IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති

ඉන්දිකා රාමනායක

සයිටම් අර්බුදය  නිමා කරමු   මැයෙන්  අද  පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති  වු ගැටුමකින් පහර කෑමට ලක්වූ  එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

රජයේ වෛද්‍ය නිලදධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ පිරිසක් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට  තොරතුරු ලැබි ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විද්වත් සමුළුව  අද පස්වරු 1.30 ආරම්භ කර තිබු අතර එය අවසානයේ පැවති  තේපැන් සංග්‍රහයක්  අතර තුර ඇති වු  සයිටම් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක්  බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස්  මෙම පහර දීම සිදුව ඇති බවට පැමිණිලි ලැබුණ බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සිද්ධයෙන්  පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.



අදහස් (36)

සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති

vidya Thursday, 22 June 2017 04:43 PM

කැඩුම් බිඳුම් වෙලා තියනවනම් හොරිවිල වේද මහත්තය තමය් හොඳ වේද කමට . යවන්න එතනට. පසු හිය දවස් වල මහනුවර කාර් පාර්ක් කරන්නට ගිහින් දොස්තරලා දෙන්නෙක් ගහ ගත්ත. මේවා අලුත් දේවල් මෙනේ.

:       1256       2634

ධම්මFriday, 23 June 2017 04:09 AM

ඊට වඩා හොඳ නැද්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල. දොස්තරලාත් මනුෂ්‍යයෝය.

:       17       105

Sunil Friday, 23 June 2017 04:14 AM

ඒ වේද මහත්තයත් සයිටම් එකේද දන්නේ නැහැ ඉගෙනගත්තේ. එහෙමනම් කොහොමද?

:       35       33

lanka Friday, 23 June 2017 05:04 AM

දැන් දොස්තරලට උන හැදිලා.මේ නිදහස් අද්යපනයේ ප්‍රතිපලද? මේකද ආරක්සකරන්න ඕනේ.

:       3       190

දිමුත්Friday, 23 June 2017 06:53 AM

ඇයි ඔබට නිදහස් අධ්‍යාපනේ එපාද? අපිට නම් ඕනෙ....

:       0       0

සතුටු Thursday, 22 June 2017 05:34 PM

යාන්තම් ඇති ... ඔය ටිකනේ කරගන්න ඕනෙවෙලා තිබ්බේ...

:       0       0

රවිඳු Thursday, 22 June 2017 06:53 PM

මාෆියා කාරයෝ ගහගෙන විතරක් මදි උන් මරා ගන්න ඕනා. ඒ වගේම අර මාෆියා සංගමයේ කෙරුමෝ ටික ඝාතනය කළා නම් මේ රටම නිදහස්.

:       0       0

De silva berlin Thursday, 22 June 2017 07:31 PM

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන පොදු දේපල විනාශ කිරීම , සහ විරුද්ධ අදහස් දරන පුද්ගලයන්ට පහර දීම වැනි අපරාධ ප්‍රසිධියේ කිරීමට පවා. දොස්තර මාෆියාව ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ , මඩිය තර කරගැනීමට ඕනෑම දෙයක් කිරීමට මොවුන් පෙළබි ඇති බවය , මේ ප්‍රශ්නය විසදීමට නම් උසාවි නියෝග කඩා කරමින් අපරාද කරන පුද්ගලයන්ට හිර දඩුවම් දිය යුතුය , දොස්තරලට කියල විශේෂයක් නොකළ යුතුය , මොවුන්ගේ වර්ජන තර්ජන වලට බිය නොවී රජය කෙලින් තීරණ අරන් ක්‍රියාත්මක කල යුතුය .

:       0       1

lakmal Thursday, 22 June 2017 07:52 PM

මෙතරම් දොස්තරලා බලුවූ යුගයක් ඉතිහාසයේ තිබුනේ නැහැ . පොලිසිය හෝ අන් කිසිම ආයතනයක් දොස්තරලට කියල විශේෂයක් කිසිවිටකත් නොසලකා නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න.

:       0       1

chandra weerasinghe Thursday, 22 June 2017 09:34 PM

මෙම දොස්තර වරුන් පුද්ගලික බස් රථවල කොන්-දොස්තර වරුන් ලෙස පත් කරන ලෙස ශ්‍රී ලාංකික රෝගීන්ගේ සංගමය කරුණා පූර්වකව ඉල්ලා සිටින්නෙමු චන්ද්‍ර

:       0       1

නුමා Thursday, 22 June 2017 09:45 PM

ජනාධිපති/අගමැති තනි තනතුරු නිසා ගහගන්න කෙනෙක් නැතිකමට ඉන්නව මිසක, අනෙක් සියළු දෙනා ඔය වගේ තමා. පාළු කඩේ වලං බිඳින්න හැමෝම දක්ෂයි. නමුත් අනෙක් කෙනෙක්ගෙ අදහසකට ගරුකරන්න දන්නෙ නැහැ. උගත් නූගත් කියල වෙනසක් නැහැ. රටක්, ජාතියක් විදිහට වලපල්ලට යන එක අහන්න දෙයක්ද.

:       0       0

gunda Thursday, 22 June 2017 10:00 PM

ඉස්සර දොස්තරලා දෙවිවරු වගෙයි. දැන් ඉන්න උන්දලා රස්තියාදු කාරයෝ වගෙයි.

:       0       10

ඒච්. ඒස්. කුරුවිට Thursday, 22 June 2017 11:04 PM

සයිටම් රජයට පවරාගෙන රජයට අයත් මුදල් ගෙවා උපාධි පවත්වන එන්. එස්. බී. එම්. (හරිත සරසවිය) ට බාරදීමට කටයුතු කිරීම මෙයට ඇති විසඳුමකි.

:       0       0

bandula Friday, 23 June 2017 12:58 AM

අවි ගත්තෝ අවියෙන්ම් නසිති. දිට්ඨධමම වේදනීය කම්ම විපාක දෙන්න පටන් අරන් වගේ ...

:       0       0

ලුම්බිණි Friday, 23 June 2017 01:10 AM

එකට වැඩ කරන තමන්ගේ සගයන්ට මෙහෙම සලකනවා නම් ලෙඩ්ඩුන්ට මේ ගොල්ල කොහොම සලකනවද කියල හිතා ගන්න පුළුවන්....

:       0       0

kamal Friday, 23 June 2017 01:51 AM

පුදුම ප්‍රමිතියක් තියෙන දොස්තරවරුන් තමයි..

:       0       0

Chanak Los angeles Friday, 23 June 2017 02:02 AM

විද්වත් සමුළුවකට ගැලපෙනම ක්‍රියාවක් ....

:       0       0

Ranjith Friday, 23 June 2017 02:21 AM

මේ අර්බුධයට හේතු දෙකක් තියනවා. ඒ නිසා අපපිට කවදාවත් ජාත්‍යන්තර තත්වෙට එන්න බෑ. අපේ රටේ සල්ලි පිටරටටමයි යන්නේ. 1 ඊරිසියාව 2. දේශපාලන වාසිය විරුද්ධව කතා කලොත් කන්න තමයි වෙන්නේ

:       0       0

Bandu Friday, 23 June 2017 02:50 AM

හැබැයි Saitam දොස්තරලා නම් කවදාවත් ඒ වගේ පහත තත්වෙට වැටෙන්නේ නැහැ.

:       0       0

ලසන්ත Friday, 23 June 2017 03:22 AM

සාකච්ඡා, සම්මුතීන්, විද්වත් සමුළු, විවේචන වලදී මෙහෙම නම් අනෙක් ඒවායේදී කොහොම ඇත්ද?

:       0       0

vipula Friday, 23 June 2017 04:03 AM

විද්වත් සමලුවක් කිව්වා නේද ?

:       1       43

Ramal Friday, 23 June 2017 04:29 AM

හොඳ වැඩේ මුන්ට ඔහොම තමා වෙන්න ඕනේ. අපේ බදු මුදලින් ඉගෙන ගෙන අපිටම කෙලිනවා.

:       285       423

kasun Friday, 23 June 2017 04:44 AM

දැන් නම් මේ වෘත්තිය ඉතාම නින්දිත පහත්ම වෘත්තියක් බවට පත්වෙලා ඉවරයි. කවුරුවත් මේ රටට ආදරේට ඔය වැඩ කරනවා නෙවෙයි. ආත්මාර්ථකාමී කමට තමන්ගේ බඩට වදින නිසා මිසක් .එකයි ඇත්ත

:       523       226

Susil Friday, 23 June 2017 04:50 AM

සංගමය නම් කියන්නෙ හිටගෙන තේ බීපු දොස්තරගෙ කෝප්පය, ඉඳගෙන තේ බීපු දොස්තරගෙ නහය උඩට වැටුන කියල. බලන්න මේ ප්‍රමිති දොස්තරලගෙ කතාව මොනතරම් තාත්විකද ? අපරාදෙනෙ මේගොල්ලන්ට අපහාස කරන්නෙ.

:       3       138

PA-RA Friday, 23 June 2017 06:11 AM

වෛද්‍යවරුන්ගේ දරුවනුත් ලකුණු අඩු උනාම සයිටම් යවනවනේ, ඔය කට්ටිය සාධාරනේ / අසාධාරණේ කියන දෙපිරිසක් උනාට, රජයේ නුගත් දේසපාලුවන් නම්බුව රැකගන්න සල්ලිවලට ළමයින්ට උගත් කම දුන්නත් අද දුක් විදින්නේ අහිංසක දුප්පත් ජනතාව, හොදම දේ කලේ ඇන'. ඇම්. පෙරේරා උතුමාණන්, චැනල් නැහැ, රජයට අදායමක් ගත්ත සත .50 ක මුද්දරයක්, අද රුපියල් 10/= අරගෙන චැනල් නැවැත්තුව නම්, දුප්පත් අපිට කොතරම් හොදද. අගනේද? ඇත්තටම අපේ කට්ටියට මොලයක් ඇත්තෙම නැද්ද? පාලනයට ආයෙත් සුද්දෙක් වත් ගමුද ???

:       1       124

roshanFriday, 23 June 2017 07:16 AM

ප්‍රශ්නෙ තියෙන්නෙ සුදුසුකම් වල සහ අධ්‍යපන ප්‍රමිතියෙ. දැන් පිටරට ගිහින් එන්නෙ ඉතා සුලු පිරිසක් නිසා මේකෙ ප්‍රශනයක් දැනෙන්නෙ නෑ. මෝඩ දොස්තරල බුරුතු පිටින් එද්දි ලෙඩ්ඩු බුරුතු පිටින් මැරෙයි. පිටරටවල දොස්තර වෙන්නෙ ඇත්‍තටම ඒකට කැමති අය. ලන්කාවෙ අයට දොස්තර වෙන්න ඔනෙ මහන්තත්වෙට. එකයි වෙනස.

:       0       0

Dilshan Friday, 23 June 2017 06:15 AM

අපි ඔය වැඩේ කරලා එලවන්න ඉස්සරවෙලා මෙයාලම ඕක කරගන්න එක හොදයි. අපි බැස්සොත් ඔහොම ලේසියෙන් ඉවර කරන්නේ නෑ. බෙහෙත් කඩ ඔක්කොම ගිනි තියනවා.

:       514       40

pitigala Friday, 23 June 2017 06:45 AM

විද්වත් සමුළුවක්ද? බලු පොරයක්ද? විද්වතුන් නම් ගහ ගන්නේ නැහැ නොව? කා ගන්නේ සුනඛයෝ නේ හැබෑටම?

:       4       23

wasantha Friday, 23 June 2017 06:52 AM

සාධාරණව සිතන දොස්තරලා නම් සැබෑ දෙවිවරුය.

:       0       0

Asanka Friday, 23 June 2017 06:55 AM

දිල්ෂාන්..., බෙහෙත් කඩ ඔක්කොම ගිනි තියනවා කියන්න ඔබ කවුද? මොනවද බෙහෙත් කඩ මේ රටේ නීතියක් තියනවා.. ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට...

:       0       0

kalum - verona Friday, 23 June 2017 08:47 AM

සේරම දේශපාලනීකරණය වෙලා... ගුණවත්කම් කිසිදෙයක් නැහැ... අයියෝ රට? මෙහෙම ගියොත් ලංකාව ලෝක සිතියමෙන් පවා මැකිලා යනවා.

:       0       3

dhamneth Friday, 23 June 2017 09:30 AM

විශ්ව විද්‍යාලවලින් දැන් බිහිවන්නේ අමානුෂික ගුණ ඇති පිරිසක් නිසා උසස් අධාපනය සඳහා රටට වැඩදායක වන නීති පද්ධතියක් වහා ඇති කළයුතුයි. එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණක් විය යුතුය.

:       0       11

roshan Friday, 23 June 2017 09:46 AM

මේ රට පස්සට මිස ඉස්සරහට නොයනු ඇත. ඉගෙන ගෙන, සම්මත විභාගයක් සමත් වූවත් දැන් ඔක්කොම එකයි. වෙනස අත්තේ හදවතේයි...

:       0       15

walter Jayewardene Friday, 23 June 2017 11:50 AM

ඇතැම් දොස්තරලා මේ කරන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්... දොස්තරලා මේ තත්වයට පත්කළේ දේශපාලකයෝ. දොස්තරලාට වැඩිකල් යන්න ඉස්සර මහජනයගෙන් නියම සැලකිලි ලැබෙයි වගෙයි මෙහෙම ගියෝතින් නම්...

:       0       30

Swarna Friday, 23 June 2017 12:21 PM

කං කං බූරූ - සිං සිං නෝරූ , මං කියන දේ අහනවද? එහෙනම් දුවලා දුවලා ගිහිල්ලා .... ගහලා ⁣කුඩු කරලා එන්න. අද බුද්ධිමත් යැයි කියන දරුවන් ⁣රට විනාශයට ගෙනයන පාලකයින් විසින් හසුරුවන්නේ මෙහෙමයි. ඔබලා රැවටෙන්න එපා. ගිය කාර්යය අහවර කරලා හෙට දින⁣ තම යුතුකම රටට දැයට ඉටු කරන්න.

:       1       18

senarath wickramabahu Friday, 23 June 2017 07:28 PM

මේ ත්‍රස්තවාදී වෛද්‍ය සංගමය රෝගීන්ගේ ජිවිත සමග සෙල්ලම් කිරීම මට්ටු කරන්න නම් රෝගීන්ට ප්‍රතිකාර වලදී සිදුවන වැරදි වලට උසාවි ගොස් වන්දි ලබාගත හැකි නීති වහාම පනවන ලෙස අපි ජනාධිපතිතුමාට බලකර සිටිමු. මේ ගැන ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු...

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 42 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 86 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 327 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 417 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 362 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1663 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site