IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට රෝගීන් යොදාගෙන

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්‍ෂණයකට ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

අදාළ කැස්ස පැණිය වෙළඳපලට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරීක්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇත.  එය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයෙකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.

මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

මේ බව අනාවරණය වූයේනගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ, ප‍්‍රධාන ගණකාධිකාරී තුෂාර මහානාම යන මහත්වරුන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

මෙවැනි විදේශයකින් ගෙන් වූ ඖෂධයක් සම්බන්ධ පරීක්‍ෂණයකදී මුලින්ම එය ලබාදිය යුත්තේ සතුන්ට බව කෝප් කමිටුව හමුවේ පෙනී සිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප‍්‍රධානීහු ද පැවසූහ.

එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින්ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය ලබාගෙන නැතැයි ද මෙහිදී සඳහන් විය.

කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්යවරයා එම ආචාර ධර්ම කමිටුව ද නියෝජනය කරන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

එම පරීක්‍ෂණය වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ලැබිය යුතු ආදායමත් ද එම මහාචාර්යවරයාගේ නමින් ගෙන ඇති බව විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේය.

‘‘කැස්ස පැණිය” වෙළෙඳ පොලට නිකුත් කරන විට ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් 2018 වසරේ පුවත්පත්වල පල කර ඇති වෙළෙඳ දැන්වීම්වලද ‘දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සදහන් කර තිබෙන බව ද කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සදහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත්, තමාට ඒ බව සඳහන් විගණකාධිපති වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කළ බවත්ය.

එම කමිටුවේ අවසන් වාර්තාව තවම සකස් වී නැතැයි ද ඇය කීවාය.

දැන්වීම් පළ කිරීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සඳහන් කිරීම සම්බන්ධයෙන් තමා අදාළ සමාගයෙම් විමසීමක් කළ බවත් එය ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් තමාට ලිඛිතව දැනුම්දීමක් කළත් යළිත් නිවැරදි කර පුවත්පත් දැන්වීමක් පළ නොකළ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.



අදහස් (12)

සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට රෝගීන් යොදාගෙන

sena Sunday, 22 September 2019 02:16 PM

මේ තිරිසනා යොදාගෙන තව දුරටත් පරීක්ෂණ කළ යුතුයි කියන එකය් මගේ අදහස...

:       0       257

මෝ Sunday, 22 September 2019 02:38 PM

හරියට හරි. ඌව යොදාගෙන ඉදිරි පරික්ෂණ කරන්න. අවංක නීතී වේදියෙක් කරුණාකර මේ සඳහා යොදාගත් අසරණ මිනිසුන් සොයාගෙන මේ මහාචාරියාටත්, අනිකාටත් දේශීය වෛද්‍ය ආයතනයටත්, රජයටත් විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරීමට ඉදිරිපත් වන්න.

:       0       325

Chathuri Sunday, 22 September 2019 05:53 PM

විපක්ෂයේ කට්ටියව... ගන්න තිබුණා අසරණ රෝගීන්ව ගන්නේ නැතිව, මේ කට්ටියට. ණයට කහින ලෙඩක් තියෙනවා.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 23 September 2019 02:17 AM

ලංකාවේ ඉගෙන ගත්ත කියන අයත් කරන්නේ තිරිසන් වැඩ මොවුන්ට ඉහලම දඩුවම් දෙන්න නම් ප්‍රසිද්ධ කරන්න

:       0       14

asoka Monday, 23 September 2019 02:24 AM

ඕක චෙක් කරන්න තිබුනේ අර 225 ඉන්ජෙක් කරලා

:       0       16

Pali Monday, 23 September 2019 02:28 AM

අනිවාර්යයෙන්ම පිනාචාර්ය්‍ය කෙනෙක් ම විය යුතුය. මෙම පිනාචාර්ය්‍ය පටිටමි තහනමි කලයුතුය.

:       0       3

Ariyathilaka Monday, 23 September 2019 02:34 AM

මෙතරම් භයානක වංචාවක් සිදුවී එය තහවුරු වී තිබ්‍යදී එකී ඖෂධයේ නම ජනතාවට හෙළි නොකිරීම ඊටත් වඩා වංචාවක්! මේ පිළිබඳව ජනතාව වහා දැනගත යුතුය.

:       0       16

lalithm Monday, 23 September 2019 03:18 AM

මහා ඇදුරා හරි. අපේ අය තිරිසනුන්ටත් අන්තයි. වෙනසක් නැහැ.

:       0       16

yaha Monday, 23 September 2019 04:38 AM

හැම කෙනාම තමන්ගේ ආයතනයේ තියෙන වැරදි දැනගන්නේ විගණන වරථාවෙන් විතරයි.... විගනනයෙන් හොයා ගත්තේ නැතිනම් ඉවරයි ... පුදුම වැඩ කරන්නේ.....

:       0       63

sham warn Monday, 23 September 2019 04:40 AM

කොහොමත් අපිත් දැන් සත්තු ගානට වැටිලා ඉවරයි නේ .. නැතිනම් මේ වගේ ටිකක් රටේ පාලනයට තොර ගන්නවද ?? සත්තුවත් නොකරන තිරිසන් වැඩ කරන එවුන් ට රට භාර දෙනවද ?? පරීක්ෂණයට යොදා ගත්ත නියැදියේ වරදක් මට නම් පේන්නේ නැහැ ..

:       10       2

රවින් Monday, 23 September 2019 05:37 AM

ආ ! පහුගියකාලේ මේ අයාතනයේ සභාපති අහවල් ඇමතිගේ අහවලා කියලා තිබුනාවගේ මතකයි. මේක අතිජාත පුත්‍රයාගෙන් අහලා බැලුවානම් නියම උත්තරයක් ලැබෙයි.

:       0       10

දිමුත් Monday, 23 September 2019 05:56 AM

අපොයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 525 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 859 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 502 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1373 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2541 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site