IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සයිටම් ගැටලුවට රජය විසඳුම් සොයන්නේ කැබිනට් පත්‍රිකාවෙන්


 
(විනීතා එම් ගමගේ)


රජය සයිටම් ගැටළුවට විසඳුම් සෙවීම, කැබිනට් පත‍්‍රිකාවලට පමණක් සීමා කර ඇතැයි සයිටම් ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව කියයි. 


මේ ප‍්‍රශ්නය අවසන් විසඳුමක් කරා ගෙනයාම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ප‍්‍රමාද කරමින් සිටින බව ද එම කමිටුව කියයි. 


විසඳුම් යැයි කියමින් රජය හැම අවස්ථාවක ම සිදුකළේ සිසුන්ට බලාපොරොත්තු ඇති කර අතහැර දැමීම යැයි ද සයිටම් ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් එහි සම කැඳවුම්කරු ශානක සේරම් මහතා ප‍්‍රකාශ කළේය. සේරම් මහතා තව දුරටත් මෙසේ ද පැවැසීය.  


රටට ආපදාවකට මුහුණ දී සිටින අවස්ථාවක මෙසේ අපේ ප‍්‍රශ්න රට හමුවේ තැබීමට සිදුවීම පිළිබඳව කණගාටු වෙනවා. ගිය සතියේ යළිත් කැබිනට් පත‍්‍රිකාවක් සයිටම් ප‍්‍රශ්නය පිළිබඳව ඉදිරිපත් වුණා. ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සාකච්ඡා කරමින් අර්බුදය අවසන් කිරීමට අවසන් විසඳුමට ආවා. එම විසඳුම වූණේ මුලික සුදුසුකම් ඇති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන්න තීරණය වුණා. 


අපි ඉල්ලූවේ සයිටම් අර්බුදයට සදහටම එන විසඳුමක්. මේ අර්බුදයට ගොදුරුවූ සිසුන්ට විසඳුමක්. නමුත් හැමදාම අපිව රැවැට්ටුවා. රජය ආයෝජන හොයනවා. තරුණ  පිරිස 980 දෙනෙක් අධ්‍යාපනය කඩා වැටී ගෙවල්වලට වෙලා ඉන්නවා. මේ අයගෙ ශ‍්‍රමය ආයෝජනය නොවන්නේ ද?


අපි ඉල්ලන්නේ එක්කෝ අපේ ප‍්‍රශ්නය ඇත්තටම විසඳන්න. නැත්නම් ගලක් බෙල්ලේ බැඳ මුහුදට දමන්න. එසේ හෝ මේ  ප‍්‍රශ්නය විසඳන්න කියලයි. 


අපි ජනාධිපති හා උසස් අධ්‍යාපන ඇමැති ඇතුළු බලධාරින්ගේ අදහස් දැන  ගැනීමට සාකච්ඡා ඉල්ලූවත් ලැබුණේ නැහැ. අපි විශ්ව විද්‍යාල  ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් භාර දුන්නා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලබා දෙන්න කියල ඉල්ලලායි. අපිත් මේ ගැන මොනවද වෙන්නේ කියා දැන ගත යුතුයි.



අදහස් (2)

සයිටම් ගැටලුවට රජය විසඳුම් සොයන්නේ කැබිනට් පත්‍රිකාවෙන්

naradha Friday, 25 May 2018 09:31 AM

මේ රජය බොහෝ ප්‍රශ්න වලදී සිදු කරන්නේ, සෑම දෙනාටම සවන් දෙනවා යයි කියමින්, දියාරු තීරණ ගනිමින් කල් මැරීම පමණයි.

:       0       5

ලක්සිරි Friday, 25 May 2018 10:09 AM

මේක තව දුරටත්, ප්‍රශ්න විසඳන මිනිස්සුන්ගේ රටක් නොවේ, ප්‍රශ්න තලු මරමින් වමාරාකන ක්ෂීරපායි සත්ත්වයින් ගෙන් සමන්විත ජන කොටසක් සිටින දුපතක්.. ඒ අතර තුර විෂ දල ඇති විෂකුරු සර්පයින්ද නැතිවා නොවේ. මේ සර්පයින්ගෙන් දුටු තැන දෂ්ඨ කිරීමට මිස, වෙන දෙයක් නම් බලාපොරොත්තු විය නොහැක.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 111 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 267 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 145 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 268 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3446 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 886 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 147 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site