IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා අගමැතිකම හෝ විපක්ෂ නායකකම දෙනවානම් පමණයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

අගමැති ධුරය හෝ විපක්‍ෂ නායක ධුරය දෙන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (22) තීරණය කළේය.

මේ තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යහපාලන ආණ්ඩුවේ කොටස්කාරයකු ලෙස එක්සත් ජාතික පක්‍ෂය සමග කටයුතු කරන තුරු කිසිදු කරුණක් පිළිබඳව එම පක්‍ෂය සමග සාකච්ඡා නොකිරීමට ද මෙහිදී තීරණය කරන ලදැයි එකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

වත්මන් ආණ්ඩුව ගැන රටේ ජනතාව බරපපළ කළකිරීමට පත්ව සිටින අවස්ථාවක ඒ ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග කටයුතු කිරීම ඵලක් නොවන බවද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මේ සාකච්ඡාවේදී ගත් තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැනුම් දීම සඳහා සී.බී. රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි හා මහින්ද යාපා අබේවර්ධන යන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද මෙහිදී පත්කරගෙන ඇත.



අදහස් (26)

ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා අගමැතිකම හෝ විපක්ෂ නායකකම දෙනවානම් පමණයි

Ruwan Thursday, 23 November 2017 06:13 AM

ඔබලාගේ පොදු ජන පෙරමුණ ට කරන්නට ඇත්තේ කාලය මරමින් පුවත් පත්වලට අදහස් දැක්වීම පමණි. පොදු ජන මතය ඔබලාට නොමැති බව දෙවරක් ඔප්පු කර අවසානය. ඔබ ලා සමග ඉතිරිව සිටින පිරිස පසුගිය දසවසර තුල කල දේවල් උපයාගත් දනය යන සියල්ල මේ රටේ සිටින ජනයා හොඳින්ම දන්නා කරුණකි. එම නිසා නැවත ඔබලාගේ සහය යහපාලන රජයකට කිසි ලෙසකින් වත් අවශ්‍ය නොවේ.

:       1537       3381

ThilinaThursday, 23 November 2017 07:31 AM

පොදු ජන මතය සදාකාලික එකක් නොවන බව මතක තබා ගන්න.. විපක්ෂයක් සිටින්නේ සිදුවන අඩුපාඩු පේනවා දීමටත් ආණ්ඩුවක් සිටින්නේ වැඩ කිරීමටත් බවත් දැන ගන්න.

:       1       132

indikaThursday, 23 November 2017 07:45 AM

පහුගිය අවුරුදු 3 ට ඔය හොරකම් කරපු කොච්චරක් හොයාගත්තද? මෙච්චර කාලෙකට හොයාගන්න බැරිනම් තව කොච්චර කාලයක් ඕනෙද? අනිත් එක එක අරමුදල තියෙන මුදල් වෙනත් ව්‍යාපෘතියකට යොදවල වගේ දේවල් ඇත්තට හොරකමක් නෙවේ. මෙච්චර කාලෙකට හොයාගත්තේ ඒ වගේ දේවල්. එවගේද යහපාලකයෝ ඇවිල්ල මාස 3 ක් යන්නත් ඉස්සෙල්ල මහා බැංකුවට දුන්න ගේම?

:       89       211

රෝහිත Thursday, 23 November 2017 06:15 AM

කොහෙන් ගියත් බල තන්හාව! අනික, කමිටුවේ ඉන්නෙත් කිසිම වැදගැම්මක් නැති අයනේ. ඉතින් සාකච්චා කුමට?

:       242       1168

මම1 Thursday, 23 November 2017 06:23 AM

නාමල්, යෝශිත, චිචී, සිරන්ති, බැසිල් කට්ටියටත් සම අගමැති බලතල ලැබෙන බැවින් මහින්දට අගමැති කම දිය යුතුමයි.

:       257       1146

Nuwan Thursday, 23 November 2017 06:28 AM

මස් රාත්තලම ඉල්ලීම

:       107       419

nuwan Thursday, 23 November 2017 06:47 AM

ජය වේවා

:       633       405

sunil Thursday, 23 November 2017 06:57 AM

2015 ඡන්දෙ දිනලා මහනුවරදී අපිට මේ ගැන කිව්වා නේ. අවුලක් නැහැ.

:       21       91

saliya Thursday, 23 November 2017 07:14 AM

2015 මැතිවරණයේ දී තරුණ , උගත් , අලුත් අපේක්ෂකයින් ඉදිරිපත් කර අලුත් දේශපාලන සංස්කෘතියක් සදාවී කියා ජනාධිපතිතුමා ගෙන් බලාපොරොත්තු වුනා . එසේ වුනා නම් පාර්ලිමේන්තු බලය කෙසේ වෙතත් ජනතා බලයක් ගොඩ නැගෙනවා . දැන් සිදු වෙමින් පවතින තත්වය කණගාටුදායකයි .

:       0       183

darshana Thursday, 23 November 2017 07:18 AM

අහවලාටත් අඩි 6 කතා අමතකවෙලා වගේ පස්සෙන්ම යන්නේ .

:       3       172

පිටිගල මිලානෝ Thursday, 23 November 2017 07:19 AM

ලංකාවේ පරාජය වූ එකම ජනාධිපති, අවුරුදු දෙකකටත් කලින් මහජනයා එකතුවී නිලයෙන් පහ කල මෙයාද ලජ්ජා නැතිව අගමැතිකම ඉල්ලන්නේ? එතකොට රත්තරන් රෝහිත ඇතුළු නඩේටද රට පාලනය කරන්න ඉල්ලන්නේ? හරි ෂෝක්..! එන්න දෙන්නම්..!

:       1248       1347

HafeelThursday, 23 November 2017 11:15 AM

ඒක තමයි කියන්නේ බල තන්නාව. අනුර දිසානායක කිව්ව වගේ වීරකැටිය සමූපකාර ඡන්දය දක්වා පල්ලම් බහීවි.

:       0       12

appuhami Thursday, 23 November 2017 07:21 AM

ලැජ්ජා නැත්ද මන්දා

:       0       3

nisar Thursday, 23 November 2017 08:18 AM

ජනාධිපති ධුරය ඉල්ලන්නේ නැත්තේ තුන්වෙනි වතාවේ බැරි නිසාද

:       24       41

Bamunuarachchi Thursday, 23 November 2017 08:27 AM

හරියට හරි හැබැයි අපි ඔබලා සමග සිටින්නේ ඔබලා ටක්කෙට හරියටම ඉන්න නිසා නොවෙයි වෙන විකල්පයක් නැති නිසා.

:       21       15

balasria Thursday, 23 November 2017 08:32 AM

සමහර කට්ටියකට ඕනේ බලයට එන්න විතරයි රට හදන්න නොවේ. සියලු දෙනාම එකතු වෙලා මේ රට කොච්චර ලස්සනට හදන්න පුළුවන් රටක්ද.

:       1       57

රොමේෂ් Thursday, 23 November 2017 08:36 AM

අගමැතිකම හෝ විපක්ෂ නායකකම... කිසිම ගැලපීමක් නැති ඉල්ලීමක්නේ. මෙතනින් තේරුම්ගන්න පුළුවන් දේ තමයි මේගොල්ලෝ ඉන්නේ දෙලොවක් අතර කියන බව.

:       25       42

rajitha Thursday, 23 November 2017 09:01 AM

විපක්‍ෂ නායක ධුරය නිත්‍යානුකුලව පාර්ලිමෙන්තුවේ හිමි විය යුතු වන්නේ සරල බහුතරයක් නියෝජනය කරන දමිල ( සමස්ත මුළු දමිල ජනගහනයම ගත්තත් 11.21% ) පක්ෂයකටද ? මෙය ප්‍රජාතන්තවාදී ද ?

:       5       52

රවින් Thursday, 23 November 2017 09:22 AM

කොන්දේසි දැන් දන්නවනේ. ඉතින් සාකච්චා කරන්න.

:       8       3

rohan perera Thursday, 23 November 2017 09:39 AM

ගොනා හැරෙන්නේ තැබිලි පැළේට. ඔය හදන්නේ අර පරීක්ෂණ ඔක්කොම නවත්තගන්න

:       46       82

KITHSIRI Thursday, 23 November 2017 09:58 AM

මෙයාලා ඔය බලයට එන්න කරන වංචාවක් බලය අරන්

:       47       83

banda Thursday, 23 November 2017 11:08 AM

ශ්‍රී ලංකාවේ මගේ සහෝදර ජනතාවනි චුට්ටක් හිතන්න ලෝකරටවල් අද කොහෙද අපි කොතනද උදාරණයක් මලයාසියාව අද කොහොමද මේ පක්ෂ දෙක රට විනාස කරනවා ජාති වාදය අවුස්සනවා එනිසා අපේ රටට විප්ප්ලවයක් ඕන බුද්දාගම නැතිවෙන්නේ නෑ ලෝකේ තියන තුරු .

:       7       1

Thilak Thursday, 23 November 2017 11:29 AM

කොහොමද බල තණ්හාව අගමැතිකම නාමල්ටද බැසිල් ටද .

:       0       65

sahan Thursday, 23 November 2017 01:05 PM

ලජ්ජා නැතුව තව පස්සෙන් ගිහින් සිරි සගබෝදී වෙනවා බලාගෙන ඉමු, යු එන් පි තනි ගමන හොදා, මේ වගේ පතොලයෝ ඉස්සරහට ගෙනාවට වඩා

:       34       4

Sathyayaa Saturday, 25 November 2017 05:39 AM

හරි එහෙනම් ජනතාවගේ පැත්තෙනුත් අපි මේ දෙගොල්ලන්ටම කොන්දේසි දානවා. මොකද ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙලා ජනතාවගේ සල්ලි ගසා කෑ පරාජය වූ ආණ්ඩුවක් (ඒකාබද්ධ විරුද්ධ පක්ෂය) හා ඒ ජනතාවගේම ඡන්දයෙන් කාලෙකට පස්සේ බලයේ සිටින පක්ෂයකට මුක්කු ගසා සිටින එජාපය "පුදන කොටම කාපි " යකා සිද්ධාන්තය ඔප්පු කළ එජාපයටත් නැවත බලයක් සඳහා ජනතාවට ආයාචනා කරන්න සදාචාරාත්මක අයිතියක් නැති බව මතක් කර දෙමින් ජනතාව ලෙස අප ඉල්ලා සිටින්නේ කරන ලද සියලුම වැරදි වලට ප්‍රථමයෙන් ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. දෙවනුව ගිය ආණ්ඩුවේ අයත් මේ ආණ්ඩුවේ අයත් සොරකම් කළ ධනය ආපසු මහා භාණ්ඩාගාරයට බාර දිය යුතුයි. මේ කොන්දේසි ඉටු නොකර හුදු බලය සඳහා පමණක් සම්මුතියකට පැමිණ මැතිවරණයකට යන්න බලාපොරොත්තුවක් ඇත්නම් පරදින්නත් බලාගෙන එසේ කරන්න කියා අප අවධාරණයෙන් කියා සිටිනවා. ජනාධිපති සිරිසේන මහත්මයට කියන්න පුළුවන් කම තියෙන්න ඕනේ, මහින්ද කණ්ඩායමේ කෙනෙකුට අගමැතිකම දෙන්නම් හැබැයි, හැබැයි රාජපක්ෂ පවුලේ අයට එල්ලවී ඇති මහා පරිමානයේ දූෂණ හා මිනීමැරුම් චෝදනා වලට පවුලේ හතර පස්දෙනෙක් සිපිරිගෙදරට යැව්වට පස්සේ. ඒක ඇත්තෙන්ම සාධාරණයි.

:       1       1

SHAN SAUDI Sunday, 26 November 2017 03:59 AM

ඔය කිසිවක් දියයුතු නැත ඔවුන් සියල්ල එලවා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් උගත් තරුණ පිරිසක් බදවා ගන්න ඊළඟ ඡන්ද දෙකෙන් ඔය හොරු රැළ ඉබේම ගෙවල් වලට යැවෙනු ඇති.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 284 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 134 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 93 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 332 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 350 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 634 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site