IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සතොසේ ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට

(අජන්ත කුමාර අගලකඩ)
 
සතොස ආරක්ෂක සහ පොදු පෞද්ගලික සමාගමේ පරිපාලන කටයුතු රක්නා ලංකා ආරක්ෂක සමාගමට පැවරීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට අයත් සතොස ආරක්ෂක සමාගම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අයතන රැසකට ආරක්ෂක සේවා සපයයි.
 
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ආරක්ෂක කටයුතු ඉටුකරනු ලබන්නේ සතොස ආරක්ෂක සමාගම විසිනි.
 
හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු යටතේ පුහුණුව ලැබූ ආරක්ෂක නිලධාරීහු 600දෙනෙක් පමණ එහි සේවය කරති.
 
ඒ අනුව, මෙම සමාගමට රක්නා ලංකා ආරක්ෂක සමාගම යටතේ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමටත්, එහි ආරක්ෂක සේවා කටයුතු පුළුල් කිරීමටත් රජය තීරණය කර ඇත.
 



අදහස් (6)

සතොසේ ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට

Devinda Uduwara Monday, 24 February 2020 09:49 PM

පුදුමාකාර රටක්.

:       2       1

imesh Tuesday, 25 February 2020 03:27 AM

ආ කලින් කුඩු ගේනවා කිව්වානේ. ඒවා අල්ලන්න වෙන්න ඇති.

:       1       3

lalithm Tuesday, 25 February 2020 04:36 AM

රක්න ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ පාලනය වන්නක්. රටේ සේරම දේවල් රජයේ පාලනයට ගත්තම පුද්ගලික ආරක්ෂක සේවකයින්ට මොකද වෙන්නේ. මේ සමාගම් රජයට බදු ගෙවන ගමන් විරැකියාවෙන් පෙළෙනවුන් හට රැකියාමාර්ග දුන් ආයතන. හමුදාවෙන් විශ්‍රාම ගිහින් විශ්‍රාම වැටුපක් ගන්න අයට නැවත රැකියා දීමෙන් රටේ විරැකියාව විසඳන්න පුලුවන්ද? එතකොට තව කොටසක් යනෙන මං නැති අසරණයින් කරනවා නොවේද?

:       1       45

SiriTuesday, 25 February 2020 07:32 AM

මමත් දරන්නෙ මේ අදහසමයි. හමුදා වලින් විශ්‍රාම යන අයට ගෞරවාන්විතව කළ හැකි ස්වයං රැකියා වලට පුහුණුව සහ ආධාර දීමයි කළ යුත්තේ. එවිට ඔවුන්ට විශ්‍රාම වැටුපට අමතරව තවත් ආදායමක් ලබාගන්න පුළුවන්. රැකියා විරහිත තරුණ රුණියන්ට ආරක්ෂක අංශයේ රැකියා ලබා දෙන්නත් පුළුවන්.

:       1       21

c004510 wadsweerasingha Wednesday, 26 February 2020 01:40 AM

ගොඩක් හොඳයි... අපි ජිවත් වුනේ, නැගිට්ටේ මෙතැනින්... එ් හැම දේම අපට නැති වුණා. පහුගිය වකවානුවේ සබරගමුවටත් නැවත රක්නා ලංකා පැමිණෙනවා නම් කැමතියි. එහෙම වුණොත් අපිට නැවත රැකියා ලැබෙයි. හොඳදෙයක් කරන අයට විවේචන ගොඩයි.

:       0       0

W.ADS weerasingha Wednesday, 26 February 2020 01:44 AM

සබරගමුවටත් නැවත රක්නා ලංකා පැමිණෙනවා. අපි ජීවත් වුනේ නැගිට්ටේ මෙතැනින්.. එ් හැමදේම අපට නැති වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 74 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 105 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 516 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 426 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1560 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site