(ටෝනි කරුණානායක)
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව මීගමුව පොලිසිය පවසයි.
මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර දින 11 කට පසු මීගමුව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුව කුරුණෑගල නගරයේ දී අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරුන් වන ප්‍රශාද් කාලිංග කලුඅග්ගල, උපාලි සරත් බන්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන සැකකරුවන් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.
සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා ඉකුත් 29 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සම්පායෝ සී.අයි.ඩීයට
විජිත්. Monday, 03 August 2020 05:17 AM
ඇට්ටර වැඩ ඔක්කොමකරලා... දේශපාලුවෙක්ගේ නමක් කියලා ඔබගේ " හයිය " පෙන්නපු හැටි...