IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සමන්තුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැන හෙළිකළ ඔත්තුකරුට ලක්ෂ 50 ක්

ජාතික තවුහීද් ජමාත් ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනුමැතිය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් තමා ලබාදුන් තොරතුරු අනුව පුපුරන ද්‍රව්‍ය බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල රසායනික ද්‍රව්‍ය පිරවූ කෑන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත ද තමා සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවූ බව මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට ලක්වී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීම අනුව ඔහු මෙම මුදල ගෙවීමට අනුමැතිය ලබාදුන් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඉකුත් අප්‍රේල් 26වැනි දින ලබාදුන් තොරතුරු දෙකින් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පුපුරන ද්‍රව්‍ය සොයගෙන තිබුණි.

මොහු ලබාදුන් සාර්ථක තොරතුරු දෙකෙන් එක් තොරතුරකට රුපියල් ලක්‍ෂ 25 බැගින් රුපියල් ලක්‍ෂ 50ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම මුදල පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට මෙතෙක් ලබාදුන් වැඩිම පොලිස් ත්‍යාග මුදල බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

සමන්තුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව ගැන හෙළිකළ ඔත්තුකරුට ලක්ෂ 50 ක්

ravi Wednesday, 24 July 2019 07:16 AM

අති විශිෂ්ට ත්‍යාගයක් ! මේ එක්කම .. අපේ රටේ හැම කෙනෙකුටම " රහස් පොලීසියට " රහසේ තම රාජකාරිය ඉෂ්ට කර දැනුවත් වීමටද වරමක් ලැබී ඇත !

:       0       36

ravi Wednesday, 24 July 2019 11:50 AM

එතකොට අර, දැනගෙනත් කියපු නැති අයට දෙන තෑග්ග මොකද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 191 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 224 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 238 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 512 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 447 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1861 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site