IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා

(නාලක සංජීව දහනායක)
 
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා වටයේ හත්වැනි සාකච්ඡාව 25 වැනි දින කොළඹ-07, ශ්‍රීමත් මාක්ස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවැසීය.  
 
මීට පෙර පැවැති සාකච්ඡාවලදී ප‍්‍රතිපත්තිමය කාරණා 25 ක් සම්බන්ධයෙන් දෙපාර්ශවයම දැනට එකඟතාවයකට එළඹ සිටින බවද මහාචාර්යවරයා පැවැසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම්වරයකු වූ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා කථිකාචාර්ය ජගත් වැල්ලවලත්ත යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
 



අදහස් (8)

ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා

de Monday, 22 July 2019 10:12 AM

එතකොට UNP එක නැද්ද? ඔයාලා තුන්දෙනාම එකයි අනේ... ජනතාව තනිවෙලා.

:       1       11

shan Monday, 22 July 2019 10:55 AM

බාලගිරි දෝෂය අද නොවේ හෙට !

:       0       4

shan Monday, 22 July 2019 10:58 AM

බාලගිරි දෝෂය අද නොවේ හෙට...!

:       0       3

Bishan Monday, 22 July 2019 11:09 AM

මේක හරියන මගුලක් නෙවෙයි. පොහොට්ටු, බුලත් කොළ අලි දේශපාලනයෙන් අතුගාලා දාන්න මීටත් වඩා අවස්ථාවක් එන්නේ නැහැ. ඊළඟ ඡන්දෙදී බුද්ධිමත් තරුණ නායකයින්ට ඡන්දය දෙමු..

:       0       8

shanMonday, 22 July 2019 11:50 AM

අපි ඉන්දියාවෙන් අපේක්ෂකයෙක් ගෙන්වමුද? මේ සේරගේම ඇදමනේ තියෙන්නේ... අපි පිහිටුවමු ඉන්දු - ශ්‍රී ලංකා පෙරමුණ කියලා එකක්. මේකට ලාංඡනේ දාමු එල්ලුම් ගහ... මේ පක්ෂයෙන් මහා ඡන්දෙට කිසිවෙක් යොමු කරන්නේ නැහැ. ජනපතිවරණයට විතරයි.. එතකොට ජනපතිට කඩේයන්න හෝ ජනපතිට අනෙක් පක්ෂවලට කඩේ යන්න ඕනේ නැහැ.. මොන පක්ෂේ කෙනෙක් හරි වරදක් කළා නම් කෙලින් එළවනවා.. මොකද්ද ජනපතිට පක්ෂයක් නැහැනේ පාර්ලිමේන්තුවේ රැකගන්න...

:       0       2

sirimal Monday, 22 July 2019 12:13 PM

අපට ආරංචියි. ඔය මොන සාකච්ඡා කළත් පොහොට්ටුවේ තේරීම අවසන් තේරීම විය යුතුයි යන මතය වෙනස් වී නැති බවයි. අලුතෙන්ම කියවෙන්නේ ජනාධිපතිවරයා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය දක්වා මැතිවරණය ජයගත්තාට පසු පත් කෙරෙන රජයේ අගමැති තනතුර ඉල්ලා සිටින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ සිදුවෙමින් පවතින භේදභින්න භාවය තවදුරටත් තීව්‍ර කරමින් තවත් පිරිසක් පක්ෂ නායකත්වය විසින් පක්ෂය දියාරු කිරීම සඳහා කටයුතු කරන අන්දම ජනතාවට ඇත්ත පැහැදිලි කරදීමට "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිබල එකමුතුව" නමින් නව සංවිධානයක් පිහිටුවාගත් බවද වාර්තා වෙනවා.

:       0       229

shanMonday, 22 July 2019 12:40 PM

ඔව් ඉතින් වටේ ඉන්නවුන් මොන කේන්දර හැදුවත් ගැහැණු කෙනාට හම්බවෙන්නේ බඩේ ඉන්න දරුවා මිසක් උපකල්පනය කරන කෙනා නෙවේනේ...

:       1       1

Chanak los angeles Tuesday, 23 July 2019 05:23 AM

මෙහෙව් කෝලම් ලොවෙත් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 39 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 336 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2960 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 621 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1283 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 168 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site