IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සබරගමු හිටපු පළාත් සභා මන්ත්‍රී නිදහස්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.

අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දු පුකාශයට පත් කරන ලදී.

තමන්ට පැනවු මරණ දඩුවම ඉවත් කරන්නැයි ඉල්ලා හසිත මුහන්දිරම් ගොනු කළ ඇපෑලේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හෙතෙම මෙම මරණ දඩුවමින් නිදහස් කර ඇත.

පුද්ගලයින් දෙදෙනෙකු කාරයකට යට කර මරා දැමීමේ චෝදනා වට  හසිත මුහන්දිරම් වරදකරු කරමින් 2014 වසරේ දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කළේය.

හසිත මුහන්දිරම් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා පෙනී සිටියේය.

 



අදහස් (11)

සබරගමු හිටපු පළාත් සභා මන්ත්‍රී නිදහස්

Mahee Tuesday, 10 December 2019 08:47 AM

මුල් අධිකරණයේදී මේ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයාට වැරදුනා කියලද මේ කියන්නේ? විඩාර් හල්වොර්සන් කියනවා වගේ "එක අහිංසකයෙකු වැරදිකාරයා කරනවාට වඩා වැරදිකරුවන් දහ දෙනෙකු නිදහස් කර යැවීම හොඳය" කියල පෙනුනද දන්නේ නෑ. කොල්වින් ආර් ද සිල්වා නිකම්ය කිව්වේ "නීතිය ඔලු තුනේ බුරුවෙකි" කියලා.

:       120       180

wac Tuesday, 10 December 2019 08:58 AM

බොරු ගොතලා ඇත්ත වහලා මිනී මරුවන් නිදහස් කර ගන්න නීතිඥයන්ද රටේ අපරාධ වලට වග කිව යුතුයි. ඔවුන්ට නම් ප්‍රසිද්ධ කිරීමෙන් ඔවුන්ට මඩිය තර කර ගැනීමට තවත් උපකාරයක් වනු ඇත.

:       1       105

sharm warn Tuesday, 10 December 2019 09:16 AM

තව කවුරු හරි ඉන්නවද මරණ දඩුවමෙන් නිදහස් වෙන්න ඕන කෙනෙක් ? එක්කෙනෙක් අත්සන් කළා. මම හිතන්නේ මිනි මරණ එක ජනතාකරණය වෙයි වගේ.

:       0       44

පිටිගල මිලානෝ Tuesday, 10 December 2019 09:40 AM

මේ අනුව..... දුමින්ද සිල්වත්, තංගල්ලේ සභාපතිත් ළඟදීම නිදහස් වෙයි වගේ.

:       0       114

දිමුත් Tuesday, 10 December 2019 11:17 AM

දැන් මෙයා නිර්දෝශියි කියමුකෝ. එතකොට හදිසියේවත් එල්ලුවානම් මැරෙන්නේ අහිංසකයෙක්ද?

:       0       71

GuneTuesday, 10 December 2019 12:51 PM

ඔබ අහන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉතිහාසය පුරාම හැම රටෙන්ම එහෙම සිද්ධි වාර්තා වෙලා තියෙනවා. අපට ඉංග්‍රීසි නීතිය උරුම කළ එංගලන්තයේ පවා නිදසුනක් හැටියට තිමෝති එවන්ස්, ජෝජ් කෙලී, ඩෙරෙක් බෙන්ටලී යන අය මරා දැමුවාට පසුව ඔවුන් නිවැරදි බව හෙළිවුණා.

:       0       1

Mahesh Tuesday, 10 December 2019 12:27 PM

දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ඔහුට අවුරුදු 6 ක් ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. විශාල මුදල් ප්‍රමාණයකුත් වැය වෙන්න ඇති නඩු වාර ප්‍රමාණය එක්ක බැලුවහම. ඉඩම් නඩු මීට අන්තයි. පහළ උසාවි වලට උගත් බුද්ධිමත් අයව යොදවන්න ඕන මේ නිසයි. කාලය සහ මුදල් නාස්ති වෙන්නේ. අනික අහිංසක මිනිස්සු කීයක් නම් ඇතුලේ ඇතිද ?

:       0       2

ඉරාන් Tuesday, 10 December 2019 01:13 PM

තත්වය මෙසේ නම් මුලින් වැරදි තීන්දුවක් දුන්න විනිසුරුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?

:       0       1

Champa Tuesday, 10 December 2019 03:11 PM

දැන් මෙහෙම තමයි රැල්ල යන්නේ. මිනීමරුවෝ ඔක්කොම නිදහස් කරගෙන කරගෙන යනවා තමන්ගේ පැත්තේ මිනීමරුවන් නිදහස් කරනකම්. ඊට පස්සේ රැල්ල ආපිට හැරෙනවා

:       0       1

චින්වී Tuesday, 10 December 2019 04:57 PM

වාහනයක් හැප්පිලා මිනිහෙක් මැරුනට එය සාපරාධී මිනී මැරුමක් ලෙස සලකා මරණ දඩුවම දෙන්නෙ නෑ. නමුත් හිතා මතා හැප්පුවා කියා ඔප්පු උනොත් එය මිනීමැරුමක්. මෙහිදී මුලින් චේතනාවෙන් මැරූ බවට ඔප්පු කලා විය හැක. ඇත්තටම සිදුවූයේ කුමක් උනත් ඇපෑලේදී එය හිතා කළ සැලැස්මක් නොවන බව ඔප්පු කරන්න ඇති.

:       0       1

raheem Tuesday, 10 December 2019 06:33 PM

සර්පයා හුඹහෙන් එලියට දැන් කාට දෂ්ට කරයිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 265 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1140 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 150 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site