IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයක් හෙට

(රංජන් කස්තුරි)

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා  අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය.

රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය සහ සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මගින් සංවිධානය කරනු ලබන එම වර්ජනයට රටපුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්,හෙද හෙදියන් ,සෞඛ්‍ය කාර්ය මණ්ඩල ,රජයේ පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,පිරිවෙන් ගුරුවරුන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අනධ්‍යයන සේවකයින් ඇතුළු පිරිසක් එම වර්ජනයට එක්වන බවද සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මේ අතර රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(21) පෙරවරු 8.00 සිට ආරම්භ කරන වැඩ වර්ජනය අනිද්දා (22) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

මාතෘ රෝහල්,ළමා රෝහල් ,පිළිකා ආයතන ,වකුගඩු ආයතන හා හමුදා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන අතර අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණක් සිදු කෙරේ.

 



අදහස් (26)

සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයක් හෙට

Ruwan Wednesday, 20 September 2017 11:15 AM

බන්ධනාගාර රෝහලේ තත්වය කොහොමද කියලත් දැනගන්න අාසයි රජයේ දොස්තර සංගමයෙන්... ඔබලා දැන් රටටම විහිළු සපයන්නන් බවට පත්වීම පිළිබඳ අපට ඇත්තේ දුකක් පමණයි. එයට වග කිවයුත්තේ ද ඔබම වීම ගැන අපට ඇත්තේ සතුටකි.

:       13157       15758

samanWednesday, 20 September 2017 11:53 AM

විහිළුවක් වෙලා තියෙන්නේ වෛද්‍ය සංගමය නෙවේ. බුද්ධිමත් දරුවන්ගේ අවස්ථා වැඩි කරනවා වෙනුවට සල්ලි විසිකරලා හොර පාරෙන් දොස්තරලා වෙන්න හදන හොර රැලක් රකින්න ගිහින් පොදු ජනතාව තලා පෙලන්නේ යහපාලන රජයයි.

:       4953       4356

RuwanWednesday, 20 September 2017 12:21 PM

සයිටම් එකට විතරක් මෙතරම් බයවෙන්න හේතුව තමයි අපිටත් දැනගන්න වුවමනා. මොන්ටිසෝරියේ සිටම පුද්ගලික අංශය හොඳ නම්, ඉන්ජිනේරුවන්ට, කළමනාකරුවන්ට, අපි දොස්තරලා ඉදිරියේ මෙච්චර බය වෙන්න අවශ්‍ය නැත. දොස්තරවරු අනික් පිරිසට වඩා නිර්මානාත්මක බැවින් අඩු කටපාඩම් කල පිරිසක් බව කැම්පස් ගිය ඕනෙම කෙනෙක් දන්නා කරුණක්. බුද්ධිමත් දරුවන්ට වැඩි අවස්ථා දෙන්න නම් විය යුත්තේ වැඩිපුර අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම පමණයි. එයට පුද්ගලික අංශය උපයෝගී කර ගැනීම අනිවාර්යයෙන් විය යුතුමයි. පටු ඇසකින් මෙය දෙස බලා තීරණ නොගත යුතුයි.

:       4067       5450

Ajith NissankaWednesday, 20 September 2017 05:01 PM

රුවන් සයිටම් එකට විතරක් බය වෙන්නේ ඒකෙන් එලියට එන අය අපේ ජීවිත එක්ක කෙලින්ම සෙල්ලම් කරන නිසා! අපිට පුරවැසියන් විදිය අයිතියක් තියනවා අධ්‍යාපනයක් සහ වෛද්‍ය සේවයක් ලබා ගැනීමට! වෛද්‍ය සේවාවක් ගැන කතා කරනකොට එම සේවාව ලබා දිය යුත්තේ හොදම සුදුසුකම් තියන පුද්ගලයන්ට මිසක් සල්ලි තිබ්බ පලියට කඩ වලින් බඩු ගන්නවා වගේ උපාධි ගන්න අයට නොවේ! ඒක නිසා තමා අර එංගලන්ත සහ අනිකුත් බටහිර රටවල් එම උපාධිය පිලිගන්න බැහැ කියන්නේ! එම උපාධිය ලෝකයේ පිළිගත් වෛද්‍ය තත්වයන්ට වඩා පහලින් තියන නිසා! මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න රජයක් හැටියට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ! ඔබ කියන පරිදි අධ්‍යාපනයට පුද්ගලික අංශය උපයෝගී කර ගැනීම අනිවාර්යයෙන් විය යුතුමයි! නමුත් ඒවාට ඇතුළු වෙන්න තියන සුදුසුකම මුදල් මත පදනම් නොවිය යුතු වෙනවා! රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට ලකුණු ගන්න බැරි වුණු නමුත් ඉහල සමාර්ථ ඇති සහ වෛද්‍ය විද්‍යාව ඉගන ගන්න කැමති සිසුන්ට ණය පදනමක් මත හෝ වෛද්‍ය විද්‍යාල වලට යන්න ක්‍රම වේදයක් හැදුවානම් ඔය ප්‍රශ්නය පහසුවෙන් නිරාකරණ කර ගන්න පුළුවන්!

:       514       3055

naradhaWednesday, 20 September 2017 07:11 PM

අජිත් නිස්සංක, වෛද්‍ය අධ්‍යාපනය වැනි දෙයකට ලංකාවේ මොන මුල්‍ය ආයතනයද ණය දෙන්නේ? අද රජයේ වෛද්‍ය විද්‍යාල වලින් සමත් වී එලියට එන අයගෙන් කී දෙනෙක් පැදුරටත් නොකියා වෙන රටවලට සංක්‍රමණය වෙනවාද? එවැනි අය ගත් ණය මුදල් නැවත ගෙවන්නේ කව්රුන්ද? ඔබ සඳහන් කරන ඔය "හොදම සුදුසුකම" ගැන සලකා බැලුවොත්, පසු ගිය අවුරුදු 50 ක කාලය තුල, මන්නාරම, හම්බන්තොට, මාතලේ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වලින් "S " 3 ගත් සිසුන්, ඊට වඩා හොඳ ප්‍රතිපල ලබාගත් සිසුන් සමග වෛද්‍ය විද්‍යාව හදාරා, ගැටලුවකින් තොරව අවසානයේ වෛද්‍යවරුන් බවට පත් වී ඇත. එයින් ගම්‍ය වන්නේ, ඔය කියන "හොදම සුදුසුකම", ලංකාවේ වෛද්‍යවරුන් විසින් තමන්ගේ වර්ගය රැක ගැනීමට සාදා ගත් එක් සාධකයක් පමණක් වන බවයි.

:       613       1061

RuwanThursday, 21 September 2017 02:28 AM

හොඳම සුදුසුකම මුලික සුදුසුකමනම් ඔය කියන හද්ද පිටිසර කිසිවකුට කැම්පස් යන්න වෙන්නේ නැහැ. එහෙමනම් යන්න වෙන්නේ කොළඹ ඉන්න පිරිසිඅට පමණයි. කොළඹ "a3 " තියෙන පිරිස ගෙදර සිට පිටිසර පුද්ගලයන්ට යන්න පුළුවන් වුනේ ඇතුලත් මුදලි මහතාගේ නුවනට පින් සිදු වන්නැයි. මෙය ලියන පිරිස පොඩ්ඩක් අතීතයට ගිහින් බැලුවොත් පොඩ්ඩක් හොඳයි. කවුරුත් දන්නා දෙයක් කැම්පස් යන අයගෙන් ඉංගිරිසි බැරි නිසා නවතින ඔය කියන පිරිස කෙතරම්ද කියල පොඩ්ඩක් හොයල බලල කතා කලොත් හොඳයි.

:       63       857

Ajith NissankaThursday, 21 September 2017 03:34 AM

එවන් ණය දෙන ක්‍රමයක් සම්මත කර ගන්න තරම් දූර දර්ශි නුවනක් අපේ දේශ පාලුවන්ට නැහැ! ඔය රටේ විනාස කරලා තියන සහ හොරකම් කරපු මුදල් වලින් සියයට දහයක් වැය කලානම් එවැනි ක්‍රමයක් පහසුවෙන්ම ඇති කරන්න පුළුවන්! එම ණය පහසුකම ජනතාවගේ බදු මුදල් වලින් ලැබෙනවානම් ඔවුනට ආපසු ගෙවීම අනිවාර්ය කරන්න පුළුවන්! වෛද්‍යවරුන්ට තියන ප්‍රබල ඉල්ලුම නිසා ඔවුනට ආපසු ගෙවීම අපහසු නැහැ! පසු ගිය අවුරුදු 30 ක කාලය තුල, මන්නාරම, හම්බන්තොට, මාතලේ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වලින් "S " 3 ගත් සිසුන් පවා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වුනා ! ඔවුන් ඇතුලත් වුන පදනම වුනේ එම වසරේ එම දිස්ත්‍රික්ක වල වැඩිම ලකුණු ගත් පදනම මිස වැඩිම මුදල් තිබීම පදනම නොවේ! ඔබ දන්නවාද 1977 වසරේ C දෙකක් සහ S දෙකක් ලබා ගෙන කොළබ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට වරම් ලබපු සිසුන් හිටියා! නමුත් ඔවුන් ඇතුළු වුනේ හොර පාරෙන් දෙමාපියන්ට සල්ලි තිබුන නිසා නොව එම වසරේ වැඩිම ලකුණු ගත් පදනම නිසා! ඔය ලොකුම ධනිපති රට වන ඇමෙරිකාවේ පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන්නේ ඉහලම සුදුස්සන් පමනයී!

:       32       0

naradhaThursday, 21 September 2017 10:41 AM

අජිත් නිස්සංක, මා මෙහිදී "සමහර දිස්ත්‍රික්ක වලින් "S " ගත් සිසුන් අනිකුත් සිසුන් සමග වෛද්‍ය විද්‍යාව හදාරා, ගැටළුවකින් තොරව අවසානයේ වෛද්‍යවරුන් බවට පත් වී ඇත" යන්න සඳහන් කරේ, වෛද්‍ය විද්‍යා උපාධිය උසස් පෙළ "S " 3 ගත් සිසුවෙක්ටත් කල හැකි උපාදියක් යයි ඒත්තු ගැන්වීමටයි. ලංකාවේ දිස්ත්‍රික් පදනමින් සරසවි වලට බහුතරයක් වූ 60% සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වුයේ 71-72 වසර වල වන අතර, ඒ ක්‍රමයේ කිසිම ගැටළුවක් නැහැ. නමුත්, උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබියදීත්, මොනයම් හෝ පදනමක් මත සරසවියට ඇතුල්වීම බැරි වූ සෑම සිසුවෙක්ටත් වැඩි දුර අධ්‍යාපනය ලබා ගැනීමේ අයතියක් ඇත. එවැනි සිසුන්ට තමන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය පුද්ගලික හෝ රාජ්‍ය අංශයෙන් ලබා ගත හැකි අතර, ඒ ලබා ගන්නා අධ්‍යාපනයට කිසි කෙනෙකුට විරුද්ධ වීමට අයතියක්ද නැත.

:       0       2

Ajith NissankaThursday, 21 September 2017 05:07 PM

සෑම සිසුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් තියනවා! එවැනි සිසුන්ට තමන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය පුද්ගලික හෝ රාජ්‍ය අංශයෙන් ලබා ගත හැකි අතර, ඒ ලබා ගන්නා අධ්‍යාපනයට කිසි කෙනෙකුට විරුද්ධ වීමට අයිතියක්ද නැත. ඔබ ඉතා නිවැරදි !!!! නමුත් සෑම සිසුවකුටම අධ්‍යාපනය සදහා සමාන ඉඩ ප්‍රස්තා (equal opportunities ) තිබිය යුතු යන්න ලෝක පිලිගැනීම වේ! ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතනය මේ ලෝක න්‍යාය ගැන කිසිම සැලකිල්ලක් නැහැ! ඔවුන්ගේ එකම පදනම මුදල් තිබීම පමණි! එකම සුදුසුකමද එය පමනයී! එය ඔවුන්ගේ වරදම නොවේ! අපේ රටේ අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපතියක් නැති වීම මහා අවාසනාවක්! වෛද්‍ය විද්‍යාලයක් සම්බන්දයෙන් බොහෝ රටවල් ඔය අපේ ධනපති කියන රටවල් පවා බොහොම ප්‍රවේසම් වෙනවා! උදාහරනයක් හැටියට ඇමෙරිකාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පළමුව මුලික උපාධියක් ලබා ගෙන ඉන් පසුව MCAT කියන තරගකාරී විභාගයෙන් ඉහල ලකුණු ගත් අයට පමනයී වෛද්‍ය විද්‍යාව හදාරන්න තෝරන්නේ! එහෙම කරන්නේ ඔවුන් අනාගතේ දොස්තරවරු වී අපේ ජීවිත වලට කෙලින්ම වග කිව යුතු නිසා! ඔබට කොතරම් මුදල් තිබුනත් ඉහලම සුදුසු අයට තමා අපේ ජීවිත එක්ක වැඩ කරන්න ඉඩ දිය හැක්කේ!

:       0       0

theshan Wednesday, 20 September 2017 11:39 AM

මම දන්නා පරිදි, සයිටම් එකේ මෙදිචාල් කියන්නේ එක අංශයක් පමණි. මුළුමනින්ම අහෝසි කරන්නේ කොහොමද? එතකොට අනෙක් අංශවල ළමයින්ට මොකද වෙන්නේ?

:       748       706

mahee Wednesday, 20 September 2017 11:40 AM

දොරේ ගලනවයි කියන ප්‍රජාතන්ත්‍රවාදය හින්දා මේ ජන පීඩකයන්ට විරුද්ධව මොකුත් කරන්න ආණ්ඩුව බයයි. ලෙඩ්ඩු මැරුණට කමක් නෑ, ඔවුන් ප්‍රාණ ඇපයට අරන් නොමරා මැරෙන්න ඇරියට කමක් නෑ. අපි කරබාගෙන ඉන්නවා කියන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. එක අතකට ආණ්ඩුවේ ලොක්කෝ ලංකාවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නෙත් නැති හින්දා, දුප්පත් ලෙඩ්ඩු විඳින දුක ගැන වැටහීමකුත් නැහැනේ.

:       20       154

hema Wednesday, 20 September 2017 12:08 PM

රජයේ විශ්ව විද්‍යාල රජයේ පාසල් සිසුන් සඳහා වෙන් කර ඇත. පුද්ගලික පාසල් වලින් එන සිසුන් සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හැර අනෙකුත් විශ්ව විද්‍යාල ඇත. පුද්ගලික පාසල් වලින් බිහිවෙන වෛද්‍ය වරයෙක් වීම සඳහා සිහින දකින සිසුන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිවන්නේ කවදාද? එහෙම නැතිනම් අපි පුද්ගලික පාසල් සියල්ල රජයට ගන්නා තුරු සියලු පුද්ගලික පාසල් වර්ජනය කරමුද? එ්කට හැමෝගෙම සහයෝගය දෙනවද?

:       4413       457

RuwanWednesday, 20 September 2017 12:43 PM

අපි පුද්ගලික අංශයට පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම වෙනුවෙන් වර්ජන කිරීමට තරම් ගෝත්‍රිකයන් නොවන්නෙමු.

:       4705       7470

Kumara (Gulf)Wednesday, 20 September 2017 02:39 PM

සයිටම් ගෝත්‍රිකයන්ගේ අදහස් වලට විද්වතුන් කලබල නොවේ.

:       134       4409

blu Wednesday, 20 September 2017 01:04 PM

මේ ඔස්තාර්ලා ගැන දැන්නම් කේන්තිත් යනවා. මේ කරන මෝඩ වැඩවලට..

:       316       510

kumara (Gulf) Wednesday, 20 September 2017 02:31 PM

ජය වේවා සයිටම් අහෝසි කරන සටනට. ඕකඔ කොහොම හරි වහලා දාන්න. සාමාන්‍ය ජනතාව විදියට අපේ සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා නිදහස් අධ්‍යාපනය රැක ගන්න උත්සාහ කරන ඒ විද්වතුන්ට. හැබැයි මේක මෝඩයන්ට තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද බහුතරයක් දෙනා මේ ගැන ඉතා බුද්ධිමත්....

:       684       592

ONE SRILANKANThursday, 21 September 2017 07:23 AM

මේ වැඩ වර්ජනයට ජයවේවා!! ...ජයවේවා!!....

:       1       0

dhamneth Wednesday, 20 September 2017 02:50 PM

සයිටම් එපානම්, පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපානම් රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෙදකමත් (ප්‍රයිවෙට් ප්‍රක්ටිස්) සියල්ල නැති කරමු. සෞඛ්‍ය සේවයේ සියල්ල රජයෙන්.. රජයේ වෛද්‍යවරු ප්‍රයිවෙට් කලොත් විසි අවුරුදු සිර දඩුවම්.. කැමතිද වෛද්‍ය සංගමය?

:       222       816

ජනිත් Wednesday, 20 September 2017 03:07 PM

හේමා හොඳ කරුණක් මතු කළේ. පෞද්ගලික පාසල් වල ළමයින්ට ශ්‍රී ලංකා උසස් පෙළ හා ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ ලිවීමට හැකිවනසේ නීති සංශෝධන ගෙන ආ නොහැකිද?පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍යයි.

:       82       1

naradhaWednesday, 20 September 2017 07:27 PM

ජනිත්, අද රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් විය හැක්කේ උසස් පෙළ සමතුන්ගෙන් 17% කට පමණයි. ඒ සමතුන්ගේ ගණනට, පෞද්ගලික පාසල් වලින් උසස් පෙළ සමත් වෙන අයත් එකතු කලොත්, ඔය කියන රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් විය හැක්කේ 14% ක් වැනි, පෙරටත් වඩා අඩු ප්‍රමාණයකට පමණයි. ඉතිරි 86% ට ඔබ යෝජනා කරන්නේ පොල් කඩන්ට යන්නට කියාද?

:       2       169

nilukaThursday, 21 September 2017 02:53 AM

සුදුසුකම් සහිත, රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට නොහැකි වූ අය අතරින් ලක්ෂ 120 ක් දීල කී දෙනෙකුට සයිටම් එකට යන්න පුළුවන් ද ?

:       34       3

ගාල්ලේ පාල Wednesday, 20 September 2017 03:37 PM

දොස්තරලා මෙහෙම වර්ජන කරනකොට ලෙඩ්ඩු ඉතිරි වෙන එකක් නැහැ.

:       1       217

පුෂ්පකුමාර Wednesday, 20 September 2017 04:11 PM

ඔය වර්ජනය එක දිගට මාස තුන හතරක් කරන්න. මොලේ කළඳක් නැති, දොස්තර මාෆියාවට ආ වඩන, ඔයාලට පිනට උගන්වන්න බදුගෙවන අයට ඔහොම වෙලා මදි !!!

:       2       474

බද්රානි Wednesday, 20 September 2017 07:40 PM

නිර්මාණයට වඩා විනාශය අගය කරන අධර්මිෂ්ඨ අඥානයෝ ඉන්න සමාජයක කුහක මිලේච්ජ පැතිකඩ බොහෝ අදහස් වලින් පැහැදිලියි.සයිටම් එකේ විතරක් නෙමේ, කොතලාවල ආයතනයේත් ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීම තහනම් කර ඇති රටේ, ලොකුවට හිතාගෙන ඉන්න පිනුම් අප්පුලා බඩ පිනුම් ගහනවා දැක්කම අපිට නම් හිනා යනවා. සම හරකගෙ අදහස් දැක්කම වෛද්‍යවරු විතරක් නෙමේ, මේ සිරි ලංකාවට මොන්ටිසෝරි ගුරුවරුත් ආනයනය කල යුතුයි කියලයි මට නම් හැඟෙන්නේ. අමනයින්ගේ සමාජයේ වර්ජනයත් ජාතික මෙහෙවරක්ලු?????

:       64       10

සනා Thursday, 21 September 2017 03:45 AM

නාරද කොමෙන්ට් දාන්න පුළුවන් කම තිබුනට පට්ටපල් බොරු ලියන්න එපා.අද වෛද්‍ය විද්‍යාලයක නෙමේ රජයේ හෙද විදුහලකවත් අවම සුදුසුකම මොකක්ද දන්නවද?බී3ත් නෙමේ ඊට වඩා ටිකක් අඩු සුදුසුකම් වලට පුත්තලමෙන්,හම්බන්තොටින් යන්න ඇති අවුරුදු බර ගාණකට කලින් හැබැයි ඒ කාලෙ වැඩ 3 සමත් වෙනවා කියන්නෙත් සෑහෙන දෙයක්.ඒකනිසා රටේ නැති බොරු ඇත්ත විදිහට පෙන්නන් නැතුව ඉතුරු ළමයින් ටිකටවත් ඉගෙනගන්න කාලෙ හරි පාර පෙන්නන්න උත්සාහ කරන්න.

:       14       76

ජනිත් Thursday, 21 September 2017 02:17 PM

මේ රටේ වංචාවට, දූෂණයට යටවෙන සල්ලි, මන්ත්‍රී වරප්‍රසාද ආදිය අඩු කළොත් රාජ්‍ය උසස් පෙළ අධ්‍යාපන අවස්ථා පුළුල් කල නොහැකිද?රටේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රාජ්‍ය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න. ජීව විද්‍යාව කරපු 100%ම වෛද්‍යවරු කිරීම, ගණිතය හැදෑරූ සියල්ලම ඉංජිනේරුවන් කිරීම රටේ අවශ්‍යතාවය නොවේ. රටට ඇති තරම් එම වෘත්තිකයන් බිහිකර, අනෙක් ළමයින්ද සුදුසු තෘතීය අධ්‍යාපනයනයකින් පසු රටේ ශ්‍රම බලකායට අනුකූල වෘත්තියකයන් බවට පත්කරන්න. හැකිනම් අනෙක් රාජ්‍ය පාඨමාලා වලත් සුදුසු කාලීන වෙනස්කම් හෝ නැවත ව්‍යූහගත කරන්න. උපාධිධාරීන් රැකියා නොමැතිව සිටිනවා යනු ඒ සඳහා වියදම් කල ජනතාවගේ බදු මුදල් අපතේ යැවීමක් නොවේද? දේශපාලනය පක්ෂ, පාට නොබලා සුදුස්සාට, සුදුසු තැන දී මේ රටේ තරුණ පරම්පරාව නිවැරදි පරිදි හසුරුවා ගන්න. එවිට 86%කට පොල් කැඩීමට සිදුවන්නේ නැත. අතේ මුදල් තිබෙන නිසා තම දරුවාටද දොස්තර විය නොහැකිද? යන සිතුවිල්ල පමණයි දැන් තිබෙන්නේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් දක්ෂයාට ඉහළට යෑමට තිබෙන අවස්ථාව වන නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් විනාශ වී යෑමයි මෙයින් සිදුවන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 710 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 134 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 920 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 952 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1292 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1156 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site