IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සබරගමුව වෛද්‍ය පීඨය දේශපාලනඥයින් විවෘත කරනවාට සිසුන්ගේ විරෝධය

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)


සබරගමු විශ්ව  විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධ කර ගැනීමට විරෝධය පළකරමින්  විශ්ව විද්‍යාල සිසුහු  අද (16) උද්ඝෝෂණයක් කළහ.


විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් අරඹා තිබු මෙම උද්ඝෝෂණය  දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට  පැවැත්විණි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා ප‍්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත වීමට නියමිතය.


සබරගමු විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබුණේ  විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බව විරෝධතාව මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංක ගමගේ සිසුවා පැවසීය.


දේශපාලකයන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පවත්වා එය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බවට උපකුලපතිවරයා ලෝකයට පෙන්න්න උත්සහ කරන බව ද ඔහු  කීවේය.


මෙම විරෝධය පවත්වන්නේ උපකුලපතිවරයාගේ එම උත්සාහයට මිස වෛද්‍ය පීඨයට එරෙහිව නොවන බව ද ඔහු කීවේය.
විවිධ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.



අදහස් (22)

සබරගමුව වෛද්‍ය පීඨය දේශපාලනඥයින් විවෘත කරනවාට සිසුන්ගේ විරෝධය

kap Wednesday, 16 January 2019 09:17 AM

ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයට යන අයට දේශපාලනය කරන එකත් නවත්තන්න ඕනේ. මෝඩ හැත්ත. මේ අය මේ වගේ හැසිරෙන කම්, මේ රට ඉවරයි. කලා උපාධි අපේක්ෂකයෝ, වෛද්‍ය අංශය ගැන කතාකරනවා.

:       934       967

IndunilWednesday, 16 January 2019 10:41 AM

මේ අය කියන්නේ ඇත්ත. "මෝඩ හැත්ත" ඉන්නේ 255... ඕක ගැන කතා කරන්න උපාධි ඕනෑද?

:       195       238

kapWednesday, 16 January 2019 11:53 AM

මෝඩ හැත්ත... 225 පත් කරන එවුන් ඊට වඩා මෝඩයි නේද? කරුණාකර පැළඳගෙන සිටින මෝඩ ඔටුන්න ගලවා කතා කරන්න. මෙතන ඉන්න ගොඩක් අයත් ඒ මෝඩ රැලට අයිතිය. මමත් අයිතිය...

:       6       166

RaveendraWednesday, 16 January 2019 11:25 AM

kap මයා වෙත, මෙවන් විවෘත කිරීම්වලට සිසුන් පමණක් නොව වැඩිහිටි අපද එකහෙලා විරුද්ධ විය යුතුමය. මක්නිසාදයත් මේ ඔබේ අපේ දුප්පත් බදුමුදල් වියදම් කර රටේ දියුණුව වෙනුවෙන් ගොඩනගපු දේවල් බැවින්ය. මෙහි කිසිදු ‘‘දේශපාලුවෙකුගේ" පුද්ගලික මුදල් වැයවී නැතිබව ඔබ මෙන්ම අප සියල්ලෝම දන්නා කරුණකි. තවද මෙහි කිනම් හෝ නාමපුවරුවක් විවෘත කරන්නේ නම් එහි මෙසේ සඳහන් කිරීම බදුමුදල් වලින් වැටුප් ලබන සියලුම නිලධාරීන් වග බලා ගත යුතුමය. " මෙම ගොඩනැගිලි ශ්‍රී ලංකා වාසි දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලින් සාදා නිමකරන ලද අතර එම බදුමුදල් වලින්ම පිනටම ජීවිකාව ගෙනයන මහජන නියෝජිතයන් 225ගෙන් එක අයෙක් වන මා විසින් මහජන මුදල්ම වියදම් කර මෙසේ විවෘත කරන ලදී.

:       25       353

BamunuarachchiWednesday, 16 January 2019 01:45 PM

කොල්ලනේ ඔය උද්ඝෝෂණයට දිනය, වෙලාව හා තැන තෝරාගනිල්ලා. මම කියනදේ තේරෙනවා නේද?

:       29       34

ranilThursday, 17 January 2019 09:53 AM

නිදා ගන්න අන්කල් . කොල්ලෝ කුලප්පු කරන්නේ නැතුව . ඔයාගේ කලේ ඉවරයි

:       0       1

sena Wednesday, 16 January 2019 09:17 AM

මේක උද්ඝෝෂණය කරන්න තරම් කාරණයක්ද? ළමයි මොකක් හරි අල්ලගෙන හැමදාම උද්ඝෝෂණ කරනකොට ඉගෙනගන්නේ කොයි වේලාවේද?

:       128       248

Raveendra Wednesday, 16 January 2019 09:20 AM

මෙම විරෝධය නම් සෑම තැනින්ම වියයුතු දෙයක්මයි. මොකද මේ සියල්ලම දුප්පත් මහජනතාවගේ බදුමුදල් වියදම් කර ගොඩනැගෙන දේවල් බැවින්ය. කිසිදු දේශපාලකයෙක්ගේ පුද්ගලික වියදමින් නිර්මාණය නොවන දේවල් බැවිනි. තවද එසේ බදුමුදල්වලින් සාදන ලද දේවල් මහජන මුදල්ම වියදම් කර දේශපාලකයන්ගේ නම්ද යොදමින් නාස්ති කරනවා නොවේද?

:       28       251

rama Wednesday, 16 January 2019 09:23 AM

එ්ක නම් හරියට හරි. පොලිටික්කෝ ඇවිල්ලා විවෘත කරන්නේ උන් සල්ලි ගෙදරින් ගෙනැල්ලා හදපු‍වා වගේ. ජනතාවගේ බදු මුදල් වලින් හදල ඒවා විවෘත කරන්න ඕනෑ ජනතාව විසින්...

:       23       201

akila Wednesday, 16 January 2019 09:24 AM

මහා ශිෂ්‍ය සංගමයේ කට්ටිය හිතන් ඉන්නේ උද්ඝෝෂණ කළාම ඔක්කොම දෙවියෝ දෙනවා කියලා...

:       350       295

LakmalWednesday, 16 January 2019 12:44 PM

දෙවියෝ දෙන්නා නැහැ. හැබැයි දේශපාලකයෝ එයාලගේ සල්ලිවලින්ද දෙන්නේ?

:       22       55

lanka Wednesday, 16 January 2019 09:55 AM

පළවෙනි පින්තූරයේ දැක්වෙන පරිදි මේ උද්ඝෝෂණ දැන් බල්ලාට ගොස් ඇත.

:       9       94

wedageWednesday, 16 January 2019 10:36 AM

ළමයින් මේ බල්ලාට කෑම දෙන නිසා මේ බල්ලාත් ළමයින් සමග සැරිසරනවා

:       2       24

pathiranaWednesday, 16 January 2019 12:46 PM

එ් කියන්නේ බල්ලා සමග සැරිසරන ළමයිද?

:       34       15

dhamneth Wednesday, 16 January 2019 10:25 AM

මොකක් හරි උපාධියක් සමත් වුවාට පසු රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ කන්නලව් කරන්නේ දේශපාලකයන්ට මිස දෙවියන්ට නොවෙයි නේද මල්ලියේ? දේශපාලකයන් අතින් පත්වීම් දෙනකොට වැඳ නමස්කාරකර පත්වීම් ලිපි ලබාගන්නවා. අපි හැම වර්ෂයකම මාධ්‍ය මගින් දකිනවා. ඔය වසර තුන, හතරට කාඩ්බෝඩ් වීරයෝ වෙන්න එපා...

:       26       305

Jerami Wednesday, 16 January 2019 10:56 AM

ඕන එකෙක් ඇවිල්ල විවෘත කරලා යනකම් ඉඳලා ඔයාලට තියෙන්නේ ගිහින් ඉගෙන ගන්න නේද? උත්සවයට ඔයාලා නොගිහින් හිටියම ඉවරයි නේද? ඕකට කාලය නාස්ති කරලා උද්ඝෝෂණ කරන්න ඕන නැහැනේද? ඕවා ඇවිල්ල එක එක දේශපාලකයන්ට කඩේ යාමක් කියලයි මට හිතෙන්නේ. අර කෝච්චියක් එනකොටත් උද්ඝෝෂණය කලේ....

:       1       59

samantha Wednesday, 16 January 2019 11:15 AM

මේවා ඉදිකර ඇත්තේ මහජනයා ගෙවන බදු මුදල් වලින් හෝ පිටරටින් ගත් නය මුදල් වලිනි. රටේ බදු ගෙවන සියලු ජනයාට මෙය විවෘත පැමිණිය නොහැකි බැවින්, ඔවුන්ගේ නියෝජිතයින් මෙය විවෘත කිරීමේ වරදක් නැහැ.

:       0       59

prabha Wednesday, 16 January 2019 01:13 PM

දවසක් පන්ති පාඩු කරගන්නේ නැතුව හෙට උත්සවය වර්ජනය කළා නම් ඉවරයිනේ...

:       0       15

Jehaan Wednesday, 16 January 2019 01:30 PM

රජයේ පත්වීම් ලබා ගෙන සේවය පතා එන මහජනයාට සත්තම දාන්නෙත් ඔය දේශපාලක දෙවියා මතක් කරගෙන තමයි.

:       0       12

ranjith Wednesday, 16 January 2019 10:58 PM

දේශපාලන අතකොලු වෙලා කවුද වගේ හැසිරෙනවා

:       0       0

chapa Thursday, 17 January 2019 01:29 AM

දැන් ගෙරෙව්වට තව අවරුදු දෙක තුනකින් දේශපාලුවෝ ගාව දන ගහන්න වෙනවමයි....

:       0       0

දිලුම් Thursday, 17 January 2019 05:37 AM

මේකේ දාල තියන ගොඩක් අදහස් වලින්ම පේනවා අපේ තියන වහල් මනස. වචනවලත් කිසිම සංයමක් නැතුව මෙතන අකුරු කොටලා ඒකෙන්ම එයාගෙ තරම පේනවා. අපි කරන්නේ හැමදාම තියන ක්‍රමේට බැන බැන ඒක වෙනස් කරන්න හදන එකාගෙ කකුලෙන් අදින එක. ඒකයි ලංකාව හැමදාම වල පතුලටම යන්නේ. දැං මේ ළමයි මේ කියන දේ අපි හැමෝම පිලිගන්නවා අනික රනිල් සහ ඒ නඩය ඇවිත් විවෘත කරන්නේ අපේ බදු මුදලින් රුපියල රුපියල එකතු කරල හදපු ගොඩනැගිල්ලක්. ඒත් ඒක 225 සල්ලිදාල හැදුව වගේ කථා කරල විවෘත කරනවා. අනික එනකොට මොනතරම් මුදලක් වියදම් කරල සැරසිලි කන්න බොන්න දේවල් ආරක්ෂාව වගේ එකි මෙකි නොකි සියලු දේ සපයන්න ගොඩනැගිල්ලේ වියදම වගේ තවත් බාගයක් යනවා. මේ වගේ බොරු ෂෝ ඕනද කියන එක ඇයි අපිට දැන්වත් අවංකව හිතන්න බැරි. මං නම් එක හෙලා මේ ළමයින් ගේ මේ ක්‍රියාව අනුමත කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 508 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 169 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1433 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 668 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 345 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 993 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site