IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි

(නාලක සංජීව දහනායක සහ නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලංකාදීපයට පැවැසීය.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරීන්ට හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බැවින් එම පරීක්‍ෂණ නිසිලෙස සිදුනොවූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එහෙත් සිදුවූ දේශපාලන වෙනසත් සමඟ බැදුම්කර වංචාව සම්බන්ධ පරීක්‍ෂණ ස්වාධීනව නිසිලෙස සිදු කෙරන බවද ජනාධිපතිවරයා පැවැසූ බව එම මන්ත‍්‍රීවරයා කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) රැස්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී මන්ත‍්‍රීවරුන් අදහස් දක්වා ඇත. එහිදී දෙපාර්ශ්වයටම එකඟවිය හැකි පොදු ලකුණක් තෝරාගැනීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා ඇත.

මේ අතර උත්සව සමයේදී ප‍්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවකයන්ට ප‍්‍රසාද දීමනා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට දැනුම්දුන් බවද මන්ත‍්‍රීවරයා කීය.

   



අදහස් (29)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි

Kumara Tuesday, 11 December 2018 05:55 PM

දන්නවා කෙර්වාවේ තරම... පව්නොදී අකුලාගෙන ගියා නම් තමයි සැප..

:       29       37

sirimal Tuesday, 11 December 2018 06:07 PM

දවස් හත ඉවරයි නේද? එ්ත් ප්‍රශ්නය ඔඩු ගිහිල්ලා. දැන් කතාව කලින් අඹ යාළුවන් වෙලා හිටිය කට්ටිය හිරේ යවන එක ගැන මිස අවීචි මහ නරකාදියට ගිහිල්ලා හිරේ යවනවා... කියලා කිව්ව කට්ටිය ගැන නෙවේ.

:       0       12

Kumar (Gulf) Tuesday, 11 December 2018 06:09 PM

ඔව් ඔව් ඔබ ගෙදර යා යුතුයි.

:       33       54

Chandana - Australia Tuesday, 11 December 2018 06:14 PM

මෙතුමාටද පිස්සු? මටද පිස්සු කියලා හිතාගන්න බැහැ... වෙලාවකට මේවා කියවනකොට...

:       55       91

jagath Tuesday, 11 December 2018 06:20 PM

මේක ඉතා වැදගත් තත්වයක්... විධායක ජනාධිපති ධුරයේ ඇති අතිභයානක තත්වය පිළිබඳව හොඳින් තේරුම් ගැනීම, හඳුනා ගැනීම ජනතාවට මෙය ඉතා කදිම අවස්ථාවක්... නිසි පිළිතුරකට ජනතාව පෙළගැසීමේ යුගය මෙයින් ඇරඹීම මේ කදිම හෝරාවයි...

:       44       63

athula Tuesday, 11 December 2018 07:46 PM

මේ කියන දේවල් මෙයාට මතක උනාට ජනතාවට මතකයි ,

:       1       63

Chanak los angeles Tuesday, 11 December 2018 10:51 PM

ඒවා බලමු ඒ වෙලාවට .. එතකොට ඔහෙට ඔය පදවියේ ඉන්න වෙයිද කියන්න බැහැනේ ?බැඳුම් කරේට පෙර අර 2015 දී අල්ලනවා කියපු හොරුටික අල්ලන්න ඕනේ .......

:       122       449

Buddika Tuesday, 11 December 2018 11:35 PM

අපොයි ඔව්...... නීතිය කෙසේ කීවත් බලහත්කාරයෙන් හරි බලය රැකගන්න ඕනේ.... ප්‍රජාත්න්ත්‍රවාදය වගේද පල් හොරු එක්ක දීග කන එක..... එකම ජාතියේ අයනේ එක් වෙන්නේ.... මේ රට විනාශ කරා...

:       0       161

Gamaya Wednesday, 12 December 2018 12:43 AM

එතකොට කලින් කෑගහපු නඩු ඉවරද මහත්තයෝ.

:       0       209

නාලක Wednesday, 12 December 2018 01:13 AM

මෙන්න මෙයා හොරු අල්ලන්න යනවලු. මුලින් තමන් ඔය පුටුවට ගෙනාපු මිනිස්සුන්ට දුන්නු පොරොන්දු ඉටු කලොත් නරකද?

:       0       240

nishantha Wednesday, 12 December 2018 01:35 AM

මොලේ පරික්ෂා කිරීම ඉක්මනින්ම නොකලොත් ලොකු අමාරුවක වැටෙනවා සාමාන්‍ය ජනයා වන අපි ඔක්කොම...............

:       124       1640

Peechan bayiya Wednesday, 12 December 2018 01:44 AM

කිසිම දෙයක් නොකර නිකම්ම වැටුප් ගන්න රජයේ කට්ටියට මස ගානකට වත් නවත්තල දායි වගේ . කමක් නැහැ රජතුමාගේ සතුට වෙනුවෙන්නේ

:       0       70

rocky Wednesday, 12 December 2018 02:11 AM

ඔබතුමා ආපහු හැරී වේගයෙන් ඉදිරියට යන බවයි............පේන්නේ!

:       0       240

pohottuwa Wednesday, 12 December 2018 02:48 AM

මුඛයෙන් හා අධෝමුඛයෙන් කතාකිරීම.

:       34       282

dias Wednesday, 12 December 2018 03:08 AM

ඉදිරියට නෙමේ ගෙදර යා යුතුයි....

:       42       384

එරික් Wednesday, 12 December 2018 03:11 AM

මෙයා බබා. මුකුත්ම කරල නැහැ වගේ කතාව.

:       0       554

sandy123 Wednesday, 12 December 2018 04:15 AM

කරන හැම දේම කරලා තව බයිලා ගහනවා...

:       0       316

Chanak los angeles Wednesday, 12 December 2018 04:25 AM

මේ වගේ පුද්ගලයෙකු රටේ නායකත්වයට පත්කරවාගන්න යෝජනා කලේ කව්ද ?

:       12       263

Sapumal. Wednesday, 12 December 2018 04:46 AM

මොකද මේ තරම් නඩු තීන්දුව ගැනම කියවන්නේ. නීතිය ගැන අධිකරණය ගැන සමහර දෙනාගේ කිසි ගෞරවයක් නැති පාටයි පෙනෙන්නට තිබෙන්නේ. තම පක්ෂයේ වැඩ වලදී නඩු තීන්දුව ගැන කතා නොකොට ඉන්නවානම් කොතරම් ශිෂ්ට සම්පන්නද ? පැවති රජයේ ඒවා විතරද පෙන්නේ.ඊට පෙර රජයේ කප්පරක් වැරදි වලට කොමිසම් දැමීමක් ගැන අදහසක් නැත්තේ ඇයි ? බැඳුම්කරය ගැන විතරක් කතා කලත්,තමන් ළඟම හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ වැඩ ගැන අල්ලනකම්ම නොදැන සිටියේ මන්ද ? තාජුදීන් ,ලසන්ත, එක්නැලිගොඩ ඝාතන හා තවත් බොහෝ දේට සම්බන්ධකම් ඇති අයට කිසිම හිරිකිතියක් නැතිව පාලන බලය දුන්නාට කොමිසම් කීයක් දැම්මත් මදි නේද ? මේ අය කියවන්නේ මොන කටින්ද ?

:       0       724

එරික්Wednesday, 12 December 2018 08:37 AM

ඒවා ඔක්කෝටම වග කියන්න ඕනෑ රනිල්. මෙයා මුකුත් දන්නෙත් නෑ, රටට මුකුත් කරලත් නෑ.

:       0       110

de silva Wednesday, 12 December 2018 06:33 AM

මොන වැරදි තිබුණත් සුනකය කාලෙකට පස්සේ පරණ හාම්පුතා දැක්කම වලිගෙ වන වන පස්සෙන් යනවනේ ? බලු වලිගෙ ඇද අරින්න බැහැ කියල පැරැන්නෝ කිවේ කටකහනවට නොවේනේ ?

:       0       33

Hafeel Wednesday, 12 December 2018 07:25 AM

ඉඩියමීන්වත් ඉක්මවා යා හැකියි.

:       21       230

BamunuarachchiThursday, 13 December 2018 10:26 AM

අවශ්‍ය උනොත් කරන්න වෙනවා. කලාට කමක් නැත ඇයි භයද? අපි භය නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 12 December 2018 08:50 AM

ලොස් ඇන්ජලීස් මේවගේ පුද්ගලයින් රටේ නායකත්වයට තෝරාගත්තේ එල්ලෙන්න වැලක් හොයාගන්න බැරිව සිටි 30 වතාවක් පැරදුණු එජාපයින්. පුලුවනි නම් මේ සැරෙත් මහජන ඡන්දෙකට ඇවිත් බලන්න.

:       84       121

එරික් Wednesday, 12 December 2018 10:46 AM

ආවා මහින්දට කඩේ යන බමුණුආරච්චි..

:       1       101

BamunuarachchiThursday, 13 December 2018 10:23 AM

රටට, සිංහල ජාතියට සේවයක් කළ යුගපුරුෂයා වෙනුවෙන් කඩේ නොයා සිංහල ජාතිය, රට පාවා දෙන්නෙකු, රටේ ආර්ථිකය කා විනාශ කළ කෙනෙක් වෙනුවෙන් කඩේ යන්නද කියන්නේ? අඩු ගණනේ මේ අවුරුදු 4 වත් මේ රටට කළ සේවය කියන්නකෝ...

:       0       0

babu Wednesday, 12 December 2018 11:06 AM

බමුණුආරච්චි කඩේ යන්නේ රෙදි ඇඳගෙනද? අද පොළොන්නරුවට යන්නත් බැහැ..

:       0       13

parakkrama Wednesday, 12 December 2018 01:16 PM

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවති රජයේ වංචා දූෂණ සෙවීම ගැන කතා කරන්නේ මෙතුමා තමාට වාසිදායක තීන්දුවක් ලැබෙන බව දැනගෙනද යන්නත්, නැතිනම්, ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ගැන අවනඩුව අධිකරණය වෙත යොමුකිරීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් පලවූ අදහස් සඵල කරමින්, එවැනි තීන්දුවක් ලබාගැනීම සඳහා ගරුඅධිකරණය වෙත යම් බලපෑම් සිදුකැර ඇති අය යන්න ගැන සාධාරණ සැකයක් ඇතිවේ. මේ උත්සව සමයේ ප්‍රමාදයකින් තොරව රජයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමටත් කටයුතු කරන බව කියන්නේ අර පදනමේ සිට, ෂුවර් එකටම මහා මැතිවරණයක් එනවාය කියන ස්ථාවරයේ සිට කල්තියා රජයේ සේවකයාට, කලින් පුරුදු විදිහට, පගාවක්, අල්ලසක් (කලින් යතුරු පැදි හා යම් යම් දීමනා , සහනයන් වගේ) දෙන්නද මේ සූදානම කියලා සැකයකුත් ඇතිවේ.

:       0       20

vidya Thursday, 13 December 2018 01:21 AM

බුද්ධිමත් කමක් නැති උනාම මේක තමයි වෙන්නේ.

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 50 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 369 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 463 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1249 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2693 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1781 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site