IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ.

මෙරට කොරෝනා වයිරසය තත්වය පිළිබඳ ෆේස්බුක්  හරහා තොරතුරු ලැබී ඇති සදහන් කරමින් මාධ්‍යයට  ප්‍රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (29) පෙරවරු 10.40ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් නිලධාරීයෙක් පැවසීය.

ඉකුත් මාර්තු 18 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා  කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශක් කර ජනතාව තුළ අනිසි බියක් ඇති වන   ආකාරයෙන් කටයුතු කර ඇතැයි සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කරන ලද පැමිණිල්ලකට අනුව සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත්තේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



 



අදහස් (14)

සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්

indika Friday, 29 May 2020 07:17 AM

යුද විරුවන් සමරන්නද කොහෙද හදන්නේ ආණ්ඩුව? ටිකක් පරක්කු වෙලා...

:       423       862

lalFriday, 29 May 2020 08:38 AM

ලෝකයම කොරෝනා මැඩලන්න සටන් වදිනවා. අපේ රටේ ආධාර ගන්න ගිහින් මිනිස්සු මැරෙන තැනට පත්වෙලා. එදාවේල හොයාගන්න බැහැ. හෙට අනිද්දට බඩගින්නේ මැරෙයි.., සල්ලි නැතිව... මේ අතරේ වැදගත්ම දෙයක් තමයි මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ගෙනියන එක... හිරේදාන එක... මෙහෙමත් රටක්..?

:       1759       3696

Kumara Karunaratne Friday, 29 May 2020 07:26 AM

මම හිතුවා මෙදා පාරවත් විහිලු නොසපයා ඉඳීවි කියලා... නමුත් දිගටම විහිලු වලින්ම යන පාටයි පෙනෙන්නේ...

:       515       854

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 07:27 AM

මා පින්බර ලක් දෙරණේ...

:       2       84

සමිත සේනක අලුත්ගමගේ.Friday, 29 May 2020 08:06 AM

මා පින්බර ලක් දෙරණේ... නුඹ කොහි යනුදැයි නොදැනේ...

:       0       391

janis Friday, 29 May 2020 07:31 AM

කටවල් ටික වහල ඡන්දෙට යන්න වගේ.... හරි හරි ඔහොම යමුකෝ...!!!

:       2052       2491

indika Friday, 29 May 2020 08:18 AM

ජනතාව බලාපොරොත්තු වුනේ මහබැංකු මංකොල්ලය, අවසානේ හොරු ආණ්ඩුව ඇතුළට. රට බේරාගත් රණවිරුවෝ කූඩුවට...

:       2436       5038

de silva Friday, 29 May 2020 08:59 AM

මේ වැඩෙන් හැමෝටම අමතක වෙලා ඉන්න සරත් ෆොන්සේකාට අනිවාර්යයෙන් වැඩි මනාප 5000-10000 ප්‍රමාණයක් නිකන්ම ලැබෙනවා.

:       98       612

සරත් Friday, 29 May 2020 09:19 AM

ඉතාමත් කටුක අත්දැකීම් ලබමින්, ජීවිතය පරදුවට තබා, යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට දායකත්වය ලබාදුන් අභීත රණකාමියෙක් ලෙසයි අප ඔබව දකින්නේ... ඔබ මෙහිදී එක් අවස්ථාවක හෝ පසුබට වුයේ නැත. ඔබට ජය...!!!

:       5       817

sas Friday, 29 May 2020 09:31 AM

ෆොන්සේකා මහතාට විරුද්ධව පැමිණිල්ල කරපු මිනිහා කවුද කියා බලන්න.

:       62       243

Galapara Friday, 29 May 2020 09:43 AM

කොරෝනා අස්සේ මේ කරන විගඩම් දැක්කම හිතෙන්නේ... දේශපාලනය කොයිතරම් අපේ රටේ බංකොලොත් වෙලාදකියල.. ඉස්සෙල්ලා පරණ රෙජීමය පැරදිලා ගෙදර ගිහිල්ලා... ආපහු එනකොට අපි හිතුවේ අලුත් නායකත්වය යටතේ හොඳ ගමනක් යයි කියලා. දැන් බැලුවම පරණ එකේ කාබන් කොපියමයි. අපි හිතපු වෙනස හීනයක්ම පමණයි.

:       233       1556

wedage Friday, 29 May 2020 10:59 AM

ජීවිතකාලයක් යුද්දේ කරපු මව්බිම වෙනුවෙන් රුධිරය පූජාකරපු මේ විරුවාගෙන් පැයක කාලයක් ප්‍රශ්න කරපු එකනම් හොඳටම මදි..

:       12       341

Ajith Friday, 29 May 2020 11:06 AM

ලංකාවේ ඉපදී සිහිනයෙන් අවදිවූයේ ඇයිද, දිගටම සිහින ගත වන්න..

:       0       228

Nandalal DE SILVA - France Friday, 29 May 2020 11:25 AM

"සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් ගත්තා "කියන්නේ ඒක එතරම් වැදගත්.., සලකා බැලිය යුතු, වටිනා කියන චෝදනාවක් නොවන බවයි...! එතුමාගේ පැරණි කැබිනට් ඇමති සගයන් පැය ගණන් මඩව මඩවා ප්‍රශ්න කිරීමත්, මෙතුමාට පැයකින් නිදහස් සුවය විඳීමට අවස්ථාව ලැබුණා කියන්නේ පොලිස් නිලධාරීන්ට වුණත් මෙවැනි සෙප්පඩ විජ්ජා, ප්‍රෝඩා තිත්තවී තිබෙන නිසායි.. කවුද එතුමාට එරෙහිව මෙවැනි අභූත චෝදනා ඉදිරිපත්කර එතුමා අපහසුතාවයට පත් කරන්න වලිකන්නේ? ඡන්දෙ අතළඟ එන නිසා වෙන්නත් පුළුවන් නේද?

:       27       204

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 451 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 866 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 640 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1491 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2989 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1923 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site