IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි - ජනක බණ්ඩාර තෙන්නකෝන්

(අජන්ත කුමාර අගලකඩ)

තමාගේ පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහු මිය යන්නේ අද දිනයේදී බව දඹූල්ල ආසනයේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකුද වන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැඳවුම්කරුවකුගේ පුත්‍රයකු බවද තෙන්නකෝන් මහතා කීවේය.

දඹූල් ආසන සංවිධායකධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරුවන් දෙදෙනකුගේ පුතාලා විතරයි. එ් ටී.බී. තෙන්නකෝන් මහතාගේ පුතා වන මමයි, ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතාල දෙන්නයි.“

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හදවත, අපේ පණ. අපි මේ ඉවත් කරලා තියෙන්නේ ඒකෙනුයි. ශ්‍රීලනීපය කියන්නේ සියලු දෙයින් සර්ව සම්පුර්ණ පක්ෂයක් නෙවෙයි. හැබැයි අපි කවදාවත් මේ පක්ෂය දාලා ගියේ නැහැ. ශ්‍රීලනීපය අද මේ යන ගමන දැක්කම මට  කනගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්ච දේ තමයි ශ්‍රීලනීපයට වෙන්නෙත් කියලා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය කරා යන ගමනක් “යැයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 



අදහස් (16)

ශ්‍රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි - ජනක බණ්ඩාර තෙන්නකෝන්

priyan Tuesday, 25 April 2017 12:39 PM

වෙන්නෙ ඒක නෙවෙයි..වෙලා තියෙන්නේ ඒක..

:       501       558

shan saudi Tuesday, 25 April 2017 01:05 PM

ඒක නෙවේ ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරකල දැන් එකට ගරහන උන්ට වෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි අපිට බල ගන්න පුළුවන් ඉදිරියේදී

:       574       489

පෙරුමාල්Wednesday, 26 April 2017 06:10 AM

56 ඉඳලම එකතු වෙච්ච කුණු කන්දක්නෙ. දැන් පුපුරන්න ලඟයි

:       1       2

w.p.s..weerawardanaWednesday, 26 April 2017 07:04 AM

දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කුණු සේරම ඉවත් වෙලා තියෙන්නේ. . මෛත්‍රී පාල සේනානායක මහතා සමග ඉදිරියටම යන්න පුළුවන් . ජයවේවා..අලුත් ශ්‍රීලංකා නිදහස්පක්ෂයට.

:       75       0

Wije wikramasinghs Tuesday, 25 April 2017 01:26 PM

මෙ අය අයින් කලාට කමක් නැහැ. පත්කල අය ඊට අන්තයි.කිසි රහක් නැහැ

:       331       41

menaka Tuesday, 25 April 2017 05:23 PM

ඔබ ඉන්න කාලේ දඹුල්ලේ කුණුවලට මොකක්ද කලේ?

:       10       210

siri Tuesday, 25 April 2017 08:43 PM

මේ අලුතින් පත් කරන අය ගැන දැනගත්තේ පත්තරෙන්.මීට කලින් මේ නම් අහලවත් නැහැ.පක්ෂය දියාරු කිරීමක් මේ කරන්නේ.

:       23       22

nimal rajapakasha Tuesday, 25 April 2017 09:01 PM

තාත්ත හිටියනම් අද ගහල පන්නනවා ,මේ ගොන් බානට

:       0       1

indrajith Tuesday, 25 April 2017 10:11 PM

පක්ෂයෙන් ඉවත්වී පක්ෂය පරාජයකොට නැවත එම පක්ෂයම ගොඩගැනීම සඳහා ගන්නා උත්සාහය කොතරම් සාර්තකවේදැයි අනාගතයේදී දැකගතහැක.

:       45       27

appuhami Wednesday, 26 April 2017 02:14 AM

ඇයි ඉතින් අඩන්නේ නැත්තේ?

:       0       5

dias Wednesday, 26 April 2017 03:59 AM

ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා දිනුවා මිසක් පක්ෂය ඔබ තුමා නිසා දිනුවා ද?දැන් පොහොට්ටුවෙන් එන්ඩ අපි බලමු.

:       1       1

Roshan Wednesday, 26 April 2017 04:29 AM

පක්ෂට වැඩක් කරන්නේ නැතිනම් එවත්කරන්න ඕනේ නේද මහත්තයෝ

:       4       4

Kelum Wednesday, 26 April 2017 07:05 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා තමය් ඔබ තුමා දිනුවේ මිසක් පක්ෂය ඔබ තුමා නිසා පක්ෂය දිනුවේ නෙහෙ?

:       0       0

sunil Wednesday, 26 April 2017 07:10 AM

දැන් ඉතින් පක්ෂේ කුණු ටික ඉවත් කෙරුවාම සුද්ධ උන මීතොටමුල්ල වගේ වේවි නේද?

:       1       0

siva Wednesday, 26 April 2017 08:36 AM

තමුන්ගේ පියා ජීවතුන් අතර හිටියනම් ආයි මැරෙන්නේ එක ඇත්ත., ඒ පියා නියම ශ්‍රී ලංකා කාරයෙක් නිසා , නමුත් පුතාල නියම ශ්‍රී ලංකා කාරයින් නෙවි , පුතාලත් නියම ශ්‍රී ලංකා කාරයින් නම් අද මෙලහට මැරිලා

:       1       0

Chanak Los Angeles Wednesday, 26 April 2017 02:26 PM

පේනවානේද මොවුන්ට දේශපාලනයෙන් විසිවෙන්න වුණාම ජීවත් වෙන්න වෙන විකල්පයක් ඇත්තෙම නැති බව.... වස ලැජ්ජයිනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 83 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 53 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 136 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1813 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 520 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 627 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site