IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය. 

ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත. 

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන 1000 ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය

- 044

 



අදහස් (18)

සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට

Sanath Wednesday, 21 February 2018 07:43 PM

මේක තමයි මගේ හිතේ තිබුනෙත්. මේ සමගම සයිටම් රෝහලත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීටයට පවරගත්තොත් ප්‍රශ්න සියල්ලක්ම විසඳෙනවා විතරක් නොවෙයි වෛද්‍ය විද්‍යාව හදාරන්න කැමති දක්ෂ සිසුවන්ට පිට රටවල් වලට ගිහිල්ල ඉගෙනගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

:       558       510

දිමුත්Thursday, 22 February 2018 08:33 AM

ඉතාමත්ම කදිම යෝජනාවක්!

:       0       3

විකුම් රංගන Wednesday, 21 February 2018 08:19 PM

ගරු, ජනාධිපති තුමෙනී, ඔබ තුමාට මතක ඇති එදා, ඔබ තුමාව ජයග්‍රහණය කරා රැගෙන ආවේ මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර බව. එත්, ඔබ තුමා මේ වෙනතෙක් සවන් දුන්නේ, මහපාරේ රිලා නැටුම් නටන නරි රැලකට. එහි ප්‍රතිපලයත් හරිම රසවත්නේ? ඉතාම සුළු ප්‍රශ්නයක් විසඳන්න ඔබ තුමා වැයකළ කාලය ඔබ තුමාට වැදගත් නොවුනට මේ රටේ සමස්ත තරුණ පරපුරට එය කල්පයක්? සයිටම් සිසුන් පමණක් නොවේ, වෛද්‍ය අධ්‍යාපනය සඳහා මේ රටෙන් පිටවූ සිසුන් හා එම සිසුන් හරහා විදේශ රටවලට වැයකළ මුදල්? තරුණ සිසුන්ට විදේශ රටකදී මුහුණ පාන්න වෙන කටුක අත්දැකීම් හා අපහසුතා? මේ සෑම දේටම ඔවුන් ඔබ තුමාව මතක් කරන්න ඇති. රටේ උගත් තරුණ පරපුර ගැනත් කල්පනා කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ රටේ තරුණයින්ට, වෛද්‍ය අද්‍යාපනය හැදෑරීමේ අයිතිය මීට වසර කීපයකට ප්‍රථම තහවුරු කළා. ඔබ තුමා එය ප්‍රමාදවී හෝ අවබෝධ කර ගත් එක ගැන අපි සතුටු වෙමු!!

:       7       222

කරුණාපාල Wednesday, 21 February 2018 09:33 PM

ඉතාම හොඳ වැඩක්. එත්, ඉතින් "අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වැහුවා වගේ "වැඩක් තමයි. මේ ආයතනයේම පිටරට සිසුන්ට වෛද්‍ය අද්‍යාපනය ලැබීමේ අයිතිය ලැබිලා අපි දැනගෙනත්, ගොඩක් කල්. කොහොමත් ඉතින් ජාතියක් ලෙස අපි ඉන්නේ අනෙක් ජාතීන්ට වඩා බොහෝ පසුපසින්නේ. ප්‍රමාද වී හෝ ගත් තීරණය අපේ අනාගත පරපුරට වැදගත්. අපේ රටේ බොහෝ අය තීරණයක් ගන්නේ නැතිව කන කහ කහා ඉන්න වෙලාවට, කනේ පාරක් වැදුනම තමයි නිවැරදි තීරණය ගන්නේ?

:       1       61

ranjith Wednesday, 21 February 2018 11:23 PM

මීට පස්සෙත් තව එකක් අල්ලාගෙන උත්ගොෂණ පටන් ගනීවි

:       2       52

lalithsjm Thursday, 22 February 2018 01:34 AM

මුලික අද්යාපන සුදුසුකම් බලන එක හරිම වැදගත්

:       0       81

Gihan Thursday, 22 February 2018 02:01 AM

ඉතා හොඳ තීරනයක්. සයිටම් එක කොතලාවල ඇකඩමියට ඒකාබද්ධ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. නිකන්ම සල්ලි වලට විතරක් නොගෙන හැකියාවත් බලන්නම ඕනේ. නැත්තන් මැරෙන්නේ අහිංසක ලෙඩ්ඩු.

:       36       64

Upali Thursday, 22 February 2018 02:28 AM

මේ තරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් කොතලාවල වෛද්‍ය පීඨයට ඔරොත්තු දෙන එකක් නෑ. ඒක හින්ද කොතලාවල වෛද්‍ය පීඨයේ ශාඛාවක් මාලබේට ගෙනියන්න කියල මම යෝජනා කරනවා.

:       31       127

Chandra Thursday, 22 February 2018 02:34 AM

එකේ ප්‍රමිතිය ගැන අන්තරේගෙන් විමසුවද දන්නේ නැහැ . අන්තරේ ප්‍රමිතිය අපිට ඉස්පිරිතාලෙට ගියාම හොදට පේනවා .

:       804       770

SadunThursday, 22 February 2018 03:54 AM

ලියන්න නිදහස තිබුන පලියට මෝඩ කතා ලියන්න එපා. මේ වගේ අදහස් වලින් තමන්ගෙ මෝඩ කමයි පේන්නෙ. අන්තරේ ළමයින්ගෙ මොකද්ද තියෙන සම්බන්ධෙ රෝහල් එක්ක. ඒ ළමයි ප්‍රශ්න කරන්නේ අද්‍යාපනය ගැන මිසක් රෝහල් වල පරිපාලනය ගැන නෙමෙයි.

:       502       574

NihalThursday, 22 February 2018 07:45 AM

සමහර මෝඩයන්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්න තරම් බුද්ධීයක් වැඩිල නැත්තන් කරන්න දෙයක් නැහැනේ. ඒක නිසා මේ වගේ මිනිස්සුන්ට මුලින්ම කියල දෙන්න වෙයි අන්තරය කියන්නෙ මොකද්ද, ජි එම් ඕ කියන්නෙ මොකද්ද, රෝහල් වල පරිපාලනය කියන්නෙ මොකද්ද, අද්‍යාපනය කියන්නෙ මොකද්ද, වෛදය අද්‍යාපනය කියන්නෙ මොකද්ද කියන දේවල්. නැත්තන් ඔබතුමාල කියන දේවල් තේරුම් ගන්න තරම් බුද්ධි මටටම්ක් හැදෙනකන් ඉන්න වෙයි වගේ. අපි නම් ඔබ තුමා එක්ක 100% එකගයි.

:       0       132

ලසන්තThursday, 22 February 2018 04:00 AM

අන්තරෙන් විතරක් නෙවෙයි ජි එම ඔ ඒ ලොක්කන්ගෙනුත් එකෙනුත් අහන්න වෙයි නේද?

:       215       126

PrabaThursday, 22 February 2018 05:34 AM

ඔබතුමා කියන ඉස්පිරිතාලේ මොකක්ද? ලංකාවේ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ අපරිමත කැපවීම නිසා.....දොස්තරලා නර්ස්ලා පිටරට ගියොත් ලංකාවේ වගේ දහගුණයක් පඩි ගන්න පුලුවන්...ඒ කැපවීමට සමච්චල් කරන්න එපා....

:       223       254

ලසන්ත Thursday, 22 February 2018 03:37 AM

මම හිතන විදියට නම් ජනාධිපතිතුමා හැටියට මේ වසර කිහිපයේදී අසරණ දරුවන් දහසක් වෙනුවෙන් මෙතුමා ගත් හොඳම තීරණය මෙයයි

:       62       66

සතයපාල Thursday, 22 February 2018 06:09 AM

වෛද්‍ය අධයාපනය වැනී මනුෂය ජීවිතවලට තදින්ම බලපෑම් කරන වෘත්තීන් සදහා ආධුනිකයන් බදවා ගැනීමේදී ඉහලම සුදුසුකම විය යුත්තේ අනිවාර්යෙන්ම, ඉහල සාක්ෂරතාවයකින් හා උසස් බුද්ධි මට්ටමකින් යුත් පිරිසක් බවට අවිවාදිත කරුණක් වන අතර ඒ සදහා දැනට පිලිගත් හා එකම නිර්නායකය වන්නේ අ.පො.ස. උ.පෙ. සමාර්තය වේ එ අනුව උ.පෙ.ජීවවිදයා අංශයෙන් ඉහලින්ම සමත් පිරිස වෛදය විදියාව හැදෑරීමට තෝරා ගැනීම අනිවාර්ය වගකීමක් වන අතර එය මුදලට හෝ වෙනයම් කරුණකට යට කිරිම මිනිස් ජීවීත අනතුරේ හෙලිමක් වන අතර මූදලට වෛදය අධයාපනය විකිණීමට පක්ෂ අයවලුන් මේ සහාසික අපරාධයේ වගඋත්තරකරුවන් වනු ඇත.

:       11       119

lankaThursday, 22 February 2018 07:22 AM

ඉතින් සත්‍යපාල දැන් ගන්නේ ඉහළම සුදුසුකම් ලබපු අය නොවෙයිනේ .ඉහළ ප්‍රතිඵල ලැබූ අය ගෙදර ඉන්නවා පහළ ප්‍රතිඵල තියෙන අය දිස්ත්‍රික් කෝටා ක්‍රමයට වෙද්‍ය විද්‍යාලයට යනවා.

:       0       243

දාවිත් Thursday, 22 February 2018 07:34 AM

මේ සලිල්කාර පුත්තුන්ට මේ තනතුරට මෙච්චර ආසාද? සල්ලි සල්ලි සල්ලි.. කෝටි 1.20 වියදම් කරලනෙ තියෙන්න‍ෙ.... කොහොමහරි මේ සල්ලිකාර කුණු අම්මල තාත්තතලා එක්ක ඪිල් එකක් ගහන්න ඇති 2020 ජනාධිපතිවරනෙට ඡන්ද ගන්න...

:       100       142

කරුණාපාලThursday, 22 February 2018 02:29 PM

දාවිත් කියන නමේ අරුතවත් නොදැන නම අහුලා ගත්තු හාල්පාරුවෙක් ගොඩක් උත්සහ කරලා සිංහ නාදේ දැම්මට, පිටට ඇහෙන්නේ නම් නරි නාදේ? දෙකේ පන්තියේ ළමයෙක් උසස් අධ්‍යාපනය ගැන හිතන්නේ, කඩේට ගිහින් මුදල් දීලා ටොපි ගන්නවා වගේ කියල ඔබ ලියලා තියන රසවත් කතාවෙන් අපට පැහැදිලි වෙනවා. ඒ වගේම ඔබ තුමාගේ පාසල් ශේණිය අනුව නම්, ගණන් ටීචර් ගෙන් ලකුණු 99ක් වත් මේ කතාවට ලැබෙනවා ෂුවර්!! කරුණාපාල

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට-සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 110 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 351 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 837 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 210 1

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 362 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1712 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site