IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපොළක ආයෝජන කිරීමට හෝ වෙනත් කිසිවක් සම්බන්ධයෙන් හෝ සැලැසුමක් නැතැයි එමිරේට්ස් සමාගමේ ප්‍රකාශකවරයා ඇරබියන් බිස්නස් පුවත් සේවයට පවසා තිබේ.

එමිරේට්ස් සමාගම 1998 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 70කට ‘ශ්‍රී ලන්කන් එයාර්වේස්’ සමාගම මිලදී ගත් අතර 2010 වසරේදී ඔවුන්ගේ කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 53කට විකුණා දමන ලදි.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පැවැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව එමිරේට්ස් සමාගම මෙන්ම අනෙකුත් ගුවන් සේවා සමාගම්  සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර අවස්ථාවක පැවැසීය.  

කිසිලෙසකින්වත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පෞද්ගලීකරණය නොකරන බවත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇති බවත් ඔහු එහිදී පවසා තිබිණි.
055



අදහස් (17)

ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස්

sachith Thursday, 22 June 2017 04:40 AM

එයාල දන්නවා සල්ලි දීල ගත්තත් පාලනේ කරන්නේ මෙහෙන් දල ඉන්න වන්දි බට්ටෝ කියල.

:       246       321

upali Thursday, 22 June 2017 05:06 AM

මට මතක් වෙනවා, කුරුණෑගල වොක්ස්වොගන් එකලස් කිරීමේ කොම්පැනිය, හොරණ ටයර් කම්හල ...!! මේවට මොනවද උනේ..රජය පත්කළේ අපි..මහජනතාව..!.. ඇයි.. අපට බොරුකරන්නේ...අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ..ඔහොම බොරු කිව්වම ..මහජනතාව රජය විශ්වාශ කරනවද..?...මොනවා නැතත් ඉස්සල්ල අවංක වෙන්න පුරුදුවෙන්න..ඔහොම බොරු කලොත් නම් තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න හම්බ වෙන්නේ නැහැ...රොත්තම දාන්න ඉතින් වෙනම අපයකුත් හදන්න වෙයි...කරන දේවල් වලට..

:       653       1083

MOHANThursday, 22 June 2017 06:15 AM

උපාලි මහත්මයාණනි, කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව දැන් ඉදිකිරීම් කරගෙන යනවා. ඔබට ගියොත් බලා ගන්න පුළුවන්. හොරණ ටයර් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ගියේ පසුගිය රජයේ මුදල් අවභාවිතාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති පුද්ගලයෙක්. එය මෙම රජයේ යහපාලන ප්‍රතිපත්ති වලට පටහැනි නිසා නවතා දැමුවා.

:       377       65

arunaluThursday, 22 June 2017 09:52 AM

උපාලි කියනදේ හරියටම හරි, මේ ලිපිය දැක්ක ගමන්ම මට මතක් උනේ වොක්ස්වාගෙන් කතන්දරේ. මේ අසමත් ආණ්ඩුව අද බලයේ ඉන්න හදන්නේ බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් මිනිස්සුන්ව මුලකරමිනුයි.

:       101       245

dhanushka Thursday, 22 June 2017 05:43 AM

කියන්න වදන් නෑ සහෝදරවරුනි,... අපිව කෑවා මේ ආණ්ඩුව....

:       2       89

thilina Thursday, 22 June 2017 05:45 AM

අවුලක් නැහැ. ලක්ෂ 62ක් ඉන්නවනේ මේවා විශ්වාස කරන.. එමිරේට්ස් දන්නේ නැති වුනාට අපි තීරණය කරලා ඉවරයිනේ... ඒ ගොල්ලන්ට විකුණන්න ..දැන් ඉතින් ගන්නම වෙනවා. නැත්තම් මඩු වලිගෙ තමයි ගන්නේ...

:       2       119

sam Thursday, 22 June 2017 07:46 AM

පසුගිය රජයේ ඉහලම ලොක්කෙකුට පළමු පන්තියේ ආසන වලට හදිසි බුකින් එකක් නොදීම නිසා ශ්‍රී ලන්කන් එකේ සී ඊ ඕ ගේ ලංකා විසා අවලංගු කළා. ඉන්පසු ඔහු ඩුබායි සිට එම තනතුරේ සේවය කළා . ඒකට තවත් කේන්ති ගිය අපේ ලොක්කා ජාත්‍යාලය උක්ත කරලා ශ්‍රී ලන්කන් නැවත මිලදී ගෙන ඕ ලෙවල් යන්තම් සමත් මස්සිනාට බාර දුන්නා . ඒ වෙනකොට සෑම වසරකම ලංකා රජයට රුපියල් බිලියන ගණනක බදු ගෙවමින් හිටි අපේ ගුවන් සේවය දැන් ට්‍රිලියන ගානක ණයක් පමණක් ඉතුරු කරලා තියනවා . කොහොමද ""විදේශීය සමාගමකට විකුණා තිබු ජාතික දේපොළ නැවත රජයට පවරා ගැනීමේ "" ප්‍රතිඵල ???

:       331       314

kimMonday, 26 June 2017 09:08 AM

මේ කොමෙන්ට් එක ඇත්ත. නමුත් අකමැති පිරිස ගොඩයි. මේ අය ඉන්නකන් රට හදනවා බොරු.... හරි දේ හරි විදියට දකින්න බැරි මිනිසුන් ඉන්න රටක් මේක.

:       0       207

samFriday, 30 June 2017 07:19 AM

ලංකා ගුවන් සේවය ගැන තියෙන පුවතට ෆොක්ස්වෝගන් කොම්පැනිය ගැන කොමෙන්ට් දාන අපේ රටේ මිනිස්සු කිසිදිනක ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නේ නැහැ. හඳෙන් හාල් ගේනවා කියාපු අයටත් ඡන්දෙ දුන්න උදවිය ගැන කුමන කතාද ?

:       176       128

Nuwan Thursday, 22 June 2017 08:09 AM

ලංකාවේ මුස්ලිම් ජනතාවට හිරිහැර කරන බවට, පල්ලි වලට බෝම්බ හගන බවට බොදු බල සේනා සංවිධානය මගින් මෙය සිදුකරන බවට දැන් දැන් ජාත්‍යන්තරයේ මතයක් පැතිරෙනවා.... මමත් ඩුබායි වල වැඩකරන නිසා මෙරට වැසියන් කීපදෙනෙක් මේ ගැන ඇසුවා. මම ඔවුන්ගේ අදහස් නිවැරදි කළා. කරුණාකර මගේ අදහස් ජාතිවාදය සමග පටලවන්න එපා...

:       0       59

hima Thursday, 22 June 2017 10:05 AM

සාකච්ඡා පවත්වනවා කියන්නේ එකක්, තීරණය කරනවා කියන්නේ තව එකක්. කියන්නා කෙසේ කීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි.

:       9       6

minipe Thursday, 22 June 2017 03:07 PM

ඔය අපේ ගුවන් සමාගම කොතරම් සල්ලියක් ගිල දාල ඇත්ද.ඔන්‍න‍ ඕක වහලා දාලා ඒ මුදල් වලින් ගමනා ගමනා මණ්ඩලයට බස් ටිකක් ආනයන කරන්න.

:       39       228

aravinda Friday, 23 June 2017 11:14 AM

මෙලෝ සිහියක් තියෙන කොම්පැනියක් ශ්‍රී ලන්කන් එක මිලදී ගන්නේ නෑ.

:       0       3

සිරි Friday, 23 June 2017 05:44 PM

එමිරේට්ස් ශ්‍රී ලංකන් එක කළමනාකරණය කරන කාලේ නියමෙටම තිබුණා. දැන් ඒකත් නැහැ..

:       17       2

de silva berlin Monday, 26 June 2017 03:50 PM

මම දන්නවා මගේ ප්‍රතිචාරය දැක්ක ගමන් හැමෝම මට බනින්න පටන් ගනීවි නමුත් මෙය තම තිත්ත ඇත්ත ,මම නිතර එමිරටෙස් , කටාර් , ඕමාන එයාර් ගුවන් යන වල ගමන් කරන නිසා වෙනස පෙනෙනවා මගේ අදහස ශ්‍රී ලන්කන් එක විකුණන්නන ඕනේ නැහැ කරන්න තිබෙන්නේ අරාබි රටවල ගුවන් සේවා කරලා තිබෙනවා වගේ විවිධ රටවලි ප්‍රධාන විධයක් නිලධාරියාගේ පටන් ගුවන් සේවිකාව දක්වා සුදුසුකම් ඇති විදේශිකයෝ සේවයට බඳවා ගන්න එක , එතකොට ඔවුන් විවිධ පක්ෂ වල දේශපාලකයන්ගේ පදයට නටන වුර්තිය සමිති හද ගන්නේ නැති අතර එහි ගමන් කරන මගීන්ට හොදින් සලකාවි , විවධ රටවලින් සේවකයෝ ගත්තම ගුවන් යනය තුල රටවල් කිහිපයක සේවකයෝ ඉන්න කොට භාෂා වැඩි ප්‍රමාණයක් කතා කරන නිසා මගීන්ට හොඳ සේවයක් ලබාදෙන්න පුළුවන් , සමදෙයක්ම ජාතික අලය ඉසරහට දමාගෙන කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා , එමිරේට්ස් පාලනය කරපු කලේ ලාභ ලබන්නත් හිටපු දේශපාලකයාගේ මස්සින පාලනය කල් කලේ වසරකට රුපියල් කොටි 1000 කට අසන්න ප්‍රමාණයක් පාඩු ලබන්නත් හේතුව මොකද කියල අපේ දේශප්‍රේමියෝ කල්පනා නොකරන්නේ මොකද ?

:       54       36

kumar (galf) Wednesday, 28 June 2017 12:16 PM

මේ ආණ්ඩුව රට විනාස කළා නම් පහුගිය අාණ්ඩුව කලේ වෙන එකක්ද? ඒ කලෙත් මේ ආණ්ඩුවට වත් හොයාගන්න බැරි විදිහට විනාස කර තිබීමයි. දැන් ඊළඟට කාටද දෙන්නේ? දෙන්න කෙනෙක් නෑ... හොඳා චීනෙට හරි, ඇමෙරිකාවට හරි දුන්නොත් රට කරවන්න.

:       65       0

arschloch Sunday, 02 July 2017 06:54 PM

එමිරේට්ස් ශ්‍රී ලන්කන් එක ගන්නේ නැහැ කියන එක දැන් ගොඩක් කල් දැම්මා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 193 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 81 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 139 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 83 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 542 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 910 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 195 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site