(විනීතා එම් ගමගේ)
මේ වන විට ඩෙංගු රෝගීන් 8000 කට ආසන්න පිරිසක් සතියකට වාර්තා වන බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිමල්කා පන්නිල තන්ත‍්‍රි මහත්මිය පවසයි.
මේ වසර තුළ රෝගීන් 105,000 ක් වාර්තා වී ඇති අතර 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි කී පන්නිලතන්ත‍්‍රි මහත්මිය එයින් 44%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් කියයි. බස්නාහිර පළාතේ මියගිය රෝගීන් ගණන 65ක් වේ.
වාර්තා වී ඇති රෝගීන් අතරින් 35% ක් අවුරුදු 05-20ත් අතර වයස් සීමාවන්හි සිටින අය බවත් මිය ගිය රෝගීන් අතරින් 65%ක් ම වයස අවුරුදු 45 ට ආසන්න වයසේ පසුවූවන් බව ද හෙළි කරයි.
මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 41 ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද අධ්‍යක්ෂවරිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලයේ සිට ගම්මාන මට්ටම දක්වා එය ක‍්‍රීයාත්මක කරමින් සිටින බවත් ඒ මහත්මිය කියයි. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා යාමේ දී එවැනි ස්ථානවලින් 40%ක්ම ආයතන පරිශ‍්‍ර බවත් ඒ පිළිබද ආයතන බලධාරින් ගේ අවධානය යොමු කළ යුතු බවත් අධ්‍යක්ෂවරිය තව දුරටත් ප්‍රකාශ කරයි.
පන්නිලතන්ත‍්‍රි මහත්මිය මේ අදහස් පළ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති ඩෙංගු රෝගය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් අමතමිනි. සෞඛ්‍ය අමාත්‍යංශය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය එක්ව මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර තිබුණේ මාධ්‍යවේදීන් වෙනුවෙනි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සතියට ඩෙංගු රෝගීන් 8000ක්