රංජන් කස්තුරි
රටතුළ තිබෙන දේශපාලන තත්ත්වය නොසලකා කිසිඳු පසුබෑමකින් තොරව සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) අමාත්‍යාංශය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මැතිවරණයකින් පසුව දේශපාලන කේන්ද්‍රයේ විවිධ වෙනස්කම් සිඳුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයවන් නොසලකා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයන ලෙසද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුන් අද දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයට කැඳවා ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සංවර්ධන වැඩ දිගටම කරගෙන යන්න ජනපති ලේකම්වරුන්ට උපදෙස් දෙයි
සමන් Friday, 16 February 2018 04:16 PM
මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය?
Chandima Friday, 16 February 2018 04:29 PM
ඔය කිව්වට වැඩක් වෙයිද? අලව්ව ගිරිඋල්ල පාර වන කරලා දැනටම බාගෙට කඩලා දාලා. පසුගිය දෙසම්බරේ කොන්ත්‍රාත්කාරයෝ සල්ලි ලැබුනේ නැහැ කියල වැඩ නැවැත්තුවා. පස්සේ සොච්චමක් දීලද කොහෙද ආයෙත් වැඩ පටන් ගත්ත. මේපාරනම් ඒ අය යන්නම ගියා අපට අතින් කාලා හරක් බලන්න බැහැ කියලා. රටට එන සංචාරකයෝ වැඩි පිරිසක් ගුවන් තොටුපොළේ ඉඳන් මහනුවරට යන්නේ මේ පාරේ. ඒ අය මේ සුන්දර මාර්ග සංවර්ධනය දැකලා හෙම්බත් වෙලා. සමහර වෙලාවට ආයේ ආයෙත් එයි ඒ සුන්දරත්වය බලන්න. ලේකම්ලට කිව්වට සල්ලි නැතුව කොන්ත්‍රාත්කාරයෝ පාර හදයිද?
chanak los angeles Friday, 16 February 2018 08:51 PM
විශිෂ්ඨ ප්‍රකාශයක් ජනපතිතුමනි, ඔබතුමා පසුගිය වසර තුනේදී කරපු යෝධ සංවර්ධනය සමහරු දැක්කේ නැහැ. නමුත් බහුතර ජනතාව නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල අනුමත කර රෙජීමය පරාජයකළ බව ඡන්දයෙන් පැහැදිලි වුණා.
විකුම් රංගන Friday, 16 February 2018 09:30 PM
ජනාධිපතිතුමනි, අපි ඔබතුමා වෙනුවෙන් කඩේ ගිහින් කුණු වූ බඩු බාහිරාදිය ගෙදර ගෙනාපු තරුණයෝ තමයි අපි.. දෙලොවටම පලක් නැහැ... ඒ නිසා මෙලොව ජීවත් වෙන අපි වගේ තරුණයින්ට සේවයක් කළ හා අනාගතයේදී අපි වගේ තරුණයින්ට වගේම රටේම ජනතාවට සේවයක් කරන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට බාරදෙන්න. ඒ කරන පිනම ඇති, වැඩකට නැති, ඔබතුමාට නිවන් යන්න !!
රවිඳු Friday, 16 February 2018 10:23 PM
දවල් හීන කාරයින්ට උපදෙස් දෙන්න මෙතුමා හපනෙක්...
Perakum Saturday, 17 February 2018 02:25 AM
ඒක තමයි සමන් මමත් මේ හොයන්නේ.. මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය කියලා.
kamal Saturday, 17 February 2018 03:01 AM
අද බොහෝ දෙනෙක් අසන ප්රශ්නය මහින්ද පාර්ශවය ජනාධිපතිවරණයකදී 50% දිනන්නේ කෙසේද යන්නයි. ජවිපෙ, ඒජාප, නිප මේ ඔක්කොම ජනාධිපතිවරණයකදී එක පැත්තක්. මේ යන විදිහට ජනාධිපතිවරණයක් දිනීමට නම් පොහොට්ටු පක්ෂය තුල විශාල වෙනස්කම් ප්‍රමාණයක් කල යුතුව ඇත. රාජපක්ෂවරුන් ඉවත් කිරීම මේ අතරින් ප්‍රධාන වේ. නෙපොටිස්ම්වලට ජනතා විරෝධය ඊට හේතුවයි. රාජපක්ෂ සහෝදරවරුනි, දරුවනි, දැන්වත් ජනමතයට හිස නමා දේශපාලනයෙන් ඉවත් වෙන්න.
BamunuarachchiSaturday, 17 February 2018 11:46 PM
ඇයි රාජපක්ෂලා පමණක් දේශපාලනයෙන් ඉවත් වන්නේ? ඩී. එස්. සේනානායකට එයාගේ පුතා ඩඩ්ලිව අගමැති කරන්න පුළුවන් වුණා නම් සෝනියා ගාන්ධිගේ පුතා දේශපාලනයට ගෙනාවා නම් ජෝජ් බුෂ්ගේ පුතා බුෂ් ජනාධිපති වුණා නම් කෙනෙඩි සහෝදරයෝ ඇමරිකන් දේශපාලනයේ සිටියා නම් තවත් ප්රජාතන්ත්රවාදී රටක්වන ලංකාවේ බැරි ඇයි? ඔය අය පත්වන්නේත් ඉවත් කරන්නෙත් රටේ ජනතාවයි.
Bamunuarachchi Saturday, 17 February 2018 03:57 AM
"මොනවද මේ අවුරුදු තුනටම නවත්තන්න බැරි තරමට කරගෙන ගිය සංවර්ධනය?" මමත් අහන්න ගියේ ඔය ප්‍රශ්නයම තමයි.
sensa Saturday, 17 February 2018 04:07 AM
ලේකම්වරුන්ට ඉක්මණින් වැඩ කරගෙන යන්න වැඩ පිළිවෙලක් තියනවාද? කියලා බලන්න ඕනෑනේ. කයිවාරුව මිසක වැඩපිළිවෙලක් නෑ. ප්‍රාදේශීය සභා වල අලුතින් ආපු කට්ටියත් වැඩ ඇල්ලුවාම රට හොඳටම සංවර්ධනය වෙයි කියලා හිතෙනවා. රජයක් වුණාම රටට අහිතකර කොයියම්ම ආකාරයේ තීරණවලට එන්න හොඳ නෑ. ප්‍රාථමික පංතියක් වගේ. මිනිසුන් බලන්නේ සාපේක්ෂව මේ ඡන්දෙදීත් ටිකක් හොඳ විදියට ඡන්දය දෙන්නයි.
sunil Saturday, 17 February 2018 05:31 AM
සංවර්ධන කටයුතු එපරිද්දෙන්ම සිදුවිය යුතුයි.
appuhamy Saturday, 17 February 2018 07:31 AM
එතුමාට අවුරුදු 3 කට පස්සෙද ලේකම්තුමාලා හමුවෙලා තියෙන්නේ? ලේකම්ලාගේ ප්‍රගතිය පත්තරෙන් බලන්න ඇති. ප්‍රේමදාස අතිගරු ජනාධිපති තුමා සෑම මසකට වරක් කවදාවත්ම අතපසු නොකර සහභාගී වුණා විතරක් නෙවෙයි ඒ පිළිබඳ පසු පෝෂණයද තිතටම ඉෂ්ට කළා. නිලධාරීන්ගෙන් අකුරටම වැඩගත් ලංකාවේ එකම කාර්යශුර දේශපාලනඥයා. කියන්න හරිම කණගාටුයි. අනේ ඒකට මුන්නැහේලා. මගේ රටට දළදා හිමි සරණයි!!!
Shan Saturday, 17 February 2018 08:56 AM
අනේ මෙයාගේ බයිලා...
sirimal Saturday, 17 February 2018 09:35 AM
පළාත් පාලන මැතිවරණයෙන් ආසන දිනාගැනීමට සමත්වූ දෙතුන් දෙනා ගෙන්වාගෙන, පක්ෂයේ තීරණ පිළිනොගෙන වෙනත් දේවල් කරන සියලුම දෙනා අස්කරනවා. අස්කරනවා.. අස්කරනවා... මයි, කියන ඔබතුමා පක්ෂයේ ජන බලය සියයට හතරට බස්සවමින් වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කල පක්ෂයේ අනුශාසක ඇතුළු අනෙකුත් සාමාජිකයින්ට පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව විනය මාර්ග ගැනීමට පසුබට වන්නේ මොකද කියලත් පහදා දුන්නොත් නේද හොඳ?
samaSaturday, 17 February 2018 12:58 PM
ඒකද එතකොට සංවර්ධනේ... ?
sirimalSunday, 18 February 2018 09:08 AM
රටක සංවර්ධන කටයුතු, අධ්‍යාපන සහ සෞඛ්‍යය පහසුකම් සැපයීම ඕනෑම රජයක මූලික වගකීමක්. බෝක්කුවක් හදා තමන්ගේ මුදලින් කළාසේ නාමපුවරු සවිකිරීමෙන් ප්‍රකාශ වෙන්නේ ඒවා කරන අයගේ ඔලමොට්ටල කමයි. එවැනි ක්‍රියා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව දැනුවත් කළයුතුයි. ඒ වෙනුවට අපේ රටේ කෙරෙන්නේ පුවරු වන්දනාවයි. පුවරුව විශාල වූ තරමට පුද්ගලයාගේ ජනප්‍රියත්වයත් විශාල වීමයි. 2015 ජනවාරියට පෙර මෙරට වඩාත් කතා බහට ලක් වූ මාතෘකාව වූයේ දූෂණ විරෝධයයි. ඒ හරහා මෛත්‍රිපාල සිරිසේනට සහාය දුන් ජනබලය ගොඩනැගුණි. නමුත් යහපාලන සම්මුතිවාදී රජය බලයට පත් වීමත් සමඟ දූෂණ විරෝධය සම්බන්ධව පැවති කථිකාවත් ගැන පැවතියේ අඩු අවධානයකි. පසුගිය පාලනයට එරෙහි කප්පරක් දූෂණ චෝදනා තිබියදී ආණ්ඩුව තමන් වෙතත් ඇඟිලි පහම දික් වෙනතුරු ඇල් මැරුණු ස්වභාවයකින්ම සිටියේය. යහපාලන රජයට වසර තුනක් සපිරෙන තෙක් පෙර පැවති පාලනයට එරෙහි ඉහළ චෝදනා කිසිවකට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට රජය අපොහොසත් වීම තුළ යහපාලනය වෙනුවෙන් රොද බැඳි ජනතාව බලාපොරොත්තු කඩකරගත් තත්ත්වයක් නිර්මාණය විය. දැන් හොරු මිනීමරුවෝ ලෙස චෝදනා ලැබුවන් වීරයන් බවට පත්වී ඇත.
mf Saturday, 17 February 2018 11:57 AM
අද රටේ ජනතාවගේ ජීවන වියදම් වැඩියි. පාර්ලිමේන්තුවේ නිකන් කන අයට මේවා තේරෙන්නේ නැහැ. මහ වැඩකට නැති සංවර්ධනය පැත්තකින් තියලා... මේවාට යන සල්ලි ලංකාවෙම ඉන්න ගොවියන්ට බෙදලා දෙන්න.
sena Saturday, 17 February 2018 02:53 PM
බලයට ආපු ගමන් සියලු සංවර්ධන වැඩ වහා නැවැත්තුවේ ඇයි? දැන් කිසි දෙයක් නැත. රනිල් ආවේ තමන්ට වසර 20ක් බලය නොදුන්න ජනතාවගෙන් පලිගන්න. එජාපයට තාමත් ඡන්දය දෙන මෝඩයන් සිටියි.
Bamunuarachchi Saturday, 17 February 2018 11:20 PM
රටේ කෙරෙන වැඩ ගැන දැනගන්නේ පත්තරෙන් නිසා ලේකම් වරුන්ටත් සංවර්ධන වැඩක් රටේ කෙරෙනවා නම් ඒවා කරගෙන යන්න කියා පත්තරේ දැම්මා නම් ඉවරයිනේ. එතකොට ජනතාවත් දැනගන්නවා ඔබ රට ගැන බොහොම උනන්දුවෙන් වැඩ කරනවා කියලා...
Shanaka Sunday, 18 February 2018 12:47 AM
මොන සංවර්ධනය ගැනද මේ කියන්නේ? පොල්ගෙඩිය 100ට යවපු එකද?
BamunuarachchiSunday, 18 February 2018 12:23 PM
නැහැ හලෝ, මහින්ද මහතාට ඡන්ද බලය 44% ලබාදීමට කල සංවර්ධනයයි.
lal Sunday, 18 February 2018 03:04 AM
පහුගිය අවුරුදු තුන නිදාගෙනද හිටියේ?