IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

සඳ මත ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.ඔවුන් පවසන්නේ සඳෙහි සූර්යයාට මුහුණලා ඇති පැත්තේ ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවයි.

චන්ද්‍රයාගේ ක්ලැවියස් නමින් හැඳින්වෙන ආවාටයෙන් ජල අණු (H2O) සොයාගැනීමට සමත් වූ බව මෙම පරීක්ෂණය සිදුකළ ඇමරිකාවේ හවායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.ඔවුහු නාසාහි අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වන ස්ට්රෝටෝස්පරික් නිරීක්ෂණාගාරය මෙම පරීක්ෂණ සඳහා යොදා ගත්හ.
මෙම අධ්‍යයනය පිළිබඳ දත්ත නේචර් ඇසුට්‍රොනොමි සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

පර්යේෂකයන් පවසන්නේ මෙම ජල අණු චන්ද්‍ර පෘෂ්ඨය පුරා විසිරී පවතින බවයි. සඳ මත සීතල සහිත හෝ සෙවනැලි සහිත ස්ථාන වල පමණක් ජල අණු පවතින බව මුලින් සිතා සිටියද පසුව එම මතය වෙනස් කිරීමට සිදුවූ බව ඔවුහු පවසති.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ චන්ද්‍රයාන් - 1 මෙහෙයුමේදී සඳමත යම් ආකාරය හයිඩ්‍රජන් වර්ගයක් පවතින බව අනාවරණය වූ අතර නාසා විද්‍යාඥයින් පැවසුවේ එය ජලය හා සමීප රසායනික සංයෝගයක් වන හයිඩ්‍රොක්සයිල් (HO) විය හැකි බවයි.

චන්ද්‍ර පෘෂ්ඨයේ පස් කියුබික් මීටරයක ජලය අවුන්ස 12ක් පමණ පවතින බවද විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.සන්සන්දනාත්මකව බැලුවහොත් සහරා කාන්තාරයේ පස් කියුබික් මීටරක සඳෙහි ඇති ප්‍රමාණය මෙන් සියගුණයක් ජල පරිමාවක් තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨයේ පවතින්නේ කෙසේද යන ප්‍රශ්න වලට විසඳුම් සොයාගතු යුතු බවද විද්‍යාඥයෝ සඳහන් කරති.

"ජලය ලෙස හඳුන්වන අප දන්නා හුරු පුරුදු දෙය සඳෙහි හිරු එළිය ඇති පැත්තේ තිබිය හැකි බවට අපට යම් සාක්ෂි තිබුණා. දැන් අපි සත්‍ය වශයෙන්ම දන්නවා එය එහි ඇති බව. මෙම සොයා ගැනීම චන්ද්‍ර පෘෂ්ඨය පිළිබඳ අපගේ අවබෝධය අභියෝගයට ලක්කරන අතර තවත් කුතුහලය දනවන ප්‍රශ්න කිහිපයක් ද මතුකරයි." යනුවෙන් මෙම අධ්‍යයනය සිදුකළ හවායි විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය කේසි හනිබෝල් පවසයි.

විදෙස් මාධ්‍ය ඇසුරිණි

085

 



අදහස් (8)

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

අබිලිං Wednesday, 28 October 2020 01:11 AM

මොන දේ හොයා ගත්තත් කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තේ නැහැනෙ.

:       0       2

අනුරාද melbourne Wednesday, 28 October 2020 01:16 AM

කොරෝන වලට තාම පෙත්තක් හොයාගත්තේ නෑ හදේ වතුර හොයාගෙන... මේවට හිනා වෙන්නේ කොහෙන්ද?

:       3       2

kamal Wednesday, 28 October 2020 03:10 AM

ඔකනෙ හදෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා පොරොන්දු වුණේ...

:       0       0

එරා Wednesday, 28 October 2020 03:34 AM

නවීන විද්‍යාවට මේක හොයාගන්න අවුරුදු 60ක් ගියානෙ...

:       2       1

BamunuarachchiWednesday, 28 October 2020 07:53 AM

ෂාහ් පේනයක් බැලුවානම් හරි සාස්තරයක් අසුවානම් පටගාලා දැන ගන්න තිබුනා නේද? අනික තිබෙන වතුර වලවල් ටික දැක දැක ඔක කියන්න බැරිද නේද?

:       3       1

pakeer Wednesday, 28 October 2020 05:56 AM

විද්‍යාව කියන්නේ හැමදාම වෙනස්වන විෂයක්...

:       0       1

Nuwan Wednesday, 28 October 2020 09:37 AM

2040 පුවතක්: සද මත ප්‍රතම ලිද කපන යන්ත්‍රය නිර්මාණය නාසාහි ලාංකික සම්භවයක් ඇති ඉන්ජිනේරු මහතෙක් අතින් . 2050: සද මත ජලය සොරාගෙන කසිප්පු පෙරූ ලාංකිකයා අත්අඩංගුවට .

:       0       3

Bamunuarachchi Thursday, 29 October 2020 02:20 AM

ලාංකිකයෝ කසිප්පු පෙරන්න කලින් අර්ගොල්ලෝ ඔහේ කඩ දාගෙන ඉඳියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 56 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 158 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 433 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 686 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 278 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 146 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site