කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
සමුළු නිවාස සංකීර්ණය අක්කර දෙකක භූමියක ඉදි කර තිබෙන අතර ඉතිරි අක්කර 10 ක භූමි ප්‍රමාණය වෙනත් ආර්ථික කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ.
සමුළු නිවාස සංකීර්ණය පිහිටි අක්කර දෙකක භූමියේ නව නිවාස ඒකක 400 ක් ඉදිකොට වසර දෙකක් තුළ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට බාර දීමට නියමිත ය.
ඒ අනුව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද (19) සිදු කෙරිණි.
මෙම ගිවිසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරණු ලබන නිවාස යෝජනා ක්‍රමවලින් තවත් නිවස ඒකක 100 ක් රාජ්‍ය සේවා අමාත්‍යංශයට ලබා දීමට නියමිතයි.
කොළඹ නගරයේ අතීශය ඉහළ වටිනාකමකින් යුතු මෙම ඉඩම ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීමට රජය ගෙන ඇති තීන්දුවට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
රාජ්‍ය සේවා අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති හර්ෂන් ද සිල්වා සහ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
කොළඹ 05,කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස 1976 වසරේ දී ඉදි කර ඇති අතර රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් අක්කර 12 කින් සමන්විත මෙම භූමිය රජයේ නිලධාරීන් සඳහා වන නිවාස ඒකක 175 ක් හා බංගලා 15 කින් සමන්විත ය.
රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හානාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඒකාබද්ධව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කොළඹ නගරයේ සිදුවන තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයක් ළඟා කර ගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුව යමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු අමාත්‍යංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
055
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සමුළු නිවාස 190 වෙනුවට නිවාස 400 ක සංකීර්ණයක්
kamal Wednesday, 20 January 2021 02:02 AM
මන්ත්රීලාට මේ නිවාස දැන් පරණ වැඩියි. අලුත් ඒවා හදලා දෙන එක රටේ ජනතාව වන අපේ යුතුකමක්. මේ ගොල්ලන් රට වෙනුවෙන් කරන සේවය සලකා බැලුවා නම්... නැද්ද මං අහන්නේ..?
sharm warn Wednesday, 20 January 2021 06:06 AM
තවත් මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් නීත්‍යානුකූලව සිද්ද වෙන්න යනවද කොහේද? කැලේ කපන එකේ දෙවැනි කොටසද කොහේද?