IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සංහිඳියාවට බාධා නොකිරීම ජාතිමාමක සැමගේ වගකීමක්


ජාතික සහ ආගමික සංහිඳියාව හා සබැඳි කරුණු කිහිපයක් පසුගිය දිනවලදී රටේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබිණි. ඉන් එකක් වූයේ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් නීතිඥයන් පිරිසක් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීමකට අනුව සිදු කිරීමට යෝජිත මේ බඳවා ගැනීම් ව්‍යවස්ථා විරෝධී හා ජනතා ද්‍රෝහී තීරණයක් බවත් එම තීන්දුවට මහා සඟරුවනේ විරෝධය පළකරන බවත් එකී ලිපියේ සඳහන්ව තිබේ. ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරුන් ඇතුළු 12 නමකගේ අත්සන් මේ ලිපියෙහි සඳහන්ය.

මෙම පියවර ගනු ලබන්නේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ ඉල්ලීමකට අනුව බවට එම ලිපියේ සඳහන් වුවත් අධිකරණ ඇමැතිවරයා විසින් නිකුත් කෙරුණු ප්‍රකාශයකින් පැවැසුණේ තමන් එවැනි ඉල්ලීමක් නොකළ බවය. එවැනි පියවරක් ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නැති බව ද එවැන්නක් සිදුකිරීමට තමන්ට බලතල නැති බව ද එහි සඳහන්ව තිබිණි. කෙසේ වුව ද අදාළ බඳවා ගැනීම් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමඟ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද සහභාගි වී සිටියේය. එහෙත් එසේ වූ පමණින් මෙය අලි සබ්රි ඇමැතිවරයාගේ ඉල්ලීමක් අනුව සිදු කෙරෙන්නක් වශයෙන් නිගමනයකට එළැඹීම සුදුසු නැත. එහෙත් අපගේ අවධානය යොමුවන්නේ එම ලිපියෙන් කුළුගන්වන අදහස් කිහිපයක් සම්බන්ධයෙනි.

මෙම දීර්ඝ ලිපියේ එක් තැනක සඳහන් වන්නේ මෙසේ බඳවාගනු ලබන නීතිඥවරුන් දෙමළ භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් වශයෙන් සලකා බලන බවය. එය අඥාන හා භයංකාර තීරණයක් වශයෙන් හඳුන්වා දී තිබේ. මෙහි අනාගත ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී එය ඉතා සූක්ෂම ලෙස ගනු ලබන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ එක් පියවරක් බව පැහැදිලි යැයි ද එම ලිපියේ සඳහන්ය. මෙවැනි බඳවා ගැනීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ලිපිය කියයි. මේ කරුණු ද ඇතුළත් එම දීර්ඝ ලිපිය අවසානයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙය ව්‍යවස්ථා විරෝධී සහ ජනතා ද්‍රෝහී තීරණයක් බවත් එය ක්‍රියාත්මක නොකරන ලෙසත්ය.

අපේ රටට වෙන කවදාටවත් වඩා ජාතික සහ ආගමික වශයෙන් සහජීවනයක් අවශ්‍ය කාලයක මෙවැනි ලිපියක් ජනාධිපතිවරයාට යොමු කිරීම ගැටලු‍ සහගත බව බැලූ බැල්මට පෙනී යයි. ජනාධිපතිවරයා මැතිවරණය ජයග්‍රහණය කොට ධුරයේ දිවුරුම් දී පළමුවෙන් ජාතිය අමතා කළ කතාවේදී ප්‍රකාශ කළේ තමන් බලයට පත්වූයේ සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් වුව ද තමන් රටේ සියලු‍ ජනතාවගේ ජනාධිපතිවරයා බවය. තමන්ට සහාය දුන් සහ නුදුන් සියලු‍ ජනතාව සමඟ ඉදිරියේදී එක්ව කටයුතු කිරීම තම අරමුණ බව ද ඔහු සඳහන් කර තිබිණි.

ඒ අනුව මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වීම ජනාධිපතිවරයාගේ අභිමතයට පටහැනිව යාමක් වශයෙන් පෙනී යා හැකි බව පෙන්වා දීමට කැමැත්තෙමු. දෙමළ භාෂා ප්‍රවීණත්වයක් තිබෙන පුද්ගලයන් පොලිසිවල සේවයට බඳවා ගැනීමේ තීන්දුවක රජය සිටිනවාදැයි අපි නොදන්නෙමු. එහෙත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ව්‍යවස්ථා විරෝධී, භයානක, අඥාන තීරණයක් වන්නේ කෙසේ ද යන්න නම් විවාදයට තුඩු දෙන්නකි. මේ රටේ උතුරේ යුද්ධයක් හටගැනීම දක්වා වර්ධනය වූ අරගලයට මුල් වූ එක් සාධකයක් වූයේ භාෂාව පිළිබඳ ගැටලු‍ව බව අමතක කළ යුතු නැත. උතුරේ හෝ නැගෙනහිර හෝ සිටින ජනතාවට තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගොස් පැමිණිල්ලක් ලියවාගත නොහැකි නම්, උසාවියට ගොස් තමන්ට හුරු භාෂාවෙන් යුක්තිය ඉටු කරවාගැනීමට නොහැකි නම් එතැන බරපතළ මත ගැටුමක් හටගැනීම විශ්මයක් නොවේ. දෙමළ භාෂාව ද රටේ නිල වශයෙන් පිළිගන්නා භාෂාවකි. ඒ ගැන දැනුමැති පුද්ගලයන් රජයේ විශේෂ සේවාවලට බඳවා ගැනීම වරදක් වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරගැනීම අපහසුය. එය මුස්ලිම් අන්තවාදයට සම්බන්ධ කිරීම ද අනවශ්‍ය ගැටලු‍ ඇති කිරීමට හේතු විය හැකි බව ද සඳහන් කිරීමට කැමැත්තෙමු.

රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ද විසඳිය යුතු ගැටලු‍ රාශියක් තිබේ. ඒ අතරතුර ජාතික සහ ආගමික සංහිඳියාවට ඕනෑකමින්ම බාධා පමුණුවන ක්‍රියාමාර්ගවල නිරත වීම සුදුසු නොවේ. එය රජයට අනවශ්‍ය බරක් සහ වගකීමක් පැටවීමකි. රටට, ජාතියට සහ ආගමට සිදුවිය හැකි අතුරු අන්තරාවන් පිළිබඳව සැලකිලිමත්ව සිටීමත් අවශ්‍ය අවස්ථාවලදී ඒ පිළිබඳව රජයට පෙන්වා දීමත් පිළිබඳ ගැටලු‍වක් නොවේ. එහෙත් එකකට එකක් පසුපස එන ආකාරයට ජාතික සහ ආගමික වශයෙන් සංවේදී ගැටලු‍ උලු‍ප්පා දැක්වීම රටේ යහපතට හේතු නොවේ.

කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම මුස්ලිම් ජාතික ඇමැතිවරයා ඉලක්ක කරගනිමින් අනවශ්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව ද පෙන්වා දිය යුතුය. කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් තමන්ගේ ජාතියට සම්බන්ධ ගැටලු‍ පිළිබඳව අදහස් පළ කිරීමට ඔහුට ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙන බව ද පිළිගත යුතුය.

වත්මන් රජය බලයට පත්කළ ජනතාව තුළ විශාල බලාපොරොත්තු තිබේ. ඒවා ඵල ගැන්වීමට ජාතිවාදී ආගම්වාදී මතිමතාන්තරවල එල්ලී සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව රජයට වැඩ කිරීමට ඉඩක් තිබිය යුතුය. එසේම කිසියම් ජන කොටසක් අසීමිත ලෙස පීඩනයට පත් කිරීම එම ජන කොටස තුළ සිටින අහිංසක ජනතාව ද අන්තවාදයට තල්ලු‍ කිරීමක් බව ද තේරුම්ගත යුතුය. දෙමළ අන්තවාදය ද මුස්ලිම් අන්තවාදය ද රටට අහිතකර බව සැබෑය. සිංහල අන්තවාදය ගැන ද කිව යුත්තේ එයමය.

(***)

 



අදහස් (6)

සංහිඳියාවට බාධා නොකිරීම ජාතිමාමක සැමගේ වගකීමක්

කුසල් Wednesday, 27 January 2021 08:59 AM

ලොව බොහෝ රටවල් සියලු ජාතීන් එක්ව මහ ජාතියක් වශයෙන් පෙරට පැමිණ ඇති සමයක අප පමණක් පසුගාමී නොවිය යුතුයි. බුද්ධිමත් සහ අර්ථවත් අදහස්වලට ඉඩ දුන්නට කම් නැත. අද මේ රටේ බොහෝ සංවිධාන ඇත. ඒවායේ උගතුන් මඳ වශයෙන් ඇත. බොහෝ අය නූගතුන්‍ ය. ඔවුන්ගේ දවසේ පැතුම 6.55 ප්‍රවෘත්ති බැලීමය. සිංහල බෞද්ධ අප සියලු ජාතීන් සමග එක්ව ඉදිරියට යා යුතුයි. බුද්ධාගමට පටහැනි දේශනා, ධර්ම දේශනා නොවේ. කරුණාකර ජාතීන් එක් කරන්න. වෙන් කරන්න එපා.

:       3       15

BamunuarachchiWednesday, 27 January 2021 02:08 PM

ගම්මිරිස් හොයාගෙන ලංකාවට එන්න කලින් අපි ජාතියක් හැටියට ඉදිරියට ගියේ නැද්ද? අපිට ජාතියක් හැටියට ඉදිරියට යන්න මොවුන්ගෙන් ලැබුණු රුකුල මොකක්ද? මොවුන් කෘෂිකර්මය ගෙනාවද? කර්මාන්ත ගෙනාවද? ගෙනාවේ වෙළඳාම් පමණි. වෙළඳාමට කලේ සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට ගෙන සිංහලයාටම වැඩිමිලට විකිණීමයි...

:       8       6

RaveendraThursday, 28 January 2021 03:14 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප කිසිවිට ජාතිවාදය අනුමත නොකරන්නෝය. එනමුත් අනාගත හානිය පෙනි පෙනී නිහඬව අප මිය යනවාද? අපගේ අනාගත පරපුරට ගිනිබෝලදී අප මේ සමාජයෙන් තුරන්වෙනවාද? යන්න අප සමබරව සිතිය යුතු නොවේද? කිසිවෙකු අනිකාට අත දිගු කරන්නේ අවංකව වුවත් අනිකා අත දිගු කරන්නේ යටිහිතේ දහසක් අන්තවාදී අරමුණු සඟවාගෙන නම් එතන අවංකව මිත්‍රත්වයක් තිබේද? එලෙසම අප රටේ දේශපාලකයන් යනු "බලය වෙනුවෙන් ඕනෑම අසූචි ගොඩක් දිව්‍ය භෝජන ලෙස ගිලදැමීමට සැදී පැහැදී සිටින පිරිසක් බව අමුතුවෙන්ම කිව යුතුද නැත." මේතාක් කල් අප රටේ බලයට පැමිණි සෑම පක්ෂයකම මෙම අන්තවාදී ජාතිවාදී බලවේග වලට අඩු වැඩි නැතිව උදව් කරා නොවේද? දියවන්නාව පට්ටියේ එකඳු අයෙකුට අනේ අපි එහෙම නැහැ කියා කීමට හැකිද? සුළු ජාතීන්ගේ ඡන්ද ගොඩ බලාගෙන මහජාතීන්ගේ අයිතිවාසිකම් පාවාදීම නිල්, කොළ, රතු සෑම කාලකන්නි පක්ෂයක්ම මේ මොහොතේත් ඒ වෙනුවෙන් බලය රැකගැනුම වෙනුවෙන්ම කෙරුවා නොවේද? අප කිසිවිට පවසන්නෙන් නැහැ මහජාතීන්ගේ අයිතිවාසිකම් පමණක් රැකගත යුතුයි යන්න. සුලුජාතීන්ගේද අයිතිවාසිකම් රැකිය යුතු අතර මහජාතීන්ගේ අයිතිවාසිකම් අමතක කළයුතුද නැත...

:       0       2

Bamunuarachchi Wednesday, 27 January 2021 12:44 PM

මුස්ලිම්කරණයට විරුද්ධ වීම සංහිඳියාවට විරුද්ධ වීමක්ද? උත්තරය ඔව් නම් අපි සංහිඳියාවට විරුද්ධයි..

:       10       9

Bamunuarachchi Wednesday, 27 January 2021 01:53 PM

දෙමළ අන්තවාදයද මුස්ලිම් අන්තවාදය ද රටට අහිතකර බව සැබෑය. මුස්ලිම් අන්තවාදය මේ රටේ තදින්ම ක්‍රියාත්මක වෙන බවත් සැබෑයි. එසේ නම් ඒ සඳහා සිංහල බෞද්ධ අපි මුහුණ දිය යුත්තේ කෙසේදැයි සංහිඳියාවට බාධා නොකිරීම ජාතිමාමක සැමගේ වගකීමක් කියා බෙරිහන් දෙන කෙනෙක් කියනවා නම් මැනවි... මුස්ලිම් අන්තවාදයට මෛත්‍රි කරන්න ගිය රටවල අද බුද්ධාගම නැතිබව සිහිතබාගෙන පිළිතුරු දෙන්න. රටේ ක්‍රියාත්මක වෙන දෙමළ අන්තවාදය ද මුස්ලිම් අන්තවාදයට සිංහල බෞද්ධ අපි ප්‍රතිචාර දැක්වීම සමහර අය දකින්නේ සිංහල අන්තවාදය ලෙසයි...

:       6       8

විසල් Thursday, 28 January 2021 02:30 AM

අන්තවාදයට මෛත්‍රි කිරීම අවශ්‍ය නොවේ. එහෙත් සියලුම ආගමික නායකයින් එක්ව අන්තවාදයට විසඳුමක් සෙවිය හැකිය. එය කළ හැක්කේ උනන්දුව මතයි. එදා දවසේ සභාව පිනවීමට පමණක් අප කටයුතු නොකළ යුතුයි. පවුලක එකමුතුකම මෙන්ම රටටද එකමුතුකම අවශ්‍යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 23 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 552 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 946 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 909 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 148 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2532 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site