IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය දිගටම

(ප්‍රින්ස්  රත්නායක)
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේදී   වෘත්තිය සමිති නියෝජිතයන්  සමඟ  අද (19)  පස්වවේ  පැවති දෙවන සාකච්ඡාවද අසාර්ථක වී තිබේ.
කොමිෂන් සභ සභාපති ,එම ලේකම් ,උප සභාපති හා උසස්  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමග විශ්වවිද්‍යාල  වෘත්ත්තීය සමිති කමිටු  නියෝජිතයන්  12ක් මේ සඳහා සහභාගී වු බව අනධ්‍යන සේවක වෘත්ත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති  එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.

මතුව ඇති ගැටළුව පිළීබඳව අදහස් දැක්වු මල්වත්ත මහතා
 “සාකච්ඡා පවත්වන්න එන්න කිව්වට ඒ අය ළඟ කිසිම විසඳුම් තිබුණේ නැහැ. අපට කිසිම යෝජනාවක් නැහැ ඒ අයගෙන්. ඊයෙ උසස්  අධ්‍යාපන ඇමැතිවරයා  කීවා අද සාකච්ඡාවට  ගිහින් එකඟතාවක් ඇති කරගන්න .මේ අය කියන්නේ බෑ. දෙන්න බෑ. අපිට යෝජනා කරන්න කියා.ඒ අයගෙ පැත්තෙන් මේ ප්‍රතිශතය දෙන්න පුළුවන් කියල කියන්නේ නැහැ. කේවල් කිරීම  කියන්නේ දෙපාර්ශවයම එකඟතාවයකට එන්න ඕනෑ. ඇමතිතුමා  කීවෙත් එකඟතාවකට එන්නෙ මුදල් අමාත්‍යාංශයේ හා කැබිනට් අනුමැතිය  ලබා දෙනනම් කියා. නමුත් මේ අය කියනවා ඇමතිතුමා  දන්නේ නැහැ තියෙන මුදල්  ප්‍රමාණය  කියලා. මේ ගැටළුව විසදෙනකල් අපි දිගටම වර්ජනය කරනවා‘



අදහස් (8)

සරසවි අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය දිගටම

namali de silva Monday, 19 March 2018 01:07 PM

මේ රටේ සල්ලි තියෙන්නේ මැති ඇමතිලව නඩත්තු කරන්න විතරයි. වෙන කිසිම දෙයකට සල්ලි නැහැ.

:       3       88

ගාල්ලේ පාල Monday, 19 March 2018 01:40 PM

මෙයාලට බැරි නම් අපි එන්නම් වැඩට...

:       39       75

සුදර්ශනී Monday, 19 March 2018 01:48 PM

ලෙක්චර්ස්ලාට පිං සිද්ධ වෙන්න විභාග තිබ්බා. අපි අවුරුද්දෙන් වැඩි හරියක් ගෙදර...

:       0       10

Romesh Jayamanna Monday, 19 March 2018 01:54 PM

මෙම අවාසනාවන්ත සත්‍යය වන්නේ මෙම සේවකයින් සඳහා අතිරේක දීමනාවක් ගෙවීමට මුදල් නොමැති බවයි. සියලුම රාජ්‍ය සේවකයින් සහ දේශපාලනඥයින් නඩත්තු කිරීම සඳහා බදු ගෙවන්නාට අතිරේක වියදම් දැරීමට සිදුවේ. සේවක ඇගයීම සහ රජයේ සේවයේ කාර්ය සාධනය නොමැතිවිට මෙම සේවකයින් සැබවින්ම වැදගැම්මකට නැත.

:       10       11

Don Monday, 19 March 2018 02:12 PM

කෙසේවෙතත් උපාධිධාරීන් මෙන්ම උපාධි නොගත් අයත් විශ්ව විද්‍යාල වල ඉන්නවා.

:       0       4

Deepthi Monday, 19 March 2018 06:21 PM

සමස්තයක් ලෙස ගත කල සරසවි අනධ්‍යන සේවකයන් යනු සුදුසුකම් වලට සාපේක්ෂව ඉතා ඉහල වැටුපක් සහ දීමනා ගන්න කොටසක්. ඒ වාගේම අනෙක් රැකියාවන්ට සාපේක්ෂව බොහෝ අනධ්‍යන සේවකයන් කරන්නේ ඉතා සුළු වැඩ කොටසක්.

:       110       562

isuru Tuesday, 20 March 2018 12:17 AM

අනෙකුත් සියලුම රැකියා වලට සාපේක්ෂව ඔවුන් උපයා ගන්නවා. ඊට අමතරව ඔවුන් අතිකාලයෙන් උපයනවා. මෙය ඉතා අසාධාරණයි

:       20       32

වාසනා Tuesday, 20 March 2018 03:38 AM

මස්රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා. අහවල් පැත්තට පයින් ගහලා කියන්නෙ වැඩට පලයල්ලා. සිසුදරුවනි පපුවට අතතියලා කියන්නෙ මේ කාලකන්නි නිසා නාස්තිවන ඔබේ ජීවිත ගැන වැඩැහිටි අපට සමා වෙන්න.

:       11       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 24 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 97 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 507 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 32 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 189 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 174 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site