IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විදේශයෙන්

( තිළිණි ද සිල්වා )
 
මෙරට වෙබ් අඩවි කිහිපයකට ඉකුත් දා එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස් ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටී.

ඒ අනුව පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස් ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වැනි දා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බවට තහවුරු වී ඇතැයි  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා පැවසීය.

මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි  99 % ක්ම යළි යථා තත්ත්වයට පත් කර ඇතැයි ද එක් වෙබ් අඩවියක් පමණක් යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.

වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වුව ද, ඉන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බව අනාවරණය වූ බවද  ඔහු කීය.

පසුගිය ඉරිදා ( 19 ) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට තේ පර්යේෂණායතනය , රජරට විශ්ව විද්‍යාලය පෞද්ගලික ආයතන කිහිපයක ඇතුළු වෙබ් අඩවි 10කට බලපෑම් එල්ල වූ අතර ඒ අතරට කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.

මේ අතර රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දීමට පියවර ගෙන තිබේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කර සිටී.



අදහස් (1)

සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විදේශයෙන්

වීරවිජේ Thursday, 23 May 2019 11:50 AM

ගෝලිය ‌‌ග‌ෝලිය... හා හා හා.. ඔය යකාට ‌ග‌ෝලීය නම් ‌ඝෘජුකෝණාඝ්‍රයක් වුණත් කමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 590 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 342 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 196 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 149 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 271 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 463 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site