(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිරවාට්ටුවට ඇතුළත් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ දී සැකකාර හිටපු මන්ත්‍රීවරයා පපුවේ ආබාධයක් ඇති බවට හෙළි කිරිමෙන් ඒ මොහොතේම රෝහල්ගත කර ඇති අතර, අද (28) යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අවස්ථාවේ දී රඳවා සිටියේ ද මෙම ‘එම්’ සිර වාට්ටුවේ බවද වාර්තාවේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජින් වාස් බන්ධනාගර ‘එම්’ සිරවාට්ටුවට
විපරමා Friday, 28 February 2020 12:33 PM
M වාට්ටුවේනේ ඉන්නේ... මැදමුලනේ උදවියම පහුවෙනකොට මෙයා නිදහස් කරාවි...
නන්නාදුනන හාදයා Friday, 28 February 2020 01:17 PM
M වාට්ටුව කියන්නේ මාරයාගේ වාට්ටුව. එහෙම ඒ කාලයේ මෙයා හිටියේ ජනාධිපතිටත් ඉහළින්. ඩුබායිවල ට්‍රයිකෝ එකේ මුට්ට කරගැසූ මොහු මෙපමණ පොහොසත් වූයේ තනිවම නොවේ. රට කළ අනෙක් අයටත් ඇතිතරම් මහජනයාගේ බදුමුදල් අසාධාරණ අයුරින් උපයා දීමෙනි. කෙසේවෙතත් ඉස්සර ගජමිතුරා වුණත් දැන්දැන් වත්මන් රජයත් සමග ප්‍රශ්න ගොඩකට මැදිවී සිටින මොහුගෙන් යම්කිසි ප්‍රකාශයක් පිටවුණොත් ඉහළම මට්ටමේ සිටින සෑහෙන ගණනකට චෝදනා එල්ල වන්න පුළුවනි. ඒ නිසා වැඩේ ප්‍රශ්නයක් නැතිවම.., සාක්ෂි නැතිවම අවසන් කරන්න හැකි හොඳම ක්‍රමය මාරයාගේ වාට්ටුවට දැමීමයි. මාරයාට වැඩේ බාරදීමයි.
supunSaturday, 29 February 2020 06:53 PM
වැරදිකරු වුණොත්.. දඬුවම... බලෙන්ම මහණ කරමු. දැනටත් මුහුණේ තියෙන්නේ පන්සල් මුහුණනේ.
පිටිගල මිලානෝ Friday, 28 February 2020 04:37 PM
ඡන්දෙට කලින් සමහර දේශපාලකයන් සල්ලි පිටරටවල හංගලා තියෙන ඒවා ඔක්කොම දන්නවා කියපු ගමන් මම හිතුවා මෙයාට මෙහෙම වෙයි කියලා. ඇත්තටම මෙයාගේ උදව්වෙන් ඒ සල්ලි හංගපු තැන් වලින් අරගන්නයි තියෙන්නේ. අඩුම ගානේ සුනාමි සල්ලි ටිකවත්....
athula Saturday, 29 February 2020 05:49 PM
අර කතාවක් තියෙනවා දෙවිවරු පය තියන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා. මෙයත් එහෙම කෙනෙක්. මෙයා මහින්දගේ කාලේ හිටපු ලොකුම කෙරුමා. ඒ වගේම මොහු විසින් කරපු අපරාධ අනන්ත අප්‍රමාණයි. මෙයා කොහොමද අවුරුදු 5 ක් තුල ප්‍රකෝටිපතියෙක් උනේ කියලා හොයන්න. මේ සේරම එක වැල්ලේ පොල් ...දෙගොල්ලම එකයි ..