IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

(වජිර ප්‍රසන්න)

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු  ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා අද (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය.

අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම  කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.

“මීට ඉහත අවස්ථා තුනකදී මම ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා.මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්ද 1100ක් අරගෙන ජයග්‍රහණය කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ  සභාපති ධූරයට සුදුසු  මමයි.මම  විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ  උපාධිධාරියෙක්.එසේ තිබියදී දිගාමඩුල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක් මැදිහත්වී නවක මන්ත්‍රීවරයෙකුට දෙහිඅත්තකණ්ඩිය ප්‍ර‍ෙදේශීය සභාවේ සභාපති ධූරය දෙන්න කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා.ඊට මම දැඩි විරෝධය දක්වනවා.“යැයි හෙතෙම පැවසීය.



අදහස් (13)

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

Thilak Friday, 16 February 2018 11:21 AM

සටන පටන් අරගෙන වගේ

:       0       0

Dasuni Friday, 16 February 2018 11:57 AM

උපාධිදාරියෙක් වීමම නුසුදුසුකමක්නේ මහත්තයෝ. මේ ලංකාවනේ.

:       2       29

ranjith Friday, 16 February 2018 12:49 PM

ඕක තමා හැමතැනම බළල්ලු ලවා කොසේ ඇට බාවනවා වගේ වැඩක් ඡන්ද ගන්න මොනවා හරි උප්පරවැට්ටි යොදනවා.

:       1       11

ana Friday, 16 February 2018 03:07 PM

ලොක්කා වගේමයි.

:       92       78

Ajith Nissanka Friday, 16 February 2018 03:33 PM

විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙක් වුනාට මදි අලුත් හොරකම් සහ මැරකම් පිළිබද පලවෙනි ශ්‍රේණියේ සාමාර්ථයක් ඕනේ තනතුරු ගන්න! ඒකවත් දන්නේ නැතුවද දේශපාලනය කරේ? අද රටේ ජනතාව ඉල්ලනෙත් එහෙම අය! ඒක නිසා උපවාස කරන්නේ කාට පෙන්නන්නද ?

:       109       177

dhamneth Friday, 16 February 2018 04:14 PM

ඔබට උපාධියට අමතරව දක්ෂතා තිබුනානම් හොඳ ටියුෂන් ගුරුවරයෙකු වෙන්න තිබුනා. ඉංගිසි දැනුම තිබුනානම් පෞද්ගලික අංශයේ හොඳ රැකියාවක් ලබාගන්න තිබුනා.

:       122       88

vidya Friday, 16 February 2018 05:57 PM

ඔහොම දවස් පහක් තියන්න. එතකොට ඉබේම නැගිටලා එයි. වීරවංශ ඕකට හොඳ දක්ෂයා...

:       0       0

Nandalal DE SILVA - France Friday, 16 February 2018 06:51 PM

දෙන්නම එකම පක්ෂයේ නිසා මේ කතාව ඇත්තක් වෙන්න පුළුවන්. තනකුරක් ලබා ගන්න ඒකට හිඟා කන්න ඕනද? ඒකට සුදුසුකම් තිබෙනවා නම් නිකම්ම එය අතට එනවා. තව ටික දවසක් යනකොට ඔබේ බොස් ඇවිල්ල වතුර වීදුරුවක් පොවලා, නතර කරන්න කියන කම් ඔය උපවාසය දිගටම කරගෙන යන්න. ලේන්සුවක් එලාගත්තා නම් කීයක් හරි හම්බ කරගන්නත් තිබුණා!! අනේ පව් !!!

:       0       11

rocky Saturday, 17 February 2018 02:36 AM

ඔබට ඡන්දය ඉල්ලන්න තිබුණේ මහරගමින්. බඩල්ගම පදිංචිකාරයෝ විස්සක් බිහිකළේ නැගලා ගිහින් එහෙදි දිනලාලු . අවුරුදු 80 පැනපු දෙන්නෙකුත් අංශභාගේ හැදුණු රෝගියෙකුත් ඒ අතරේ ඉන්නවලු! මීට පස්සේ ඡන්දෙ ඉල්ලනකොට කොහේ හරි දුර බැහැර පළාතකට බයිසිකලේ නැගලා ගිහින් එහෙන් ඡන්දෙ ඉල්ලන්න. දිනුවොත් සභාපතිකම ෂුවර්!

:       0       423

jerami Saturday, 17 February 2018 02:40 AM

ඔය උපාධියට කරලා තියන විෂයන් වැරදියි. කරන්න තිබුනේ හොරකන් කරන විදිය, බොරු කියන විදිය, කොමිස් ගහන විදිය, පපුවට ගසාගන්නා ජාත්‍යාලය කියන විෂය, ජාතන්තර කුමන්ත්‍රණ විෂය,.. ඔන්න ඔය වගේ දේවල්. එහෙනම් ඔයාට නිකම්ම සභාපතිකම දෙනවා. අපේ රටේ ජනතාවත් හිටු කියලා ඡන්දෙත් දෙනවා. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලගෙන ඉන්න. නැත්නම් අට්ටාලේ උඩම මැරිලා යන්න. ලෙමන් පෆ් එහෙම හංග ගත්තේ නැද්ද? නැතිනම් අර දේශපාලකතුමාට පණිවිඩයක් ඇරලා ගෙන්න ගන්න.

:       0       5

ඔල්වින් මහ කුමාර Saturday, 17 February 2018 03:14 AM

උපාධිදාරින් පත්වීම හොඳයි.. හැබැයි ඡන්දයකදී මිනිස්සුන්ගේ වැඩි ප්‍රතිචාරය බලන්නත් ඕනෑ. වැඩිම ප්‍රතිශතය වැඩිම ඡන්ද අරගත් කෙනාට දෙන්න ඕනෑ. අඩු ඡන්ද අඩු ප්‍රතිශතය අරගෙන තනතුරු ඉල්ලනවා නම් වැරදියි. ඡන්දයක් තියන්නේ ඒකටනේ.. කාට වුණත් වැඩි ඡන්ද ප්‍රතිශතයට දුන්නා නම් වැඩේ ඉවරයි.

:       0       39

Sunil Saturday, 17 February 2018 01:43 PM

පුදනකොටම කාපි යකා කිව්වලු!

:       0       0

rocky Sunday, 18 February 2018 02:16 AM

ඔය උපාධි වලින් සුදුසුකම් ලැබෙන්නේ නැහැ සභාපති ධුරයට. හොරකම්, මැරකම්, දූෂණ, වංචා, කොමිස් ගැහිලි, පගා ගැහිලි පිළිබඳව විශේෂ පුහුණුවක් පළපුරුද්දක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 165 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 349 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 462 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 786 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1185 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 957 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site