IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ

(විනීතා එම් ගමගේ)

සයිටම් ආයතනය රජයට පවරා ගත් බව කියමින් ජනතාව රැවටූවත්  ජනවාරියේ නවක සිසුන් බඳවා ගැනීමට සයිටම් ආයතනය හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවක දී රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ  සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව හෙළිදරව් කළේය.

සයිටම් ආයතනය රජයට පවරා ගෙන නැති බවත් සිදුවී ඇත්තේ ලංකා බැංකුවට සින්න වීමට ගිය සයිටම් ආයතනය බේරා, සයිටම් මුදලාලි ගොඩ දැමීමට මුදල් පොම්ප කිරීමක් පමණක් බවත් රත්නායක මහතා සඳහන් කළේය. 

විශ්ව විද්‍යාල ආචාර්යවරු ලබා දුන් සමබර හා සාධනීය විසඳුම මත සිට වහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් මෙතෙක් සයිටම් ආයතනයට එරෙහිව කළ සියලු විරෝධතා අභිබවා දැවැන්ත විරෝධතාවකට යන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 
‘‘සයිටම් අර්බුදය ආරම්භ වුණේ වංචා සහගත වැඩ නිසා. අධ්‍යාපනයේ හර පද්ධතිය, නීතිරීති කඩ කරගෙන, දේශපාලන බලය මත මේක ස්ථාපිත වුණේ. ආණ්ඩුවේ බලධාරින් වංචාවට එරෙහි විය යුතු නමුත් ඒක සිද්ධ වුණේ නැහැ“ යයි පැවසූ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගම් සභාපතිවරයා....

“සයිටම් ආරම්භයේ දි පුවත්පත් දැන්වීම් දැම්මේ වෛද්‍ය සභාව අනුමත උපාධියක් ලබා දෙනවා කියලයි“

“අහිංසක දූ දරුවන් 900 ක ගේ මුදල් රුපියල් ලක්ෂ 120 බැගින් අයකර ගත් මේ වංචාකාරින්ව බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම විසින්ම රැකගත්තා. විරුද්ධ පක්ෂයේ සිටිද්දි සයිටම්ට විරුද්ධ වූ දේශපාලඥයින් බලයට ආ ගමන් සයිටම් මුදලාලිගේ ඔඩොක්කුවට වැටුණා.“  යයිද පැවසීය. 

“මේ අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. වෛද්‍ය පීඨ සියල්ලම මාස 9 ක් තිස්සේ අක්‍රීයයි. මේ නැවතී ඇත්තේ වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලියයි. අද වනවිට සිමාවාසික වෛද්‍යවරු නැහැ. වාට්ටුවල  සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් අරන් සේවා ස්ථානවලට යන්න විදියක් නැහැ. මේක දුෂ්කර ප්‍රදේශවලට බලපානවා. මේ වසරේ වැඩිම උද්ඝෝෂණ ගණනක් සිදුවුණේ සයිටම් ආයතනයට විරුද්ධවයි.“

‘ලබන සඳුදා යළිත් සයිටම් ආයතනය පිළිබඳ විසඳුමක් ඉදිරිපත්  කරන බව කිව්වා. නමුත් ජනතාවාදී නැත්නම් ඒ කිසිම විසඳුමක් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. සෑම මට්ටමක්ම එක්ව සයිටම් අහෝසි විය යුතුයි කියන තැන ඉඳන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහාචාර්යවරු පවා එහෙම කිව්වා. සයිටම් අහෝසි කිරිම හැර වෙනත් විසඳුම් භාර ගන්න අපි සුදානම්  නැහැ“යැයි ද රත්නායක මහතා පැවැසිය. 



අදහස් (30)

සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ

chandana Friday, 20 October 2017 12:58 PM

1. සයිටම් රජයට පවරා ගත්තේ නැත. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය විසින් බදු ගත්තා. 2. "අහිංසක දූ දරුවන් 900 ක ගේ මුදල් රුපියල් ලක්ෂ 120 බැගින් අයකර..." නැත, පළමු බැච් එකේ සිට අය කරගත්තේ ලක්ෂ 120 බැගින් නොව ඊට වඩා බොහෝ අඩු මුදලකි (ලක්ෂ 58 සිට ඉහලට). සමහර ළමයින්ට පූර්ණ ශිෂ්‍යත්ව දී ඇති අතර තව බොහොමයක් ළමයින්ට අර්ධ ශිෂ්‍යත්ව දී ඇත. බොරුවට මාධ්‍ය සාකච්ඡා පවත්වා බොරු ප්‍රචාරය කිරීමෙන් වලකින්න. එවිට ඔබේ වෘත්තියේ ගෞරවය රැක ගත හැක.

:       7277       7257

gihan Friday, 20 October 2017 01:31 PM

අධ්‍යාපනය අයිතියක්... එය මුදලට නොව දක්ෂතාවයට දිය යුතුමයි. කාටත්ම සල්ලි තිබේ නම් එය මුදලට දීමේ වරදක් නැත. එහෙත් අපි කොහෙද..... හොර රැලක පාලනයක්...

:       440       737

aravinda Friday, 20 October 2017 01:42 PM

සයිටම් ආයතනය වසා දමනවානම්, රටේ අනිකුත් පුද්ගලික අංශයේ උපාධි ප්‍රදානය කරන ආයතන සියල්ලත් වසා දැමිය යුතුයි. එබැවින්, එය කෙසේත් සිදු විය යුතු නැති, මෝඩ අදහසකි. මතක තබා ගත යුතු කරුණ නම්, රටේ අධ්‍යෘපන ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු රජය මිසක්, ශිෂ්‍යයින් හෝ අනිකුත් සමිති සමාගම් නොවන බවයි. රටක අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ රටේ උගත් පරපුරක් බිහි කිරීම සඳහා වාතාවරණයක් ඇති කිරීමයි. එයට සියලු ක්ෂේත්‍ර වලට අයත් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමේ කිසිම වැරැද්දක් නැත.

:       2497       2489

රුවන්Friday, 20 October 2017 02:56 PM

වෛද්‍යවරුන්ගේ තීරණ මත රෝගීන්ගේ ජීවිත රැඳිලා තියනවා. ඒ නිසා අනාගත වෛද්‍යවරු බිහි කරන එක මේ වගේ ප්‍රමිතියක් නැති තක්කඩි රැලකට කොහෙත්ම බාර දෙන්න ඕනෑ නැහැ. රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු රජය. හැබැයි රජය කරන්න ඕනෑ මහ ජනයාට ඕනෑ දේ. මම හිතන් නෑ කිසිම මිනිහෙක්ට ඕනි කියල ප්‍රමිතියක් නැති හොර දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් මැරෙන්න..

:       1197       1481

ranjithFriday, 20 October 2017 05:18 PM

රුවන් ඉතින් අපි උද්ඝෝෂණයක් කරමුකෝ සයිටම් එකේ ප්‍රමිතිය වැඩි කරන්න කියලා... කරමුද? හාද? කරයි මෙන්න කියලා, මට ඉතින් රුවන් වගේ අයට කියන්න තියෙන වචන ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බෑ.

:       659       648

aravindaFriday, 20 October 2017 05:49 PM

රුවන්, ඔබ සඳහන් කර පරිදි "හැබැයි රජය කරන්න ඕනෑ මහ ජනයාට ඕනෑ දේ" යන්න නිවැරදියි. මා දන්නා තරමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ සංධානය යන, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ තුන, රටේ පුද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන ඇතිවීම ගැන පක්ෂයි. අනිකුත් සුළුතරයක් නියෝජනය කරන පක්ෂ වල ස්ථාවරය නොදනිමි.

:       3       178

aseSaturday, 21 October 2017 05:29 AM

දොස්තරලා කියන්නේ සියලු මහජනතාවද ??? ඔය මැරෙන ලෙඩ්ඩු ඔක්කොම සඉටම් එකෙන් අපු දොස්තරලගෙන් බෙහෙත් ගත්තු ඇයද ?? බොරුවෙන් ඔබලාගේ හෙළුව වහගන්න එපා.

:       419       440

Kumara (Galf)Friday, 20 October 2017 05:44 PM

මහජන ඡන්දයෙන් පත් වුණා යැයි කියන මේ රජය අධ්‍යාපන ප්‍රතිපත්තිය රැකීම කෙසේ වෙතත් සයිටම් හොර නඩේ රකින්න යන නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ. එ්කත් ඔබතුමා හොඳට මතක තබා ගත්තොත් හොඳයි.

:       204       322

Kamal Friday, 20 October 2017 02:08 PM

මෙයාලා දත් දොස්තරලද නැත්නම් රහස් පරීක්ෂකයෝද?

:       562       417

Kumara (galf)Friday, 20 October 2017 05:39 PM

ඇත්ත කියන්න රහස් පරීක්ෂකයෝ වෙන්නම ඕනේ නැහැනේ කමල්. එ්ක නිසා මේවට අදහස් පල කරද්දී මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉන්න.

:       11       163

රුවන් Friday, 20 October 2017 02:45 PM

ආරම්භයේ සිටම වන්චාව, හොරකම හා තක්කඩිකම තමයි ආදර්ශ පාඨය කරගත් පුද්ගලික සමාගමකට අහිංසක රෝගීන්ගේ ජීවිත බිලි ගැනීමට කිසි ලෙසකත් ඉඩ නොදිය යුතුය. මෙවැනි පිරිසකගෙන් ප්‍රමිතියක් බලා පොරොත්තු වීම තරම් විහිලුවක් තවත් නැත.

:       744       1017

peterSaturday, 21 October 2017 08:29 AM

රුවන්, සයිටම් වහමු. දැන් වෙනත් මුදලාලි කෙනෙක් ඔක්ස්ෆෝර්ඩ්, කේම්බ්‍රිජ් හෝ හාවඩ් එක්ක එකතු වෙලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගත්තොත් ඔබ එයාටත් විරුද්ධද?

:       66       185

Samapath Friday, 20 October 2017 04:06 PM

ළමයි නොගත්තොත් කොහොමද සල්ලි මලු බෙදන්නේ...

:       222       341

ප්‍රීති Friday, 20 October 2017 04:33 PM

ඔන්න බබෝ සයිටම් බිල්ලා එනවෝ.. අඬන ළමයි ඔක්කොම අල්ලන් යනවෝ...

:       117       192

sas Friday, 20 October 2017 04:47 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයි කියන දොස්තරලා පුද්ගලික රෝහල් එපා කියන්නේ නැත්තේ මොකද?

:       1257       1518

aseSaturday, 21 October 2017 05:30 AM

සල්ලි ළමයෝ සල්ලි තු මෙහෙමත් ඇයො !!!!

:       4       121

ජග් Friday, 20 October 2017 04:50 PM

අප්පට සිරි "සයිටම් රජයට ගත්තෙ නෑ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බදු ගත්තා",දැන්ද ඕක කියන්නෙ? මෙච්චර කල් ටී.වී. එකේ දාපු ඇඩ් වල දැක්කේ රෝහලක් නෙමේ මුළු සයිටම් එකම රජයට ගත්තා වගේ කථාවක්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන හරියට දැනුවත්ව ඉන්න නැතුව ඇති. අනික සෞඛ්‍ය ඇමතිතුමත් කොහොමද වැඩේ කරල ඇවිල්ලා කිව්ව කථා. එදත් කිව්වා නම් හොඳයි නේද නෙවිල් ප්‍රනාන්දු රෝහලත් සින්නක්කර ගත්තේ නෑ. බද්දටයි ගත්තේ කියලා ගොඩක් මිනිස්සු රැවටෙන්න කලින්....

:       490       562

අල්විස් Friday, 20 October 2017 05:02 PM

චන්දන මහත්තයා මේ සම්මුඛ සාකච්ඡාවේ මතුකරලා තියෙන සයිටම් ආයතනය කරලා තියනවා කියන වැරදි මොනවද නේද? ඔබතුමා මතුකරලා තියන ඒවත් එක්ක. රජය ළමයි ගන්න එක නැවත්තුවා කියද්දිත් ඊට උඩින් ගිහිල්ලා ළමයි බඳවාගන්න එක.. වෛද්‍ය සභාව පිළිගන් නෑ කියනකොට ඊට උඩින් ගිහිල්ලා පිළිගන්නවා කියලා ඇඩ් දාල ළමයි බඳවාගන්න එක, ඒවා මොනවද නේද? අර තමන්ම වෙඩි තියාගත්තුව එහෙම..

:       135       217

de silva Friday, 20 October 2017 05:48 PM

මේ සයිටම් එක දැනට අවරුදු 7-8 පෙර රජයේ අනුමැතිය ඇතිව පටන් ගත්ත ආයෝජන මණ්ඩලයට අයත් ව්‍යාපෘතියක්... දොස්තර සංගමය දැනට අවුරුද්දකට පමණ පෙර පටන් එකවර නින්දෙන් නැගිට්ටා වගේ මේක වහන්න කියලා උඩ පැන්නට මේක වහන්න හෝ රාජසන්තක කරන්න රජයට බැහැ. රජය එහෙම කරනවා නම් නෙවිල් ප්‍රනාන්දුට පුළුවන් මෙරට අධිකරණයේ හෝ ජාත්‍යන්තර අධිකරණයක පිහිට පතන්න (මෙවැනි සිධියක් හෙජින් ගනු දෙනුවේදී වුන අන්තිමට රජයට සිධු වුන සිංගප්පුරුවේ අධිකරණය ක අණ පරිදි අගතියට පත් සමාගමට විශාල වන්ධියක් ගෙවන්න ) එහෙම වුණොත් රජයට සිදුවෙනවා විශාල වන්දියක් නෙවිල් ප්‍රනාන්දුට ගෙවන්න සිද්ද වෙනවා. මෙම මුදල් ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාව වන අපිට දොස්තර සංගමයට නොවේ. මේ ගොල්ලන් මුලින්ම මේක පටන්ගත්ත ගමන්ම විරෝධතා පලකලා නම් මේක මෙච්චර ඔඩු දුවන්නේ නැහැ.

:       346       370

Bimal Saturday, 21 October 2017 06:03 AM

ඇයි උසස් පෙළ ටියුෂන් කඩ වහන්න නොකියන්නේ? මෙතන ප්‍රශ්නය ප්‍රමිතිය නම් හැම ටියුෂන් පන්තියක්ම නියමිත අධ්‍යාපන ප්‍රමිතියෙන් යුක්තද? මෙතන තියෙන්නේ සයිටම් නෙවෙයි කවුරු හරි වෙන කොහෙන් හරි ඉගෙනගත්තත් ලේ කෝප වෙන උගත්කමේ කුහකත්වයයි !

:       15       98

Kumari Saturday, 21 October 2017 08:30 AM

ලංකාවේ පෙර පාසලේ ඉඳලම ප්‍රමිතියක් ඇතිකළ යුතුයි. එහෙම නොවුනොත් අපිට හැමදාමත් වෙන්නේ පිටරැටියන්ගේ ගෙවල්වල බැල මෙහෙවරකම විතරයි.

:       0       24

de silva Saturday, 21 October 2017 12:43 PM

ලංකාවේ මුදල් ගෙවා ඉගෙන ගන්න පුද්ගලික අධ්‍යාපනය නවත්වනවා නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පටන්ගෙන බැහැ. 5 ශිෂ්‍යත්ව පන්තිවලින් පටන්ගෙන අපෝස සාමාන්‍ය පෙළ උසස්පෙළ දක්වා සියල්ල තහනම් කල යුතුය. රුසියාවේ, ඉන්දියාවේ ඉගෙන ගෙන එන දොස්තරලට ඇක්ට් 16 එක ලියලා ලංකාවේ සේවය කරන්න පුළුවන් නම්..., අපේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්වපු හෝ දැනට උගන්වන මහාචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්න සයිටම් එකේ ළමුන්ගේ ප්‍රමිතිය නරක් වෙන්නේ කොහොමද?

:       141       118

PerakumSaturday, 21 October 2017 04:03 PM

වැඩේ හරි සිම්පල් නේ. මේ ගොල්ලන්ටත් කියමු act 16 ලියන්න කියල. එතකොට අපේ GMOA කට්ටියට පුළුවන් ටියුෂන් දීල බදු රහිත අදායමක් ලබාගන්න. එක්කොම උද්ඝෝෂණ එතනින් ඉවරයි.

:       0       16

DamSunday, 22 October 2017 02:16 AM

සිල්වාගේ කවුරුහරි සයිටම්යි එකේ ඇති එකයි අඩන්නේ ..... මෙතන ප්‍රශ්නේ ආයතනේ ප්‍රම්තිය.....මුදල්මත උපාධිය දිම.....නිසි ලෙස විභාග අධීක්ෂණයක් නොවිම.....දුර්වල සායනික පුහුණුව, උසස් පෙළ දුර්වල සාමාර්ථ ලැබු ළමයි බදවා ගැනිම, ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල 300 යකින් මෙය පිළිගන්නේ 20 පමණි, පසුව ඔවුන් මෙහේ විභාගයෙන් පසුව සේවය ට බදවා ගනි, මෙම විභාගය සමත්විම 10%-15 % , මහාචාර්ය වරු පඩි ගෙවා ගත්තට හොර කඩයක්නම් පලක් නෑත..

:       0       21

pathiraja Saturday, 21 October 2017 04:50 PM

පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මගේ එකම පැතුම මගේ පුතා හොද පුරවැසියෙක් කරන්න අනුන්ට ගරුකරන.

:       0       0

Perera Sunday, 22 October 2017 01:38 AM

කෝ මේ GOMA එකේ කට්ටිය???? ඔන්න තව පොටක් වැඩ වර්ජනයක් කරලා අසරණ ලෙඩුන්ව අමාරුවේ දාන්න.

:       25       45

සුනිල් Sunday, 22 October 2017 01:51 AM

ආයතනයක ගුනාත්මක භාවය අන්තර්ජාතික මට්ටමට ගෙන ඒමේ වගකීම රජයක් සතුයි. දැනට ලන්කාවේ එවන් ආයත්න ඇත්තේ අධ්‍යාපය හා සෞඛ්‍ය යන ක්ශෙත්‍ර පමනයි. ඒවා කලාපීය හා අන්තර්ජාතික දර්ශක වල ඉදිරියෙන්ම සිටී. ඒ අනූව යම් කිසි වෙනසක් ප්‍රථමයෙන් ම කල යුතු වන්නේ රටේ අනෙකුත් ක්ශෙත්‍ර තුලයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය ව්‍යාපාරයක් කර ගතහොත් අප එම දර්ශක වලින් ඉන්දියවටත් වඩා පහලට වැටෙනු නොඅනුමානය

:       0       21

jayampathi Sunday, 22 October 2017 08:43 AM

හොර රහසේ සම්මුඛ පරික්ෂණ පවත්වනවා? මේවා ඔක්කොම තුට්ටු 02 මඩ ප්‍රචාර. උසස් අධ්‍යාපන පනත යටතේ කිසියම් ආයාතයකට උපාධි පිරිනැමීමේ බලය දීම උසස් අධ්‍යාපන විෂයභාර ඇමති සතුයි. එය වෛද්‍ය සංගම් සතු නොවේ. ඔවුන් වැටුපට වැඩ කරන රජයේ සේවකයන්! මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය එයට අනුව පිහිටවනු ලැබුවක් බව දන්ත වෛද්‍ය සංගමය අවබෝධ කර ගත යුතුය.

:       0       0

Nuwan Sunday, 22 October 2017 09:35 AM

කිසිඳු පිළිගැනීමක් නැති, අන්තර්ජාතිකච අසාදුගත ආයතනයකට තවත් තමන්ගේ ළමයි යවන්න හිතන මාපියන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කර ප්‍රතිකාර කල යුතුයි.

:       0       13

erangaMonday, 23 October 2017 06:43 AM

මෙන්න තව ගිරවෙක්. නොදන්නා මගුල් කතා නොකර ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 987 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 197 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1138 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1176 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1437 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1282 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site