IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංස්ථාවෙන් ලංවීමට තෙල් නිකුත් නොකිරීමෙන් විදුලිය කැපීමේ අවදානමක්

(නාලක සංජීව දහනායක)

ඛණිජතෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (09) පැවැසීය.

එවැනි අර්බුදයක් මතුවුවහොත් වැඩි මුදලට විදුලිය මිලදී ගැනීම සඳහා දැනටමත් විදේශ රටකින් ගෙන්වන බාච් දෙකක් ඈත මුහුදේ නැංගුරම් ලා තිබෙන බවද ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් අද (09) පුංචි බොරැල්ල වජිරාශ්‍රම විහාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලබන ගිවිසුම් රාශියක් අත්සන් කිරීමට වත්මන් රජය සූදානම් වන බව කී ගුණවර්ධන මහතා ඊට අමතරව මහජන ආරක්‍ෂාවට තිබෙන අණපනත්ද මේ වනවිට වෙනස් වෙමින් තිබෙන බව කීය. රජය විසින් අත්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුමේ එක් කොටසක් වන ඉඩම් පනත් සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද කීය.

එහෙත් එම පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු පවරා තිබෙන බැවින් ජනාධිපතිවරයාටද මෙහිදී ජනතාව පැත්තේ සිටගැනීමට සිදුව තිබෙන බවද ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට ඛණිජතෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් නොකිරීම නිසාවෙන් නැවතත් විදුලිය කප්පාදු කිරීමේ අර්බුධයක් නිර්මාණය වෙමින් තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය. මේ වනවිටත් මුහුදේ බාච් දෙකක් නවතා තිබෙන බවත් ඉන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් තිබෙන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පැවැසීය.

ජනතාව පිළිබඳව කිසිම තැකීමක් නොකරන වත්මන් ආණ්ඩුව කොමිස් කාක්කන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා බාච්වලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් ආණ්ඩුවේ එම අරමුණ ඉටුවන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (5)

සංස්ථාවෙන් ලංවීමට තෙල් නිකුත් නොකිරීමෙන් විදුලිය කැපීමේ අවදානමක්

Amila Tuesday, 09 July 2019 02:17 PM

ලෝක හොරෙක් ඇමති වුණාම ඔහොම තමයි. සූර්ය බලශක්ති ප්‍රොජෙට් ඒවටත් එයා වැට බැඳගෙන යනවා.. එයාට විශ්වාසභංගයක් ගෙනවා නම් අනිවා දිනන්න තිබුණා.

:       3       15

BamunuarachchiWednesday, 10 July 2019 12:50 AM

විස්වාස භංග ගෙනල්ලා මේ භහිරවයන්ව ගෙදර යවන්න බැහැ.

:       1       0

Kumar Tuesday, 09 July 2019 04:09 PM

ලෝකෙ කොහෙවත් ඔය ආකාරයට තෙල් ණයට දෙන්නේ නැහැ. ටිකටික හරි ණය පියවෙනවා නම් ගනුදෙනු කරන්න බැරිකමකුත් නැහැ. විදුලි බලමණ්ඩලයේ අාදායම හැටියට වියදම් සකස් කරන්න ඕනේ... අවශ්‍ය ප්‍රමාණයට වැඩ සේවකයින් ඉන්න එක.. එ්ක හේතුවක්....

:       0       5

Hafeel Tuesday, 09 July 2019 04:12 PM

මෙයාට මේ ආණ්ඩුව අස්සන් කරන ගිවිසුම් ගැන හොඳ අවබෝධ තියනවා. හැබැයි මෙයා පුද්ගලික බැංකුවකින් ගත්තු ණය ගැන මෙයාට අවබෝධයක් නැහැ. මෙයාද මහින්දගේ ආර්ථික විශේෂඥයා?

:       13       5

Bamunuarachchi Wednesday, 10 July 2019 12:52 AM

ඒ උනාට අපෙන් මාසේ විදුලිබිල වෙලාවට අය කොර ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 324 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 353 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 100 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1191 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 315 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 361 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site