IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

( ටෝනි කරුණානායක)

 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්  තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)නියම කලේය .
 
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන්  ඔවුහු  රිමාන්ඩ් බාරයේ  සිටිති.
 
ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක
යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
 
මෙම නඩුවේ 04 වන සැකකරු වන එච්.ඩී නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල්  ප්‍රදීප් කුමාර (76309) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය .
සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු  නීතිඥ සහායක් නොවිය.
 



අදහස් (13)

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

Senarath Thursday, 21 January 2021 08:55 AM

පොලීසියේ ඉතිහාසය පුරාවටම මෙවැනි දූෂිතයින් හමුවෙලා නැහැ.

:       36       92

ලුම්බිණි Thursday, 21 January 2021 10:00 AM

ඇප ලබන්න සහ නිදහස් වෙන්න තරම් වරදක් කරලා නැහැ මගේ හිතේ...

:       66       16

BamunuarachchiThursday, 21 January 2021 11:01 AM

මෙයා හොරකමක් කරලා හරි, මිනියක් මරලා හරි නම් ඇපදීම සලකා බලන්න පුළුවනි.. නමුත් බොරු සාක්කි හදලා අහිංසක මිනිසුන් හිරේ යවපු එක බලවත් වරදක්. බොරු සාක්කි හදලා ඔබව හිරගෙට තල්ලු කළා නම් කොහොමද? ඒ ජඩ වැඩේ කරලා තව වළං හෝදන්නත් ලැහැස්තියි.

:       28       11

RaveendraThursday, 21 January 2021 11:59 AM

කිසිවෙකුට ගැති නොවී මධ්‍යස්තව මොහු දෙස බැලීමේදී මොහු දක්ෂ, අවංක නිලධාරියකු නොව කොහෙවත් යන නිවට දේශපාලකයන්ගේ අතකොළුවක් බව නම් කිව යුතුමයි. සමහර විට ඔබ අප සමග උරණවනු ඇත. නමුත් කිවයුතු දෙය කිව යුතුමයි. අප දක්ෂ එඩිතර සේවකයන් මොන යම් හෝ දේශපාලුවන් පසුපස නොයන පිරිසක් බව අමුතුවෙන් කිව යුතුද නැත. මොන පක්ෂයක් රටේ බලයට පැමිණියත් රජයේ නිලධාරින් තම රාජකාරිය, තම සේවය නිසියාකාරව මහජනතාව වෙනුවෙන් කළ යුතු බව රජයේ සේවකයන් වැඩි පිරිසක් අමතක කර ඇති බව ඉතා හොඳින් පැහැදිලිය. මොහුත් එවන් නිලධාරියකු බව කණගාටුවෙන් වුවද කීමට කැමැත්තෙමු.. මොහුද තම ජීවිකාව, දවසේ තුන්වේල ගිල දැම්මේද ඔබේ, මගේ අපේ බදුමුදල් වලින් වීමත් අවාසනාවකි...

:       20       41

Bamunuarachchi Thursday, 21 January 2021 10:57 AM

බැලූ බැල්මටම චෝදනාව බරපතලයි. පුලුවන් වෙයි වළං හෝදන එක කොහොම වෙතත් දෙන්නගේ කුණු අතුල්ලා ගන්න...

:       18       46

Demuni Uduwara Thursday, 21 January 2021 11:54 AM

ශානි, දෙවිවරු උඩ ඉන්නේ...

:       4       17

චින්තක Thursday, 21 January 2021 12:28 PM

ඉල්ලුවේ රන්ජන්ගේ කුස්සියේ වළං හෝදන්න. ලැබුණේ සිපිරිගෙදර වළං හෝදන්න. අවුලක්ම නැහැ. කොහේ කරත් එකම රාජකාරියනේ... ඔහොම්මම කරගෙන යන්න දෙන්න...

:       16       9

Bandara Thursday, 21 January 2021 04:58 PM

බලය තිබුණු පළියට වැරැදි ලෙසට පාවිච්චි කළාම මෙහෙම වෙනවා.

:       0       0

සෑම් Friday, 22 January 2021 02:20 AM

මේ කරන දේශපාලන පළිගැනීම මහා අපරාධයක්... ශානි ඉතාමත් දක්ෂ නිලධාරියෙක්. දේශපාලකයෙක් ඔහුට කතාකරපු පමණින් ඔහු දූෂිතයෙක් වෙන්නේ නැහැ. ඕනෑතරම් දේශපාලකයින් විතරක් නෙමයි සාමාන්‍ය මිනිස්සුත් පොලීසිවලට කතාකරලා තමුන්ට සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය විස්තර ඕනෑතරම් අහනවා. ඒක කිසිසේත්ම බලපෑම් කිරීමක් නෙමෙයි. අනික බොරු සාක්කි හැදුවා නම් අනික් පාර්ශවයට ඒක බොරු බව පෙන්වන්න අවස්ථාවක් තියනවා. හරියට නඩුව ඇහැව්වා නම් ශානි බොරු සාක්කි හැදුවා කියලා කොහේවත් ඔප්පුවෙලා නැහැ. මේක තනිකර දේශපාලන පළිගැනීමක්.

:       1       4

සිසිල් සුදේශ් Friday, 22 January 2021 02:54 AM

නීතිඥයින් පෙනී නොසිටියේ ඇයි? වාර්තාකරණය කොට ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණා. නීතිඥයොත් සර්ට බය වෙලාද?

:       0       5

Rata Perata Friday, 22 January 2021 07:57 AM

ශානි මෙහෙයවපු දේශපාලකයන්ගේ නඩු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඔලුවල තියෙන්නේ වහල්කම තමයි.

:       0       1

BamunuarachchiFriday, 22 January 2021 11:58 AM

අහවලා හිරකරන්න නම් ඕනේ... ඔය වැඩිවිස්තර කතා කරන්නේ මොකටද?

:       1       0

BamunuarachchiWednesday, 27 January 2021 01:18 PM

කූඩුවේ ඉන්නේ බොරු සාක්ෂි හදපු නිසා නම් ශානි මෙහෙයවපු දේශපාලකයින්ගේ නඩු ගැන කුමන කතාද හලෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 308 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 67 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 632 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 655 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1086 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1015 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site