IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරක දිනයදා අලුයම 5 සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක්

(කාංචන කුමාර ආරියදාස)
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන 27 වන දාට  අලුයම 5 සිට සීගිරි නැරඹීම සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කර තිබේ.


දෙස් විදෙස් සංචාරකයන් සඳහා ලෝක සංචාරක දිනය වූ 27 වැනිදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර  මේජර් අනුර නිශාන්ත   මහතා පැවසීය.


ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරියේ උත්සව කිහිපයක් සංවිධානය කර තිබේ.


එහිදී ජංගම දුරකථන සඳහා නවතම පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමට නියමිතව තිබේ. එහිදී සිදුකරනු ලබන්නේ එම මෘදුකාංගය ලබා ගැනීමෙන් පසු සීගිරිය ඇතුළත ඇති ඕනෑම ස්ථානයකට ගොස් එහි ඇති රහස් අංකය ජංගම දුරකථනයේ සඳහන් කළ විගස එම ස්ථානයේ ඓතිහාසික සිදුවීම් හඬ පට  ප්‍රරචාරය වීම ය.


එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්   ඉදිකරන ලද ඖෂධීය ඔසු උයන විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරේ.


ලබන 27 වන දින අලුයම 5.00 ට සීගිරිය විවෘත කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුව  සිගිරිය  පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ගෙන් විමසීමේ දී කියා සිටියේ මේ වන තුරුත් මධ්‍යම සංස්කෘතික අරමුදල තම කාර්යාලය එ පිළිබඳව දැනුවත් කර නැති බවය.


 මධ්‍යම සංස්කෘතික අරමුදලට එහි මෙවැනි තීන්දු තීරණ ලබා ගැනීමේ දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු යැයිද  එහි  උසස් නිළධාරියෙකු සඳහන් කළේය. ලබන 27 වනදා අලුයම පහට සීගිරි පව්වට නැගීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති නිසා උදේ හත වන තුරු විවෘත කිරීම ඇතුළු වීම සදහා අවසරයක් ලබා දීමට නොහැකි යැයි හෙතෙම සඳහන් කළේය.


ඒ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල   ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එකම අමාත්‍යාංශයක පවතින ආයතන දෙකක් බැවින් මෙම සංචාරක දිනය  සැමරීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතින් සිදු කෙරෙන එකක් බවය. ඒ අනුව පුරාවිද්‍යා අංශ නිලධාරින් ඉහළින් දැනුම් දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.



අදහස් (3)

සංචාරක දිනයදා අලුයම 5 සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක්

aka Tuesday, 25 September 2018 07:15 AM

කළුවර වෙලාවට සීගිරියේ ලයිට් දැම්මම බඹරු එන්නෙ නැද්ද එළිය තියන තැන් වලට?

:       0       33

රොෂාන් Tuesday, 25 September 2018 08:23 AM

විදේශිකයන්ගෙන් සීගිරිය නගින්න අය කරන මුදල ඉතාමත් වැඩි.

:       0       56

RANJITH Tuesday, 25 September 2018 02:18 PM

අපි වෙන රටවලදී ඔය වගේ තැන්වලට ගෙවන මුදල දිහා බලපුවහම වැඩි නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 68 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 9 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 124 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 583 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2129 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 223 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site