IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිටම් සිසුන් 982ක් කොතලාවලට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (20)  සංශෝධන සහිතව සම්මත විය.

 
පනත් කෙටුම් පත උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ  මහතා විසින්  විවාදය සඳහා ඉදිරිපත් කෙරිණි.
 
පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අදහස් දැක්වු  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් සිසුන් කොතලාවල පීඨයට ඇතුළත් කළ පසු සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව ප්‍රකාශ කළේය.
 
ඒ ආයතනයට මින් පසු වෛද්‍ය උපාධිය නිකුත් කළ නොහැකි බව කී ඇමතිවරයා ඊට අදාළ වගන්ති මේ පනත් කෙටුම්පතට ඇතුළත් කළ බවද පැවසීය.
 
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම මේ පනතට පක්ෂව අදහස් දැක්වීම වි‍ශේෂයකි.මැතිසබයෙදී සවස 1:30 ට පමණ ආරම්භ වුණු විවාදය සවස 6 : 30  දක්වා පැය 05 පුරා පැවැත්විණි.



අදහස් (8)

සයිටම් සිසුන් 982ක් කොතලාවලට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

sanath Wednesday, 20 June 2018 06:23 PM

මට නම් හරිම සන්තෝසයි. පරණම සයිට්ම් ළමයි අවුරුදු 10 කට අසන්න කාලයක් හිතේ දෙගිඩියාවෙන් තමයි ඉන්න ඇත්තේ. එයාලට හැම පැත්තේම පහර ගැහුවත් නොසැලී තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගිය ආකාරය ප්‍රසංශනීයයි. මොවුන්ට තවත් කල් නොයවා ඉතිරි වෛද්‍ය අධ්‍යාපන කටයුතු අවසන් කොට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වේවායි ප්‍රර්ථනා කරමි.

:       59       41

ධනුෂ්ක Thursday, 21 June 2018 01:22 AM

ඔය එක්කම වෛද්‍ය උපාධිය හදාරන්න පුලුවන් අවම කඩඉම ලෙස සී තුනක් ලෙස සංශෝධනය කරන්න.එ් කාලේනම් එස් තුනක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නමුත් එ්කාලේ වගේ නෙමේ දැන්.

:       0       40

JAJEThursday, 21 June 2018 04:17 AM

අවම සමාර්ථය "B3" කරනු.

:       116       137

DayarathnaThursday, 21 June 2018 06:41 AM

මහත්වරුනි බොරුවට කලබල නොවන්න. එස් 3 යනු අයදුම් කළහැකි අවම සුදුසුකමයි. ඔබලා ඔය කියන සී 3 ටවත් බී 3 ටවත් මේකට මින් ඉදිරියට ඇතුලත් වීමට නොහැකි වනු ඇත. මොකද තරගකාරිත්වය මත කොළබින් ඒ 2 බී 1 ගත් මුදල් ඇති සිසුන්ගෙන් මේක පිරී යනු ඇත.

:       1       0

Udugama Thursday, 21 June 2018 03:14 AM

සයිටමි ලමයින්ගෙ s 3 වඩා පුතිපල තියෙන අපිත් රජයේ පාලන ඇති ඵමෙන්ම පිලිගත් ආයතනයට අපවත් වෛද්‍ය උපාධිය ට ඇතුළු කර ගත යුතුය වහාම අයදුම් පත් කැදවනු නැතිනමි ඔවුන් හෙට දවසේ පාරට බසිනු

:       24       81

dayarathnaThursday, 21 June 2018 05:36 AM

ඔබ විදෙස් රටවලින් වෛද්‍ය උපාධිය අරන් එන දොස්තරලගේ උසස් පෙළ සුදුසුකම් සොයලා බැලුවාද ? ලංකාවේ ජාතික ධනය පිටරටට යවමින් එහෙ ඉගෙන ගන්නවාට වඩා මෙහෙ එහෙම ඉඩක් තියෙන එක හොදයි. මේකේ අවම සුදුසුකම එස් 3 වුණාට වාර්ෂිකව ළමය පන්සීයක් බදවා ගතහොත් අයදුම් පත්‍ර දෙදහස් පන්සීයක් ආවොත් එයින් උපරිම සුදුසුකම් ඇති පිරිස ඉතාමත් විනිවිද භාවයකින් ගන්නේ නම් එහි වරදක් නැත. ළමයි ඇතුළත්කර ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අධීක්ෂණය කරයි නම් දේශපාලන බලපෑම් මත හෝ මුදල් මත හෝ ඇතුළත්වීමට නොහැකි වනු ඇත.

:       43       76

DEE Thursday, 21 June 2018 06:02 AM

දයාරත්න ගේ අදහස අදහස නියමයි ........ අවම සුදුසුකම බී තුනක් වෙන්වාම් හොඳයි..............

:       16       0

piyal Thursday, 21 June 2018 06:21 AM

මෙහි අවම සුදුසුකම එස් 3 වුනාට එම සුදුසුකම් ලබා ඇති දරුවන්ට තරගකාරිත්වයමත ඇතුළත්වීමට නොහැකි වනු ඇති බව මගේ අදහසයි. මොකද රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් නොලැබූ, දන්ත, පශු, කෘෂි ආදියට සුදුසුකම් ලබූ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් මෙයට ඇතුළත් වෙනු ඇත.

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 48 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 328 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1063 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2493 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1682 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 989 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site