IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සන්ධ්‍යා එක්නැළිගොඩ ගොනු කළ පෙත්සමට අදාල කරුණු දැක්වීමට නීතිපතිට කල් දෙයි

(තිළිණි ද සිල්වා)
 
 සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ මුදා හැරීමට ජනාධිපතිවරයා ගත්  තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ  ගොනු කළ  අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම  පෙත්සම අද (10) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ  එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය. පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර හයකින් ගෙවිය යුතු බවට තීන්දුවක් ලබා දුන් බවයි.

එවැනි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
 



අදහස් (13)

සන්ධ්‍යා එක්නැළිගොඩ ගොනු කළ පෙත්සමට අදාල කරුණු දැක්වීමට නීතිපතිට කල් දෙයි

සේන Wednesday, 10 July 2019 09:28 AM

එක්නැලිගොඩ කියන්නේ පාවාදීමටම ඉපදුණු පරම්පරාවක්... මේ මනුස්සයා රටේ යුධ රහස් එල්.ටී.ටී.ඊ එකටත් ජාත්‍යන්තරයටත් දීලා තමයි ඔය ගෑණු මනුස්සයාට කන්න දීලා තියෙන්නේ. තමන්ගේ ම අසූචි කෑවා නම් ඊට වඩා හොඳයි. මෙන්න මේ ගෑණු මනුස්සයා රටෙන්ම එළියට විසිකරලා දාන්න ඕනෑ කුණු ගොඩක්.. පිළිලයක්

:       604       521

raviWednesday, 10 July 2019 09:56 AM

කාන්තාවන්ට.. නින්දා, අපහාස, තර්ජන කිරීම... තව වෙනත් චෝදනාවක් !!!

:       76       272

BamunuarachchiThursday, 11 July 2019 12:17 AM

අපේ හාමුදුරුවෝ හිරෙගියේ උසාවියට අපහාස කළා කියලා එම වරදට නිදහස දුන්නේ රටේ විධායකය. ඥානෙස්සර හාමුදුරුවෝ මේ සිංහල බෞද්ධ රටට කාලීන අවශ්‍යතාවයක්.

:       0       0

shanWednesday, 10 July 2019 12:26 PM

මෙයා ශ්‍රී ලංකාවේ ඩොලර්වලින් හා කොටින්ගෙන් යැපෙන තැනැත්තිය ලෙස හැඳින්විය හැකිය.

:       186       170

Chanak los angelesWednesday, 10 July 2019 08:42 PM

ඔබ ඒක නීතිය ඉදිරියේ ඔප්පුකර පෙන්වන්න. නිකන් හොරුන්, මිනීමරුවන්, දූෂකයින් වෙනුවෙන් කහින්න එපා හලෝ..

:       13       0

Chanak los angelesWednesday, 10 July 2019 08:38 PM

සාටකලාගේ වහලුන් මොනවා කිව්වත් එම කාන්තාව අපේ කාලයේ වීර මාතාවක්... පේනවා නේද සාටකයින්ගෙන් වුණු අසාධාරණයට යුක්තිය ඉල්ලා තනිවම සටන් කරන හැටි...

:       26       0

BamunuarachchiThursday, 11 July 2019 10:15 AM

මේ උන්දැගෙ වහල්ලු දන්නේ නැහැ මේ උන්දැට වියදම් කරන්නේ NGO හැත්ත කියලා.... වහල්ලු බව නොදන්නා වහල්ලු. හාමුදුරුවෝ හිරේ දැම්මේ අධිකරණයට අපහාස කළා කියලා... විධායකය සමාව දුන්නා. ඒ බලතල අනුව. මේ උන්දැට තියන අමාරුව මොකක්ද?

:       0       0

Fernando Wednesday, 10 July 2019 09:36 AM

නීතිය බල්ලට ගිහින්....

:       29       48

C.K.Lankaputhra Wednesday, 10 July 2019 10:34 AM

රාජපක්ෂලා තමයි එක්නැලිගොඩට කොටි ලේබල් ඇලෙව්වේ. අද වෙනතුරු කිසිම අධිකරණයකින් හෝ නීතිමය පරීක්ෂනයකින් හෝ වෙනත්ම කිසිම අන්දමකින් ඔහුගේ කොටි සංවිධානය සමග සම්බන්ධ කමක් හොයාගෙන හෝ ඔප්පු වී නැහැ. කරුණු එසේ නම් සේනලා වගේ අය රස කරකර අනුභව කරන්නේ කාගේ අසූචි දැයිි අපට ඉතා පැහැදිලියි.

:       88       229

BamunuarachchiThursday, 11 July 2019 02:32 AM

රාජපක්ෂලා තමයි ඒකාලේ සිටි කොටි, කොටි නියෝජිතයන්, කොටි ඔත්තුකාරයෝ කව්ද කියා දැනගෙන සිටියේ. නැතුව ඔහෙලා වගේ මිනිස්සු නොවෙයි. ඒ නිසයි අවුරුදු 25 යුද්ධය... අවුරුදු 4 පරාජය කළේ... ඒ කාලේ සිටිය ඔහෙලගේ නායකයින්ට කොටි තියා පාමන්කඩ, අලිමංකඩවත් හඳුනාගෙන සිටියේ නැහැ. ඒ කාලේ සමහර නායකයින්ට කොටියන්ට කතා කළේ ප්‍රභාමල්ලි කියලා මතක නැද්ද? අන්න ඒ ගොල්ලෝ තමයි ඒ ගොල්ලන්ගේ අසූචි ඔයගොල්ලන්ට කැව්වේ... මැටිකතා කියන්න එපා හලෝ...

:       0       0

ජයන්ත මිලානෝ Wednesday, 10 July 2019 12:37 PM

තමන්ගේ මව හෝ සහෝදරිකට මෙහෙම දෙයක් වූවානම් සේනලා වගේ වහල්ලු ඔවැනි ප්‍රකාශ කරන්නේ නැහැ.

:       0       35

BamunuarachchiThursday, 11 July 2019 10:03 AM

අධිකරණය එහි බලතල පාවිච්චි කළා ජනාධිපති ඔහුගේ බලතල පාවිච්චි කළා.

:       0       0

Chanak los angeles Sunday, 14 July 2019 12:19 AM

එක්නැලිගොඩ මහත්මිය 19 පාවිච්චි කරනවා.. මොකක්ද දැන් ප්‍රශ්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 349 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 0 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 160 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 145 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site