(නිමන්ති රණසිංහ)
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
පාස්කු ඉරිදා දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා වන අංක 658/87, මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි මොහොමඞ් ඊබ්‍රහිම්, මොහොමඞ් අහමඩ්, ඇතුලු සැකකරුවන් හය දෙනෙකි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ෂැංග්‍රීලා බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් රිමාන්ඩ්
ranjith Wednesday, 22 January 2020 02:39 PM
මේ රජයෙන්නම් මේ අපරාධ ගැන සොයා බලා වරදකරුවන්ට නිසි දඩුවම් ලබාදේවි.
sudath Wednesday, 22 January 2020 04:18 PM
ජවිපෙ සම්බන්ධයක් තියෙනවද?
Ratnamalala Wednesday, 22 January 2020 05:41 PM
අනුර සහෝදරයා හරිම අහිංසක කෙනෙක් කියලා කිව්වේ මෙයාට නේද?
eresh S kumara Thursday, 23 January 2020 04:12 AM
නීතිය හරියට ක්‍රියාත්මක වනතුරු අප බලා සිටින්නෙමු
Ajantha Thursday, 23 January 2020 04:37 AM
මොකද මෙතෙක් කල් කාගෙහරි බලපෑම් තිබුනද හිරේට දාන්න එපා කියලා, අහිංසක මිනිහෙක් පොල්ගෙඩියක් කැඩුවත් එදාම හිරේට දාන රටේ. ලංකාවට දියුණු වෙන්න බැරි ඕකනේ.