IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)
 
පාර්ලිමේන්තුවේදී අද(12) පස්වරුවේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
 
සමස්ත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද හෙට (13) දිනයේදී ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (16)

සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක්

Nandalal DE SILVA - France Tuesday, 12 March 2019 07:52 AM

තවමත් මේ විරුද්ධ පක්ෂ රංචුව වලිකන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් මේ රජය පෙරලා දැමීමට බව යලිත් වරක් සනාථ කර තිබෙනවා. කලින් ඔවුන් කිවුවා "අර පෝයට පෙර, මේ පෝයට පෙර" රජය පෙරලනවා කියා...පෝයවල් කිහිපයක් ගිය නමුත් රජය සිය කටයුතු නියමෙට කරගෙන යනවා. ඊට පස්සේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් එය කිරීමට ගොස් පස්ස බිම එන ගත්තා! "දින 52 තාවකාලික අගමැති" ඉන්පසුව කිවුවා එන පළමු තත්පරයෙදීම යලිත් වරක් බලයට ඒමට පුළුවන් හැම දෙයක්ම කරනවා කියල. මහා මැතිවරණය සහ ජනපතිවරණය කට ළඟ තබාගෙන නැවතත් දුම්මල වරම ගත් යක්දෙස්සන් වගේ උඩ පනිනවා රජය පෙරලා බලයට එන්න. මැතිවරණ එන තුරු ඉවසන්න බැරි මොකොද?

:       387       1146

Nissanka Tuesday, 12 March 2019 08:00 AM

ජනාධිපති වැය ශිර්ෂයටත් විරුද්වධ ඡන්දෙ දෙනවද?

:       33       108

sujeewa Tuesday, 12 March 2019 08:14 AM

අද මාධ්‍ය වල තිබුනා අය වැයට විරුද්ධවත් ජනාදිපති වැය ශීර්ෂයට පක්ෂවත් ඡන්දය දෙනවා කියල. එක එහෙම නම් මුළු අය වැයම වැරදි එකක් වෙලා ජනාධිපති වැය ශීර්ෂය විතරක් හරි වෙන්නේ කොහොමද. මේගොල්ලන්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.

:       137       675

NishanthaTuesday, 12 March 2019 08:37 AM

මෙයාලට රට හදන්න ඕනේ නැහැ. මෙයාලට ඕන ඒගොල්ලන්ට එක දාගන්න වැඩ කරන්න.

:       2       73

SRI LANKIKATuesday, 12 March 2019 08:56 AM

මෙය තමය මේ අයගේ දේශපාලන ක්‍රමය. එකග වෙන්නයි විරුද්ධ වෙන්නයි, එකම අවශ්‍යතාවය තමන්ට වාසිද අවාසිද කියලා විතරයි බලන්නේ.

:       2       94

sandy123Tuesday, 12 March 2019 08:56 AM

දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැහැ. ප්‍රතිපත්තියක් තියන උදවිය දේශපාලනයට එන්නෙත් නැහැ.

:       2       106

de silva berlin Tuesday, 12 March 2019 08:26 AM

රටක විපක්ෂයේ වගකීම අයවැයේ සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් වෙන කොටස් පෙන්වා දීල අයවැය හරි මගට ගැනීම මිසක් , තම දේශපාලන බලය රැක ගැනීමට අයවය භාවිත කිරීම නොවේ , මෙවැනි ක්‍රියා නිසා රටේ ආර්ථිකයට වන විනාශය ගැනමොවුන්ට කිසිම තැකීමක් නොමැත

:       23       148

raviTuesday, 12 March 2019 09:58 AM

ඉදිරිපත්කරලා තිබෙන අය-වැය ඉතාමත් සාර්ථකයි ... ඒ නිසා තමයි දැන් විපක්ෂය තක්කු මුක්කු වෙලා දඟලන්නේ .. පොහොට්ටුවේ ගමරාලලට අමුඩ ගෙඩිය ගැලවෙන්න දීපු , මංගල අය වැයක් .. !

:       84       210

kanjipana Tuesday, 12 March 2019 08:58 AM

එක්සත් ජනතා සන්ධානය තියෙන්නේ කොහෙද ඒකට ඡන්ද කීයක් විතර තියෙනවද කියන්න පුලුවන්ද ?

:       3       25

smn Tuesday, 12 March 2019 09:35 AM

මෙයාට ඕන නිතරම මූණත්තට්ටුව ප්‍රදර්ශනය කරමින් තමා මහ ලොකු චණ්ඩියෙක් කියලා ජනතාවට පෙන්වගන්න…... ඔක්තෝබර 26 කුමන්ත්‍රණය දවස්වල ශ්‍රීලනිපයට පයින් ගහලා හනික ගොහින් පොහොට්ටුවේ සාමාජිකත්වයත් ලබා ගත්තෙ මහින්ද මහත්තයගෙන් ඇමැති කට්ටක් ලබා ගන්න කියලා…. වැඩේ අංජ බජල් වෙලා ගියා නේ.

:       3       215

saliya Tuesday, 12 March 2019 09:37 AM

අයවැය හොඳ නැති මුත් ජනපති දැන් හොඳය. ජනතාවට හිතකර එකම දෙය ජනපති ට මුදල් වෙන් කිරීම පමණි . තර්කය වැටහේ . ජනපතිටත් ඔබලාටත් ජයම වේවා . අපිට කෙල වුනාට කමක් නැත.

:       10       36

chamath Tuesday, 12 March 2019 09:53 AM

ඉතාමත් හොද තීරණයක්

:       115       57

chamath Tuesday, 12 March 2019 09:55 AM

මේ අය වැය දුප්පතාට කරපු කිසිම සහනයක් නෑ

:       1       150

prabha Tuesday, 12 March 2019 11:52 AM

දැන් මේ අය අයවැයට විරුද්ද වෙන්නේ අය වැය ජනතා හිතවාදී නොවෙන නිසාද එහෙමත් නැත්නම් බලයට පත්වෙලා හොරාකන්න තියෙන හදිස්සියටද ?

:       0       9

pythagoras Tuesday, 12 March 2019 12:11 PM

සන්ධානෙ තීරණය ගැන කතා කළ යුත්තේ සන්ධානයේ උදවිය නේද? මේ කවුද?

:       0       2

සිරිබිරිස් Tuesday, 12 March 2019 12:18 PM

1970 කාලයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති යුද්ධයේදී නැගෙනහිර පකිස්තානය ලෙස එතෙක් තිබුන පකිස්තානයේ කොටසක් යුද්ධයෙන් පසුව (1970 දී) නැගෙනහිර පකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් වුනා. වර්තමානය වනවිට කොතෙක් ස්භාවික ආපදා කෙතෙක් තිබුනත් මේ වන විට ආසියාවේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන රට බවට පත්වෙලා. අපි නිදහස් රටක් වෙලා අවුරුදු 71 ක් පසුකර සිටියත් මොවුන් වැනි අය සිටිනතුරු 1948 සිටම කිවූ ලෙස තවත් අවුරුදු සියයක්වත් අපි ආසියාවේ සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කියමු

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 458 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 986 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1140 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 748 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 201 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1894 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site