IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ ප්‍රංශ දරුවා මියයයි

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ප‍්‍රංශ ජාතික පවුලකට අයත් වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් ජල භීතිකා රෝගය හේතුවෙන් ඹක්තෝම්බර් මස 19 වැනිදා මධ්‍යම ප‍්‍රංශයේ ලියෝන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇත

ජල භීතිකා රෝගය හේතුවෙන් සිදුවූ මරණයක් බැවින් මෙම සිදුවීම ප‍්‍රංශ මාධ්‍යයේ විශේෂ කතා බහට ලක්වූ මාතෘකාවක් විය.

එම ප‍්‍රංශ ජාතික පවුල ලංකාවට පැමිණි අවස්ථාවේ දික්වැල්ල ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටි අතර එම ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා වෙරළේ දඩාවතේ යන බල්ලෙකු අත ගෑමට ගොස් සපා කා ඇත. එයින් සිදුවූ සුළු තුවාලයට ප‍්‍රතිකාර ලබා ගත් දෙමාපියන් නිවාඩුව අවසන් කොට ප‍්‍රංශයට පැමිණ ඇති අතර මසකට පමණ පසු දරුවාගේ සෞඛ්‍ය තත්වයේ අසාමාන්‍ය වෙනස්වීම් හේතු කොට රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු දරුවා මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ජල භීතිකා රෝගය බව පැරීසියේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ලූවී පැස්ටර් රසායනා විද්‍යාගාරය කළ පරීක්ෂණ වලින් පසු නිගමනය කොට ඇත.

මේ හේතුවෙන් එම දරුවා අයත් පවුලට සම්බන්ධ 60 දෙනෙකුට සහ දරුවා ඉගෙනුම ලැබූ පාසලේ සියලූ දෙනාටම එන්නත් වාර දෙකක් ලබා දීමට ප‍්‍රාදේශීය සෞඛ්‍ය ආයතන බලධාරීන් කටයුතු කර ඇත. ජල භීතිකාව රෝගය වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ දින 20 ත් 60 ත් අතර කාලය තුල හඳුනා ගැනීමට හැකි අතර දින 20 කට පෙර රෝග ලක්ෂණ දැකීමට නොලැබෙන බව ලූවී පැස්ටර් විද්‍යාගාරයේ විශේෂඥයෝ පවසති.

1924න් පසු ප‍්‍රංශය තුලදී ජල භීතිකාව රෝගය වැළඳුනු රෝගියෝ සොයා ගෙන නොමැති අතර 1970 සිට මේ දක්වා මෙම රෝගීන් 23 දෙනෙකු ප‍්‍රංශයේදී සොයා ගෙන ඇති අතර 2014 දී අවසන් රෝගියා හමුවී ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප‍්‍රංශයෙන් පිට විදේශයකදී මෙම රෝගයට ගොදුරුවී ප‍්‍රංශයට පැමිණි අයය.

 

 



අදහස් (19)

ශ්‍රී ලංකාවේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ ප්‍රංශ දරුවා මියයයි

පිටිගල මිලානෝ Monday, 23 October 2017 12:09 PM

බොහෝ අසරණ මිනිසුන් ඇති ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ ගෑනු කෙනෙක් අසරණ බල්ලොන්ට පිහිට වෙන්න කියලා සංවිධානයකුත් පටන් අරන් තියෙන්නේ. මේ ළමයාට ප්‍රතිකාර කල පළමු දොස්තරට විරුද්ධව නඩු දැමිය යුතුයි ඔහුගේ නොසැලකිලිමත්කමට. මේ අහිංසක ළමයා මිය නොයායුතු අසරණයෙක්.

:       525       496

SanjeewaMonday, 23 October 2017 03:01 PM

පිටිගල ඔටාරා මහත්මියට ලංකාවේ ඉන්න හැම බල්ලම හොයහොයා යන්නද ඔයා කියන්නේ? එම මහත්මිය කරන්නේ සත් ගුණවත් ක්‍රියාවක්. මම ඉන්න ජා ඇල නිවාස සංකීර්ණයේ සුනඛයින්10කට වැඩි පිරිසක් ඔටාරා මහත්මියයට කතා කර ඇය පවත්වන සායනයකට ගෙනිහින් එන්නත් ලබාදී නැවත පැටවුන් බිහි නොකිරීමට ශල්‍ය කර්මයද කරනලදි. මට වැය වූයේ මීගමුවට කුලියට ලබාගත් ලොරි රථයට රුපියල් 5000/- පමණි. අදටත් එම සුනඛයින්ට උදේ හා රාත්‍රි අපේ ගෙදරින් කන්න දෙනවා. ඔවුන් සතුටින් ඉන්නවා. නැවත බෝවීමක් නෑ. සමහර මිනිසුන් මිල අධික සුනඛයින්ට ලක්ෂ ගණන් වැය කරනවා. මේ වගේ අසරණ බල්ලන්ට ගල් ගහල එලවනවා. වැරැද්ද කොතනද තියෙන්නේ කියලා දැන් තේරෙනවද? මම දැන් ජීවත්වෙන්නේ කැනඩාවේ. මගේ පවුලේ කෙනෙක් අපේ නිවසේ නැවතී උන්ට කන්න දෙනවා. ඒ යන වියදම අපි දරනවා. මම දෙන පණිවිඩය නම් අනුන් කරනකන් බලන් ඉන්න එපා. තමන්ට කරන්න පුලුවන්නම් කරන්න. අපි මැරෙනකොට ගෙනියන්නේ එපමණයි.

:       27       499

ධර්මේTuesday, 24 October 2017 04:41 AM

දැන් කැනඩාවේ, පාරේ දඩාවතේ යන බල්ලේක් වැරදිලාවත් හිටියොත්, ඌට වටේ පිටේ මිනිස්සු කන්න දිදී ඉන්නවාද? ලංකාවේ පාරක යන්න නැහැ. බලු වසංගතය. රෑට පොඩි එකෙක්ට පාඩම් කරන්න බැහැ, උඩු බුරන්වා ඉවරයක් නැතිව. නැත්නම් තරගෙට බුරන්වා. සත්ත්ව අවිහිංසාකාරයන්ගේ ගෙවල් වලට ගිහින් දෙන්න ඕන බලා ගන්න කියලා.

:       86       84

PomarenianTuesday, 24 October 2017 07:26 AM

සැත්කම් කර සතුන්ගේ අයිතිවාසිකම් උදුරාගැනීම හරිද?

:       7       157

shanikaMonday, 23 October 2017 06:23 PM

අනේ ඔයාගේ දැනුම ගැන නම් හරිම ආඩම්බර හිතෙනවා.

:       83       21

pakeer Monday, 23 October 2017 01:37 PM

මිලානෝ හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා, බල්ලෙක් නෙමි, පුසෙක් හපා කෑවත් දැන් ජලභීතිකා එන්නත ගහනවා. ළමයව දොස්තර කෙනෙක් පරීක්ෂා කරා නම් අනිවාර්යෙන් ඒ දොස්තරට නඩු දැමිය යුතු අතර, එහෙම නැතුව ළමයාගේ දෙමව්පියන් විසින් නිකන්ම බෙහෙත් දැම්ම නම්, ඒ දෙමව්පියෝ තමයි වැරදි. ඒ කෙසේ වෙතත් මේ සම්බදයෙන් මව්පියන් මෝඩ විදිහට හැසිරිලා තියෙන්නේ, පව් ළමයා.

:       0       256

sahan Monday, 23 October 2017 01:38 PM

ඇත්තටම පාරක යන්න බැහැ. විකන්න එලවනවා. බයිසිකල් වලට පැනලා මිනිසුන්ගේ අතපය කැඩෙනවා. පාර පුරා ජරා කරනවා. කවුද මුන්ව හදන්නේ?

:       223       112

ජයරත්න Monday, 23 October 2017 03:30 PM

බටහිර රටවල පොලිස් නිලධාරීන් කුඩා කඳුළු ගෑස් බෝතල් සාක්කුවේ දාගෙන යනවා. ඒවා මේ වගේ බල්ලන්ගේ ඇස්වලට විදින්න පුළුවන්. දිගුකාලීන හානියක් නැහැ. කරදරයක් කරන්න එන මිනිස්සුන්ට විදින්නත් පුළුවන්. ඒ රටවල කාන්තාවෝත් මේ වගේ දේවල් ළඟ තියාගෙන ඉන්නවා. එකම ගැටලුව මේවා අනෙක් පැත්තටත් පාවිච්චි වෙන්න පුළුවන්.

:       32       35

nishantha Monday, 23 October 2017 04:15 PM

මෙහි අදහස් වලින්ම පේනවා අපේ රටේ දුප්පත් මානසිකත්වය, මේ අය හිතන්නේ ලෝකේ ජිවත් විය යුත්තේ මිනිසුන්ම විතරයි කියලයි, එහෙම කලාම කියමු , හැබැයි මේකේ බහුතරය අර බල්ලෝ හරක් බුරුවො නැති අඩුව අපුරුවට පුරවනවා මිනිස් වෙසින් ඉඳන්. තමන් නොදන්නා පළාතක රටක සතෙක් සපා කෑ විට හෝ දෂ්ට කල විට ඒ සඳහා නිසි ප්‍රතිකාර කල යුතු ආකාර එකිනෙකට වෙනස් වෙනවා. මොකා මොනා කිව්වත් තමන් දැනුවත් විය යුතුයි තම දරුවාට නිවැරදි ප්‍රතිකාර ලබාදීමට. ලංකාවෙත් ගමේ සාමාන්‍ය කෙනෙක් හෝ දන්නවා නොදන්නා බල්ලෙක් පුසෙක් සපා කෑ විට කල යුතු දේ . සැකය ඇත්නම් ජලභීතිකා එන්නත් අනිවාර්යෙන්ම දෙනවා.එකට ප්‍රන්සේට යනකන් නොඉඳ ලංකාවේදීම කලානම් ළමයත් ජිවතුන් අතරේ .. රටේ නමත් බේරිලා ...

:       2       600

ධර්මේTuesday, 24 October 2017 04:44 AM

දූපතේ තමයි දඩාවතේ යන බල්ලෝ තියා ගන්නේ. දියුණු රටක තමුන්ගේ බල්ලා අල්ලපු වත්තටවත් යන්න බැහැ. පාරේ ඇවිදිද්දී ජරා කළොත්, බෑග් එකක දාල ගෙනියන්න ඕන. දියුණු රටවල, මිනිස්සුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ඔබට තමයි දූපත් මානසිකත්වය.

:       108       87

rocky Tuesday, 24 October 2017 01:43 AM

දඩාවතේ යන බල්ලන් දැන් සමාජයට හරිම හිරිහැරයක් වෙලා. බල්ලන් ඇතිකරන මිනිසුන්ගෙන් වාර්ෂික බද්දක් අයකළ යුතුයි. මහමග ගැවසෙන බල්ලන් මරා දැමිය යුතුයි. මේ බලු ප්‍රශ්නය විසඳන්න වෙනත් විකල්පයක් නැහැ!

:       65       58

janatha anura Tuesday, 24 October 2017 03:24 AM

බල්ලන් ඉන්න රටක බල්ලන් වෙනුවෙන් සංවිධාන ඇති නමුත් මිනිසුන් වෙනුවෙන් නැත. දඩාවතේ යන බල්ලන් අල්ලා විනාශ කිරීම අත්හිටුවා ඇත. ජලබීතිකව ඉතා දරුණුය. ඔබද මෙයට ගොදුරු විය හැක

:       19       36

janatha anura Tuesday, 24 October 2017 03:30 AM

නිශාන්ත ඇතුළු සැමට, පාරේ යන බල්ලෙක් හපා කෑවොත් ඔය අදහස් වෙනස් වෙනවා ජලභිතිකාව ඉතාම දරුණු උවදුරක් ජිවිත හානිය ඉතාම කණගාටුදායක ලෙස වෙනවා ගලවා ගන්න ඉතාම අපහසුය

:       1       37

appuva Tuesday, 24 October 2017 03:32 AM

මේකට නිසි ප්‍රතිකාර නැහැ බල්ලා සතුව පවතින විෂ බීජයේ දරුණුකම අනුව තීරණය වෙනවා තව තවත් බල්ලන් දඩාවතේ යවමු බලු රක්ෂණ මානව හිමිකම් ගැන කතා කරමු

:       20       18

Ranjan Tuesday, 24 October 2017 09:46 AM

හරියටම හරි දවල් රෑ දෙකේම මේ බලු කරදරේ කෙලවරක් නැතිව .....බුරනවා මිනිසුන් සපා කනවා ගිය ගිය තැන ජරා කරනවා දහසක් කරදර බල්ලන්ට ආදරේ නම් බල්ලන් ගෙදර ඇතිකරන්න කාගෙවත් විරුධයක් නැහැ .ලෝකයේ අනික් රටවල් ඕනේ තරම් බල්ලෝ ඉන්නවා එත් උන් මේ වගේ පාරවල් දිගට වතු පිටිවල් ගිය ගිය තැන නැහැ.අපේ රටේ මොන දේත් පිළිවෙලක් නැහැ.අනික ළමය සපා කෑවාට පසු දොස්තරලා ළඟට ගියාම ඔහු දැන ගන්න ඕනේ නියම ප්‍රතිකාර ලබා දෙන්න .මුල්ම වරද මේ දොස්තරගේ ඔහුට දඩුවම් දෙන්න ඕනේ නියම ආකාරයට ප්‍රතිකාර කර නැති නිසා.අපිට කිසිවෙකුගෙන් බලාපොරොතු වෙන්න බැහැ....

:       0       2

ajantha wickramaaratchi Tuesday, 24 October 2017 03:54 PM

රටේ බල්ලෝ හරක් සේරම පාරවල් වල ඉන්නේ මිනිස්සු දමන කුණු ජරාව කනවා. සේරම ලෙඩ හැදෙනවා. මේ සත්තුන්ගේ අයිතිකාරයෝ මේ වගකීම බාරගන්න ඕනේ. මේ රටේ ඉන්න දොස්තරලා හරියට මිනිස්සුන්ට බෙහෙත් දෙන්න ලෙඩ හොදකරන්න දන්නේ නැහැ ඒ හින්ද තමයි ඉස්පිරිතාල වල මිනිස්සු පිරිලා ඉන්නේ

:       0       1

බද්රානි Tuesday, 24 October 2017 03:55 PM

අනේ පව්! ඒ දරුවා හිතන්න ඇති ප්‍රංශයේ බල්ලෝ වගේ කියලා ලංකාවේ බල්ලොත්, අනික ප්‍රංශයේ මනුස්සයෝ ඉන්න නිසා ඒ අය දන්නවා බල්ලෙකුව උනත් හරියට හදන්න. අපේ රටේ දෙගොල්ලන්ගේම වැඩි වෙනසක් නැති නිසා සමහර වෙලාවට බල්ලෝ, ඉදිරියෙන් ඉන්න අවස්ථා අපි දකිනවා. දැන් ලංකාවේ ඔය දරුවාව පරීක්ෂා කල දොස්තරට උනත් බල්ලා ගැන තිබෙන අවබෝධය හා වටිනාකම දරුවා කෙරෙහි නොතිබෙන්නට ඇති. අනික ඉතින් බල්ලන්ට තියන තැන මනුස්සයින්ට කොහෙද මේ සිරි ලංකාවේ??

:       0       1

sathyayaa Wednesday, 25 October 2017 12:34 AM

"රට බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්" කියල කට කසනවට වගේ මිනිස්සු කිව්වේ මන්ත්‍රී ඇමති ධුර දරන අය ගැනත් හිතල. දැන් කියනවා නම් නිකම්ම බල්ලෝ නොවෙයි පිස්සු බල්ලෝ කියල කියන්න වෙන්නේ නිතර පොරකන හින්ද. මුහුදු වෙරළවල් වල පිස්සු බල්ලොත් නිවාඩු ගත කරන රටක සංචාරක ව්‍යාපාරයේ අනාගතය පිස්සු බල්ලන්ටම බාර දීල නිහඬ වෙන්නයි වෙන්නේ.

:       0       1

wasanjaya Wednesday, 25 October 2017 09:17 PM

සංචාරක කර්මාන්තය කරන රටක් සංචාරකයාගේ ආරක්ෂාව උපරිමයෙන් ලබාදීම කල යුතු ය . සීගිර්යේදී සන්චාරයෙකුට දෙබරු දෂ්ට කර තිබුන .සංචාරක කතුන් දුෂණය කරනවා .මරනවා .මේවා පිටු දැකීම පවතින රජයක වගකීම වෙනවා .දික්වැල්ල මුහුදු වෙරළේදී ජලාභීතිකා රෝග කාරක බල්ලකු සපකාමෙන් මරණයට පත්වූ දරුවා ගැන කනගාටුවෙමි

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 101 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 993 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 126 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site