IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සජිත් - රවී ගැටුම අගමැති හමුවට

(නිමල කොඩිතුවක්කු)
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන  මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව  ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව  කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ.
 
ආණ්ඩු පක්ෂ  පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන්  මෙම ඉල්ලීම කරනු ලැබුවේ  කොළඹ අරලියගහ මන්දිරයේදී අද(18) උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත්  එකිනෙකාට  ප‍්‍රසිද්ධියේ  දෝෂාරෝපණය කිරීම පක්ෂයේ  සමගියට කරන අතිශය නරක පූර්වාදර්ශයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු පෙන්වා දුන්හ.
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක යන  මහත්වරුන්ගෙන් පක්ෂයට ගත හැකි සේවය  උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන්  ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ඒ සඳහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි  වැඩිදුරටත් ඉල්ලූහ.
 
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ  ඉල්ලීමට සාවදානව කන්දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදී තමන්  මෙම ප‍්‍රශ්නය විසඳීමට ක‍්‍රියාකරන බව  ප‍්‍රකාශ කළේය.



අදහස් (28)

සජිත් - රවී ගැටුම අගමැති හමුවට

anura Thursday, 18 April 2019 11:13 AM

හැංඟි හැංඟි වෙස් බැන්දත් නටන්නේ එළියේ!

:       6       5

sirimal Thursday, 18 April 2019 11:53 AM

පූජ්‍ය සල්පිටියේ ධම්මදස්සි හිමි දක්වන සමහර අදහස් උපුටා දක්වමි.“කැළේ ගහක් නසන්නට කැළේ ගහක්ම අවශ්‍යය” කීවා මෙන් මෙය හැප්පවීමක් මිස ස්වාභාවිකව ඇති වුවක් නොවේ. එජාපය ප්‍රමුඛ පෙරමුණේ ප්‍රධාන පක්ෂය බිඳ දැමීම තමන්ට අනියම් ආකාරයකින් වාසියක් වේයැයි ‘වස්සකාරයින් පිරිසක්’ සිතා තිබේ. ‘වස්සකාරයින්’ යනු ලිච්ඡවි පාලනය විනාශ කිරීම සඳහා අජාසත් රජු යොදාගත් උපාය දූතයා වු ‘වස්සකාර බමුණා’ යි. වර්තමාන ලෝකයේ විවිධ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා විවිධ උපායයන් අනුගමනය කළද, ඒ හැම උපායක්ම කොහෙන් හෝ කෞටිල්‍යයාගේ නූල් සූත්තරවලට සමාන වේ. 2015 සිරිසේන මහතා රාජ්‍ය බලයට පත්වූයේත්, 2018 ඔක්තෝබර් මහින්ද රාජපක්ෂ නැවත වරක් අගමැති වුයේත් පසුව විපක්ෂ නායක වුයේත් එලෙසිනි. ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. අජාසත්තයා ඉවසිලිවන්තව බලා සිටියි. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්යය මැනවින් ඉටු කරයි. දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසු තම මිතුරු බලවේග ශක්තිමත් කරගන්නවා වෙනුවට සතුරා සමග කරේ අත්ලා ගැනීමට කටයුතු කිරීම නිසා වස්සකාර බමුණන් රාශියක්ම බිහිවූ බවද සැලකිය යුතුය. නූතන වස්සකාර අළුත් පරිච්ඡේදයක් ආරම්භ කොටඇත.

:       32       147

mohan Thursday, 18 April 2019 11:56 AM

ඒක විසඳන්නත් සතියක් ගත්තද?

:       0       1

Shani Thursday, 18 April 2019 12:48 PM

අනිත් අයට එක එක ඒවා කිව්වට මොකද හැමදාම මොනවට හරි කොටා ගන්නෙ මේ පක්ෂයෙම අයනේ..කලින් ෆොන්සේකා-තෙවරප්පෙරුම නාඩගම

:       8       29

Amila Thursday, 18 April 2019 01:04 PM

රවීට විශ්වාසභංගයක් ගෙනාවානම් හරි විපක්ෂයෙන්. මේක තමා නියම වෙලාව මිනිහාව ඇමතිකමින් එලවලා දාන්න. ගිය තැන ඉවරයි. අනික මිනිහා ජාතික නායකයෙක් කියලා හිතන් ඉන්නේ..!

:       23       90

HafeelFriday, 19 April 2019 09:53 AM

ඔක්කොම එකයි. බොරුවට රවීට, විජයකලාට, විජේදාසට, මාරපනට ඉල්ලා අස්වෙන්න කිව්වේ. ඔය සේරම ආයිමත් ඇමතිවුණානේ... රනිල් වටේම ඉන්නේ දුෂිතයින්...

:       43       162

Nandalal DE SILVA - France Thursday, 18 April 2019 05:08 PM

ඔහොම ගියොත් ලබන මැතිවරණ වලදී එජාපයට නියත පරාජයක් විඳීමට සිදුවන බව මේ උපනායක "උගතුන්ට" නොපෙනෙන්නේ පක්ෂයේ අවාසනාවට නොවේද? මැදිහත්වීම මෙයට පිළිතුරක් වෙයිද? ශ්‍රීලනි පක්ෂය සහ පරවුණ පොහොට්ටුව කටවල් ඇරගෙන දිව ඇදගෙන බලාසිටින්නේ මෙවැනි තත්වයක් එනතුරු බව මේ දෙදෙනාට තේරුම් කර දීමට අවශ්‍යද? එහෙම නැත්නම් ඒ පක්ෂවල ලොකු කෙරුමෝ මෙවැනි තත්වයක් ඇතිකර තිබේදැයි සාධාරණ සැකයකුත් ඡන්ද දායකයන් අතර කසු-කුසුවකුත් තිබෙනවා!!!!!!!

:       0       13

Thushara Thursday, 18 April 2019 05:58 PM

ගැටුමේ මහ මොළකාරයාගෙන්ම විසදුමක් බලාපොරොත්තු වීම හරියට හොරාගේ අම්මගෙන් පේන අහන්වා වගේ තමා.

:       13       18

td Thursday, 18 April 2019 11:27 PM

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ ගෙනයන මඩ ව්‍යාපාරය නිසා පක්ෂයට විශාල හානියක් සිදුවේ. මේ දෙදෙනාම නායකකම් දැරුවද ඔවුන්ගේ කියුම් කෙරුම් නායකයන් මෙන් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා විය යුත්තේ බුද්ධිමත්කම, ඉවසීම, වෛරි දේශපාලනයක් නොකරන, අවංක, සැමදෙන සමගම කටයුතුකළ හැකි විශේෂයෙන්ම පක්ෂය තුළ සිට නායකයන් එළවීමට සහ කල්ලි සැදීමට නායකත්වය නොදුන් පමණක් නොව දුෂණ චෝදනා නොමැති හොඳ මතකයක් තිබෙන, කියන දේ කරන කරන දේ කියන කෙනෙකුවීම මූලිකවම සහ අංක 1කේ සුදුසුකම බව පාක්ෂිකයන්ගේ මතය වේ. හුදු ජනප්‍රියතාවය පමණක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට හෝ රටේ නායකයා වීමට සුදුසුකම නොවේ. නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් ඔවුනට දේශපාලනයේදී තිබිය යුතුම බුද්ධිමත්කම සහ ඉවසීම නොමැතිබව මනාවට පාක්ෂිකයාට සහ රටට මේ වනවිට පෙන්නුම් කර තිබේ.

:       0       0

BamunuarachchiSaturday, 20 April 2019 06:24 AM

එජාපයේ රාජ්‍ය නායකයෝ නැත. ඉන්නේ දේශපාලකයෝ පමණයි. නැතිනම් මොන දේශපාලකයද හාමුදුරුවන්ට බණින්නේ...

:       16       0

tdSaturday, 20 April 2019 01:46 PM

හාමුදුරුවරුන් සිවුරු කඩාගෙන කොණ්ඩය වවාගෙන රැවුල් වවාගෙන පෙලපාලියාම් ගැන බමුණා ඔබගේ අදහස කුමක්ද? පන්සිල් පද පහ නියම ආකාරයෙන් පිළිපදිනවාද? හාමුදුරුවරුන් දේශපාලනයට පැමිණීම නිසා බුද්ධ ශාසනයට සිදුවී ඇති හානිය " සමහර " හාමුදුරුවරුන් ගේ හැසිරීමෙන් මනාවට පෙනේ... එජාපයේ රාජ්‍ය නායකයෝ සිටියේය.. අදත් සිටියි. ඉදිරියටත් රටේ නායකත්වය බාරගැනීමට සුදුසුම තරුණ පුද්ගලයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණකි. අද පොහොට්ටු පක්ෂයේ සමාජිකයින්ට සිදුවී අැත්තේ එක පවුලක් වටා බ්‍රමණය වන්නටය. එම පවුලෙන් තොර දේශපාලනයක් ඔවුන්ට නොමැත. එම පක්ෂයේ වෙන කාට හෝ ඉදිරිපත් වන්නට දෙන්නේද නැත. එම පවුල තුළින් දිනපතා විවිධාකාර පවුලේ සාමාජිකයන්ගේ නම් ඉදිරිපත් කරමින් සිටියි. මෙම රැවටිල්ල එම පවුලට විසින් කොතරම් කාලයක් කරගෙන යා හැකිද?

:       0       21

Chanak Los angeles Friday, 19 April 2019 01:11 AM

ලිච්ඡවි පාලනය විනාශ කිරීම සඳහා අජාසත් රජු තම කූටෝපායයන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් උපාය දූතයා වුයේ වස්සකාර බමුණායි. කෞටිල්‍යය බ්‍රාහ්මණයා විසින් රාජ්‍ය පාලනය හා රාජ්‍ය බිඳ වැට්ටවීම පිළිබඳව දී ඇති උපදෙස් ඒ වූ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම මෙම වස්සකාරයාගේ අතින් සිදුවුණු ප්‍රධානම රාජකාරියයි . ඒ අනුව බලන විට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව හා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කළ ලිච්ඡවි රජදරුවන් පවා පරාජය කළ වස්සකාර කුමන්ත්‍රණ ස්වභාවයඅප විසින් අවබෝධ කර ගත යුතු වන්නේය

:       9       0

BamunuarachchiSaturday, 20 April 2019 06:15 AM

සාටකයන්ටයි, බමුණන්ටයි පුදුම භීතිකාවක් තිබෙන්නේ. අනේ පව්...!!!

:       14       0

Chanak Los angelesSaturday, 20 April 2019 07:13 PM

අහන්නත් දෙයක්ද ?

:       0       0

BamunuarachchiSaturday, 20 April 2019 06:20 AM

තදටම මොලේ නරක්වෙලා...!

:       15       0

Sunil Friday, 19 April 2019 02:07 AM

බැංකු කොල්ලකරුවන් පක්ෂයෙන්ම ඉවත් කල යුතුයි.

:       9       40

Chanak Los angelesSaturday, 20 April 2019 07:21 PM

මේ අයින් කරන්න කියනවා ඇත්තේ සාටකයන්ව වෙන්න ඇති ?

:       0       0

Nishantha Friday, 19 April 2019 07:25 AM

2004 දීත් එජාප ආණ්ඩුව නැතිකළේ රවී.. මෙ සැරේත් ආණ්ඩුවනැති කරන්නෙත් එයානේ. එයා හිතාගෙන ඇති එජාජයේ නායකකම ගන්න. එදාට මුළු එජාපයම ඉවරයි.

:       1       82

sirimal Friday, 19 April 2019 07:45 AM

“කැළේ ගහක් නසන්නට කැළේ ගහක්ම නෙවේ ගස් දෙකක්ම අවශ්‍යයි " කියල තමයි කියන්න වෙන්නේ.

:       0       77

S.S.කදුරුගලවත්ත Friday, 19 April 2019 12:49 PM

මේ දෙදෙනාම දැනට සිටින තනතුරුවලින් පහළ දමා වෙනත් දෙදෙනෙකු පත්කරන්න. නැත්නම් 1988දී සුදුස්සන් මෙන්ම ඉතාම දක්ෂයන් දෙදෙනෙකු සිටියදී නුසුදුස්සෙකු අගමැති කර පක්ෂය විනාශකලාක් මෙන් නැවතත් එම තත්වයක් ඇතිවේවි..!!! රට සංවර්ධනයට යමක් කළහැකි අය නායකත්වයට පත් කරන්න. මේ දෙදෙනාට වඩා දක්ෂයන් දැනට පක්ෂය තුළ සිටිනවා...

:       3       14

fasmy Friday, 19 April 2019 01:05 PM

මේ ඔක්කොම එලවලා දාලා ජනතා විමුක්ති පෙරමුණට බලය අරන් දෙන්න..

:       21       117

BamunuarachchiSaturday, 20 April 2019 06:10 AM

කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගත්තා වගේ හිටීවි. ඒ ගොල්ලෝ විප්ලවයෙන් එන්න හැදුවා.. බැරිවුණා දැන් එන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදෙන්. ඒ වුණාට ගිය පන්තිවල පරණ පාඩන්ම තමයි පිළිපදින්නේ. මේ ගොල්ලෝ කව්ද කියලා ඔක්තෝබර් මාසේ ඉගෙන ගත්තා. අපි ඡන්දෙ දෙනවා තබා හිතන්නේවත් නැත.

:       7       0

සනත් ඉතාලිය Saturday, 20 April 2019 08:14 AM

ඉඟුරු දීලා මොකට මිරිස් ගන්නවද?

:       0       0

BamunuarachchiSunday, 21 April 2019 09:34 AM

ඉඟුරු මිරිස් ඔය දෙකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවනි නමුත් කැහි ගැහැනිගෙන් හොටු ගැහැනිගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

:       0       0

Bamunuarachchi Saturday, 20 April 2019 06:18 AM

හලෝ රට ලෙච්චමී රටක් වෙන්න ගිය එක නැවැත්තුවේ සාටකයයි...

:       8       0

Bamunuarachchi Saturday, 20 April 2019 06:26 AM

ඔහොම නොවෙයි කොහොම ගියත් එජාපය අන්ත පරාජයක් ලබනවා. එ්ක සිකුරුයි.

:       8       0

shan saudi Saturday, 20 April 2019 06:33 AM

රවිය මහින්දගේ කොන්ත්‍රාත් එකක් අරගෙන වගේ... සජිත්ගේ නම කතා කරන්න මොකද රවි මහින්දගේ ගොලයනේ...

:       0       0

anura Saturday, 20 April 2019 07:33 AM

දැන් මේ ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීමට එක්කෙනෙක් ගාවට යාමත් හොරාගේ අම්මාගෙන් පේන බලන්න යන එකත් දෙකම එකයි...

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 47 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 60 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 122 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 387 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3283 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 665 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site