුත් වෙනකොට ඒ විදිහටම කෑ ගහන්න. එතකොට තමන් පත්කරගත් දේශපාලකයොත් දිගටම බලයේ ඉදිවී රටත් හැදේවි. වැරදි දැක දැක නිහඩව ආණ්ඩුවට කඩේ ගියොත් ආණ්ඩුවත් ඉවරයි රටත් ඉවරයි. අපි මහින්ද කාලෙත් කැගැහුව. දැනුත් එහෙමයි. අරමුණ රට දශමයක් හරි උඩට ගැනීම.

:       0       224

piyalTuesday, 17 October 2017 04:59 AM

ඒ කියන්නේ ගංජානම් ප්‍රශ්නයක් නෑ කියන එකනේ. සරසවි ශිෂ්‍යයෝ හෙරෝයින් වලට ඇබ්බැහි වෙන්න තරම් මෝඩයි කියල හිතන්න අමාරුයි.

:       3       15

chamari unavatuna Tuesday, 17 October 2017 10:41 AM

නිකම් බොරු බේගල් නොකියා ඉන්න ..ඔයා ගිය විශ්ව විද්‍යාලයක් නැහැ ..ගමේ ඉගෙනගන්න බැරුව රස්තියාදු ගහලා ගහලා ..අන්තිමට ඉතාලියට පැනගත්තා වෙන්නප්පුවේ මිතුරෙකුගේ උදවුවෙන්.ආපුගමන් සරණාගත විසා ඉල්ලුවා...ලැබුනේ නැහැ...කට්ට කාලා කාලා අන්තිමට සර්ජෝනයක් ලැබුණා.

:       0       0

erdi Monday, 16 October 2017 07:26 PM

ඇත්තටම ලංකාවේ තරුණ පරපුර ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනවා. කිසිම නිර්මාණශීලි හැකියා නෑ. උද්ඝෝෂණ කිව්වොත් වෙන දෙයක් ඕනෙම නෑ. ආවේගිශිලිව පාරවල්වල දඟලන්නේ මත්ද්‍රව්‍ය අරන්වත්ද?

:       386       154

Chanak Los angeles Monday, 16 October 2017 07:35 PM

රට තුලට මේවා ගෙන්වන ප්‍රධානීන් පෝරකයට යවලා බලන්න නවතින හැටි. නමුත් ඔබලා මේවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නෑ.

:       1       464

Shanaka Monday, 16 October 2017 09:34 PM

පත්තරෙන් වෙන්නැති දැනගත්තේ. මෙයා වේදිකාවේ පම්පෝරිය විතරයි.

:       0       216

MP Tuesday, 17 October 2017 02:09 AM

මේක උත්සවයකදී කථා කරන්න මාර්ථෘකාවක් පමණයි. එයින් ඔබ්බට කිසිම දෙයක් සිද්ධ වන්නේ නෑහෑ. කථාම කලා පමණයි. මත්වතුර, සිගරට් හා අනෙක් ද්‍රව්‍යයත් මේ අවුරුදු දෙකහමාරටම කථා කලා විතරයී. නිවාරණ ආයතනත් එහෙමයි - කරණ දෙයක් නෑහෑ. ටික කාලයටකට සෑරයක් සම්මන්ත්‍රණ තීයනවා. ලොකු ලොකු තනතුරු හොබවන අය ඈවිත් ලොකු ලොකු කථා කියල යනවා. දත්ත පෙන්වනවා. එච්චරයි.

:       3       96

ajith Tuesday, 17 October 2017 02:19 AM

මට හිතුන. මේ කට්ටිය මහ පාරවල දඟලන හැටි දැක්කම.

:       41       15

Chaminda Tuesday, 17 October 2017 02:31 AM

පුලුවන්නම් වහ ටිකක් බෙදාහරින්න

:       8       31

sukiri Tuesday, 17 October 2017 02:57 AM

සමාවෙන්න මෙහෙම කීවට....මේවා නිකන් කාලේ නාස්ති කරන ප්‍රකාශ.... අපිව අන්දන්ට කියන කතා. ජනාදිපති තුමනි, අර හිරේ දාල අපේ සල්ලි වලින් කන්ට අඳින්න දෙන කුඩු නූර්,පොට්ට නවුෆර්, වගේ කුඩු ඔස්තාර්ලා, එකෙක් දෙන්නෙක් එල්ලලා හෝ විදුලි සර කවල හෝ මරා දමන්න බලන්න ඕව ඉබේම නවතින හැටි. ඇයි මේ කතා අපට කියන්නේ... අපි ඡන්දෙ දීලා පාලකයෝ පත් කලේ ඕව අහ අහා ඉන්නද.?

:       0       48

Senarath Tuesday, 17 October 2017 03:53 AM

විධායක ජනපති පත්කළේ අපිට කියා කියා ඉන්න නෙමෙයි, අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණ අරගෙන රටට යහපත් දේ කරන්න.

:       0       213

hasitha Tuesday, 17 October 2017 04:08 AM

එර්දි, පාරවල් වල දඟලන අය කෙසේ වෙතත් , මෙතනට ඇවිත් උන්මත්තකයෝ වගේ අදහස් දාන උදවිය නම් මොනාහරි අරන් ඇති බව පේනවා.

:       19       37

saman Tuesday, 17 October 2017 04:16 AM

ඔව් ඉතින් ! සතොසෙන් ගෙන්නුවාට බෙදා හරින්න වැඩපිළිවෙලක් සකස් කරලා නැහැනේ ඔබතුමාගේ ඇමති තුමාලා.

:       0       223

neethigaruka pura wesiya Tuesday, 17 October 2017 04:17 AM

ජනාදි පති තුමනි ඔබ මොනවද මේ කියන්නේ ඔබ ජනපතිබව අමතක උනාද ඔබත් ඔහොම කියල ඇග බෙරගන්නවනම් අපි මොනවකරන්නද සියලු ආරක්ෂක බලතල ඔබ යටතේ තියෙද්දී.?

:       0       70

athula Tuesday, 17 October 2017 04:29 AM

ඔය නිකම් රටේ විසඳිය යුතු ප්‍රශ්න විසඳන්න බැහැ ඒවාට කෙලින් හිට ගන්න ඕන.

:       0       112

සෙනෙවි Tuesday, 17 October 2017 05:37 AM

කුඩු මුදලාලියා යැයි සැක කරන අයට දේශපාලන ක්‍ෂේත්‍රයේ ලොකු තැන් නොදී හිටිය නං නේද හොඳ ?

:       0       124

DUSARA Tuesday, 17 October 2017 05:50 AM

කුඩු ගෙන අය අල්ලන බැරිද?

:       0       0

ruchira Tuesday, 17 October 2017 05:52 AM

ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය විරෝධී කතාව නියමෙටම කට්ටියට දැනිලා තියෙනවා.

:       208       0

නුවන් Tuesday, 17 October 2017 07:14 AM

කුඩු කාරයො වද කරන්නෙ කොහොමද? එක්කෝ පොලිසියෙන් එනකොට ගිහින් බදා ගනීවි. නැත්නම් එන්න කියල ආසන සංවිධායක කම දේවි. හේතුව නම් ජනතාව දෙන්නෙ ඡන්ද විතරයි. අනිත් හැම වියදමක්ම දරන්න කවුරැ හරි එපැයි .

:       175       0

sachith Tuesday, 17 October 2017 10:06 AM

ඔබතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සේනාධිනායකයා. එහෙම මත්ද්‍රව්‍ය බෙදාහරිනවා කියල දන්නවනම් ඔබතුම ඊට විරුද්දව කටයුතු නොකරන්නේ ඇයි? සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපිමද එකත් කරන්න ඕනි?

:       0       207

vipula Tuesday, 17 October 2017 10:13 AM

2005 ට කලින් යුධ සමයේදී දේශපාලකයන් මේ වගේ එක එක කතා කියෙව්වා නමුත් යුද්දේ ඉවරකලේ කොහොමද? ඒ වගේ මේ කුඩු මත්ද්‍රව්‍ය ඉවර කරන්න අපේ රට දුපතක් නේ උවමනාව තියෙනවනම් කරන්න පුළුවන් ඔබ තුමාගේ ප්‍රකාශ වල නැහැ මේවගේ දේවල් නවත්වන්න උපාය මාර්ග. පාවිච්චිය තියෙන්නේ සැපයුම තිබුනොත් පමණයි.........

:       0       63

prakaash Wednesday, 18 October 2017 11:55 AM

මේ වගේ පුද්ගලයෙක් මොකට ජනාධිපති වුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 521 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 234 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 698 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 706 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 287 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 464 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site