සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් ඉදි කර තිබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් කුරුවිට බටුහේනේ ඉදි කර ඇති මෙම නව වෛද්‍ය පීඨය මේ මස 17 වැනිදා විවෘත කිරීමට නියමිතය.
මෙහි පළමු අදියර යටතේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනකු බඳවාගනු ලබන අතර ඔවුන් ලියාපදිංචි කිරීමද විවෘත කිරීමේ දිනදී සිදු කිරීමට නියමිත බව සබරගමුව විශව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.
වෛද්‍ය පීඨයට අවශ්‍ය අති නවීන පහසුකම් සහ තාක්ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම්, බඳවා ගන්නා සිසුන්ට පුර්ණ නේවාසික පහසුකම් මෙහි ස්ථාපිත කර තිබේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ ඉදි කර තිබු පුහුණු මධ්‍යස්ථානය වෛද්‍ය පීඨයක ඇති අවශ්‍යතාව මත පදනම්ව සබරගමු විශ්ව විද්‍යාලයට පවරා දීමෙන් අනතුරුව මෙම වෛද්‍ය පීඨය ඉදි කළ බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසීය
මෙම වෛද්‍ය පීඨය ඉදි කිරීමත් සමඟ ලංකාවේ 10 වැනි වෛද්‍ය පීඨය ලෙස මෙම වෛද්‍ය පීඨය නම් කළ හැකිය.
එමෙන්ම වයඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හිද වෛද්‍යපීඨ ඉදි කිරීමට නියමිතය.
වෛද්‍ය පීඨය විවෘත කිරීමට සමගාමීව නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය ජනතාවට ලබාදීමේ අරමුණින් රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් කර ජනතා අයිතියට පැවරීමද සිදු කිරීමට නියමිතය.
සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙය ඉදි කෙරුණු අතර අමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා නව වෛද්‍ය විද්‍යාලය සිසු අයිතියට පැවරීමට නියමිත බවද උප කුලපතිවරයා සඳහන් කළේය.
(36698)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සබරගමුව සරසවියට නව වෛද්‍ය පීඨයක්
අනුර Monday, 14 January 2019 11:44 AM
මේකටත් අන්තරේ කට්ටියපැනලා අරක නෑ මේක නෑ කියල ළමයින්ව පාරෙ රස්තියාදු කරවයි ද දන්නෙ නෑ ?
Raveendra Monday, 14 January 2019 04:31 PM
අනුර මයා වෙත, "අන්තරේ කට්ටිය" අන්තරේ ඉන්න "අන්දරේලා" ටික ලෙස ඔබගේ අදහස් නිවැරදිය යුතු බව කාරුණිකව සලකන්න. කෙසේ වෙතත් අන්දරේලා අද හෙටම පාරට බහිනවා. ගාලා තියන තීන්ත පාට හොඳ නැහැ කියලා හරි අඩු තරමින්... මොකද අන්දරේලාගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ දියව් දියව් හැර වෙන කිසිඳු වචනයක් නැත.