IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය.

සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 69,24,255 ක් විය. ප්‍රතිශතයක් වශයෙන් එය 52.25 % කි. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 55,64,239  ක් ලබාගැනීමට සමත් විය. 

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4,18,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 3.16 % කි. 

වසර දහයකට පෙර කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ යුද්ධයේ ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරයා ද වෙයි.  

ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදය පරාජයට පත් කර ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේය.  ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ජිහාද් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් අප්‍රේල් 21 වැනිදා එල්ල කළ එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් 269ක් ජීවිතක්ෂයට පත්වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරා මෙන්ම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාද වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ආරක්ෂක අංශවලට සාර්ථකව නායකත්වය දෙමින් 37 වසරක සිවිල් යුද්ධය අවසන් කළේය. 

විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා “ටර්මිනේටර්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ඔහුගේ පවුලේ සාමාජිකයන්ම එම නම පටබැඳ තිබිණි. 

055



අදහස් (45)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය

Chandi Sunday, 17 November 2019 10:57 AM

අපේ සුභ පැතුම් ! ජයවේවා ජනාධිපති තුමනි!!!

:       46       115

Chanak los angelesSunday, 17 November 2019 05:52 PM

දිවුරනකොට කියන ප්‍රකාශය මොකක්ද? වයන්නේ මොන රටේ ජාතික ගීයද?

:       145       73

BamunuarachchiMonday, 18 November 2019 02:45 AM

තාමත් යහතින් ඉන්නවාද?

:       1       2

Shanaka Monday, 18 November 2019 03:58 AM

ඔයාගේ විහිළුවලට හිනාවෙන්න වෙලාවක් නැහැ දැන්... ලොස්ඇන්ජලීස්වලට හොරෙන් පැනපු ඔයා තප්පුලන්නේ නැතිව ඉන්න.

:       0       6

waruna Sunday, 17 November 2019 10:58 AM

පාන් ගෙඩියක් 60 යි. හාල් කිලෝ එකක් 80 යි. ගව පාලනය මිනිස්සුන්ට දීපු වදයට අද ජනතාව පිළිතුරු දීල තියෙනවා.

:       117       199

theekshana Sunday, 17 November 2019 11:00 AM

මිනිස්සුන්ට සාධාරණ බඩු මිල අඩු කිරීමක් එජාප රජයෙන් ලැබුනේ නැහැ. තෙල් වලින් බඩු මිල ඉවත් කලොත් ජනතාවට දැන් තියෙන පෙට්‍රල් ඩීසල් මිල 50% කින් අඩු කරන්න පුළුවන්. ජනතාව ගසා කෑවට අද ජනතාව එජාපයට පිළිතුරු දීල තියෙනවා.

:       164       418

DS Fernando Sunday, 17 November 2019 11:04 AM

පාන් ගෙඩිය දුන්නේ 60 ට. හාල් කිලෝ එක 80 ට. දැන් කොහොමද යහපාලනයට මිනිස්සුන්ගේ පිළිතුර ? දැන් සැපද ?

:       143       679

BamunuarachchiSunday, 17 November 2019 11:28 AM

මිනිස්සු ඡන්දෙ දුන්නේ කන්න නෙවෙයි. රට හදාගන්න. මෙයාගේ කතාවෙන් කියවෙන්නේ 2015 ත් යහපාලනයට ඡන්දය දීලා තිබෙන්නේ කන්න. ඉතින් යහපාලකයෝ රටම කෑවා. සමහරු බලාගෙන ඉඳලා තිබෙන්නේ බෙදාගන්න. මේ සැරේ රට බෙදාගෙනම කන්න.

:       76       82

chamaraSunday, 17 November 2019 12:19 PM

බලන් ඉන්න දැන් ඔක්කොම බඩුවල ගණන් අඩු කරයි...

:       78       98

thejakaSunday, 17 November 2019 01:33 PM

කිරිපිටි පැකට් එකක් රුපියල් 400 ක්. ගිය ආණ්ඩුව මිනිස්සුන්ට දස වද දුන්නා. අද ඒකට මිනිස්සු උත්තර දීලා තියෙනවා. ජනතාව බඩු මිලෙන් තලා පෙළන කිසිම ආණ්ඩුවකට රටේ පැවැත්මක් නැහැ කියලා ජනතාව ඔප්පු කරලා තියෙනවා.

:       53       111

kanthiSunday, 17 November 2019 01:42 PM

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බණ අහන්න කලින් කුස පිරිලා තියෙන්න ඕනේ කියලා. ඉතින් අපේ රජතුමනි, ඉක්මනින් බඩු මිල අඩු කරන්න. වැඩ කරන්න කලින් නිසි පෝෂණයක් ඕනේ.

:       35       239

gaminiSunday, 17 November 2019 02:22 PM

එජාප රජය අප්‍රිය වීමට ප්‍රධාන හේතු 1) බහු ජාතික සමාගම් වලට යටවී කිරිපිටි ආනයනයට මැදිහත් නොවීම. එසේ වීනම් කිරිපිටි මිල 30% ක් පමණ අඩුවනු ඇත. 2) පෙට්‍රල් ඩීසල් ආදියෙන් විශාල බද්දක් අය කිරීම . මෙම බද්ද ඉවත් කලේ නම් ප්‍රවාහන මෙන්ම සියලු දේ වල මිල අඩුවනු ඇත . 3) බෙහෙත් ද්‍රව්‍ය ආනයනය පුර්ණ ලෙස රජය යටතට නොගැනීම, එසේ වීනම් බෙහෙත් මිල 80% කින් පමණ අඩු වනු ඇත . 4) දුම්රිය ගාස්තු වැඩි කිරීම 5) පොදුවේ ආහාර ද්‍රව්‍ය මිල අඩු නොකිරීම මෙන්ම සිංහල ජාතියට සැලකු අකාරය ගෙනද සතුටු විය නොහැක .

:       0       21

ආන්ජලෝ නුගාරා Sunday, 17 November 2019 11:09 AM

ශ්‍රී ලාංකික මධ්‍යම පාංතිකයන්ට අස්වැසිල්ලකි. ජයග්‍රහණයකි.

:       113       232

මුණසිංහ Sunday, 17 November 2019 11:23 AM

මඩ ගැසීම් ගෝඨාගේ ජයග්‍රහණයට ලොකු උදව්වක් උනා.

:       27       42

prakaash Sunday, 17 November 2019 11:24 AM

ඔබතුමාට අපේ ආශිර්වාදය. තෙරුවන් සරණයි !

:       17       21

manoj Sunday, 17 November 2019 11:24 AM

සුබපැතුම් ජනපතිතුමනි..., ජනතාව පෙර වැරදි සකසා ගත් සේම ඔබද පෙර වැරදි සකසාගෙන රට අධිවේගී සංවර්ධනයක් කරා ගෙන යනු ඇතැයි මාතෘ භූමියට පණ මෙන් ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුමයි. සිංහල ජාතියට සහ බුදුදහමට මූලිකත්වය දෙමින් ආරක්ෂා කරමින් එම සෙවනේ අනිකුත් ජාතීන්ටද සමගියෙන් ජීවත් විය හැකි සමාජයක්, රටක් අදට මෙන්ම මතු පරපුරටද දායාද කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. කවර හෝ අන්ත වාදයකට ත්‍රස්තවාදයකට ශ්‍රී ලාංකිකයන් යලි බේධ කරලිය නොහැකි අන්දමේ ශක්තිමත් පවුරක් නැවත ගොඩ නගා මෙම දේශය නැවතත් ආසියාවේ පමණක් නොව ලෝකයේම දිදුලන දේශයක් කිරීමේ වගකීම ඔබට බාරයි. අද සිංහලයින්ගේ අති බහුතර ඡන්දෙන් ජයගත්තා සේම 2023 සියලු ජාතීන්ගේ විශ්වාසය දිනා දෙමල, සිංහල භේදයක් නොමැතිව ලංකාවේ සියලුම පළාත්වලින් අති බහුතරය ලබා ඔබට ජය ගැනීමට හැකි වේවායි පතමි. බොරුව වපුරන අය කෙරෙහි විශ්වාසය නොතබා ජනතාව මත පමණක් විශ්වාසය තබා වැඩ කරන්න. ලංකා ඉතිහාසේ ඔබේ නම රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානයි. තෙරුවන් සරණයි.

:       45       112

මුණසිංහ Sunday, 17 November 2019 11:25 AM

ආණ්ඩුව පෙරලෙන අන්තිම මොහොතේ පිටිමිල වැඩි කරලා ආපහු අඩු කළා. දැන් ආපහු ආණ්ඩුවක් නැති වෙලාවේ ඒක යලි කළා. මේ මාෆියාව ඉක්මනින්ම නැති කළ යුතුයි. ආයේ හෙට අනිද්දම කියයි පිටිමිල අඩුු කළා කියලා.

:       6       7

රජින්ද Sunday, 17 November 2019 11:28 AM

අලුත් ජනතා නායකයින් හදුන්වාදෙන ශක්තිමත් ජනතාවාදී අපේක්‍ෂකයින් සමග මහමැතිවරණයට ගොස් ශක්තිමත් ආණ්ඩුවක් සැදීමට අවස්ථාව ලැබේවා...!!

:       12       45

GunasekaraMonday, 18 November 2019 02:48 AM

ඉතාම හොඳ අදහසක්. ගෝඨාට කියන්න වෙයි. එවැනි ජනතාවාදී කට්ටිය පිටරටවලින් ගෙන්වන්න දැන්මම ඕඩර් කරන්න කියලා..... නේද?

:       0       1

Bamunuarachchi Sunday, 17 November 2019 11:32 AM

අපිට වහලුන් කිව්ව හිවල්ලු ටික කැලේ පැනලාද? දෙමල්ලු සහ මුස්ලිම් එජාපයට ඡන්දය නොදුන්නා නම් එජාපයින්ට ලැබෙන ඡන්ද ගණන කීයද? මේ ඔබලාට උත්තර දීම සඳහායි...

:       84       360

SL Sunday, 17 November 2019 11:35 AM

ප්‍රතිපත්ති මුලික පාර්ලිමේන්තුවක් හදන්න. ඡන්දෙකට කරන වියදම් ප්‍රමාණය සීමා කරන්න. අපේක්ෂකයෙකුට ඡන්දෙට වෙන වියදම අවම කරන්න, සීමා කරන්න.

:       37       60

GuneMonday, 18 November 2019 03:00 AM

මහත්තයෝ, මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් එපෑ ඉල්ලන්න. ගෝඨාත් මනුස්සයෙක්නේ.

:       0       1

kamani Sunday, 17 November 2019 11:41 AM

බලන් ඉන්න. පටන්ගන්නේ ගෑස් වලින්. මොනවා කළත් යහපාලන කට්ටිය ගෑස් මිල රුපියල් 1000 න් අඩු කළා.

:       205       128

බද්රානි Sunday, 17 November 2019 11:49 AM

මේක බඩට වැඩිය රට, ජාතිය, ආගම ගැන හිතලා ඡන්දය දුන් ජනතාවගේ ජයග්‍රහණයක්. එම්.සී.සී ගිවිසුම හරහා මේ රට ඇමරිකාවේ යටත් විජිතයක් බවට පත්වීමට තිබු අනතුරින් මෙතුමා මුදවා ගන්නවා සිකුරුයි. මඩකලපුවේ ෂරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා නම් මේ රට තවත් අරාබියක් වෙන එක නවත්වන්න බැහැ. අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් අධිකරණය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් ලබාදීම නුදුරු අනාගතයේදී එතුමා ඉටුකරාවි. නව ජනාධිපතිතුමාට සුභපැතුම් !

:       471       508

MaheeSunday, 17 November 2019 01:20 PM

ඔබේ ප්‍රර්ථනා තුනම ඉතාම හොඳයි. අපි බලමු කීයක් ඉටුවෙයිද කියලා ?

:       14       80

සෑම් Sunday, 17 November 2019 11:56 AM

රටේ නීතිය, යුක්තිය අඩි හයක් පොළව යට නතර වනු ඇත.

:       276       191

Gune Sunday, 17 November 2019 12:55 PM

ඔබ සැම සිනාවෙන්න. අපිට සතුටුයි. නමුත් අපිව අඩවන්න එපා අනාගතයේ.

:       4       10

Uditha - London Sunday, 17 November 2019 01:10 PM

සුබ පැතුම් !!! නමුත් ඔබතුමා රට රාජපක්ෂ බූදලයක් නොකර කෙලින් වැඩ කරන්න. ඔබතුමා රටේ ජනතාවගේ සේවකයෙක්.. මිනිස්සු හුඟක් බලාපොරොත්තු තියන් මේ ජනවරම ඔබට බාරදුන්නේ.. එම බලාපොරොත්තුව පලුදු නොකර රටට හොඳ හෙට දවසක් උදා කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... මේ මගේත් රට ඔබේත් රට.. අවංකව, රටට ආදරෙන් මහජනතාවට ආදරෙන් වැඩ කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා... ඔබට ජය...!!!

:       1       9

jagath Sunday, 17 November 2019 01:26 PM

අපේ සිංහල රටේ ඡන්දයකදී, දෙමළ මුස්ලිම් අන්තවාදී ඡන්ද වලින් කළ හැකි කෙන්ගෙඩියක් නැති බව මේ ඡන්දෙන් ඔප්පු වුණා. චිරං ජයතු ලංකා..!

:       54       64

ගල්කටස් Sunday, 17 November 2019 02:17 PM

දැන් ඔබතුමාට තියෙන්නෙ නිවැරැදි ගමනක් යන්න. අනවශ්‍ය අය ලං කරගන්න එපා. අනවශ්‍ය වැඩ කරන්න එපා. නැතිනම් ඔබටද ගෙදර යාමට සිදුවේ. බැදුම්කරයට සම්බන්ධ අය සහ පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ටද කුඩුකාරයන්ටද දඩුවම් කරන තුරු අපි විමසිල්ලෙන් සිටින බව මතක තබා ගන්න මැතිතුමනි.

:       1       105

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 02:28 PM

බැංකු හොරුන්ව අල්ලන්නේ කවදාද?

:       1       7

lanka Sunday, 17 November 2019 02:37 PM

මුස්ලිම්, දෙමළ මිනිස්සු ඡන්දේ දුන්නේ සිංහල අපේක්ෂකයට විතරයි.

:       0       18

MaheeMonday, 18 November 2019 02:56 AM

ලංකා, ඔබ හරියටම හරි. ඔය ටික තේරුම් ගන්න බැරුව අපේ සමහරු ලියනවා 'සුපිරිසිදු සිංහල ලේ වලින් තමයි' ගෝඨාභය දිනුවේ ආදී වශයෙන්. ජාත්‍යාලයට අවශ්‍ය හැගීම පමණයි, සත්‍යය දකින්න බුද්ධියත් ඕන වෙනවා.

:       0       11

Deepal Nirosh Sunday, 17 November 2019 03:17 PM

මෙවර පුරවැසියන් ඡන්දය ප්‍ර‍කාශ කළේ රට ගැන මිසක් බඩ ගැන සිතා නම් නොවෙයි. වැරදියට තේරුම් ගත්තොත් එය ජනාධිපතිවරයගේ පිරිහීමේ ආරම්භය වේවි..!!!

:       0       2

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 03:31 PM

වියන්ගොඩටයි, දඹර අමිලටයි, පෝද්දල ජයන්තගේ සත්කාරය කළාට මම නම් අමනාප නැහැ.

:       2       60

ashok Sunday, 17 November 2019 03:43 PM

නව ජනාධිපතිතුමාට සුබපැතුම්...!

:       0       5

Sira Sunday, 17 November 2019 03:46 PM

මගේ ප්‍රණාමය ලංකා පුත්‍රයින්ට. දැන් ඔබ ලංකා මව නම් නිවාසය සුරැක ඇත.

:       0       25

Jayasinghe Sunday, 17 November 2019 03:47 PM

ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමාට අපගේ උණුසුම් සුබපැතුම්..!

:       0       4

Ashok Sunday, 17 November 2019 04:03 PM

ජගත් මහත්මා, මම දෙමළ... නමුත් අපි ඡන්දේ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට...

:       0       14

MaheeSunday, 17 November 2019 04:38 PM

අශෝක්, ගෝඨා දිනුවේ පිරිසිදු සිංහල ඡන්දවලින්ය කිය කියා ගෝඨාටත් සමහර අය කියනවා. ඔබේ ප්‍රතිචාරය ඒ අන්ධයින්ට දුන් හොඳ පිළිතුරක්...

:       0       7

Chanak los angelesSunday, 17 November 2019 06:18 PM

මහී ... ඒ අය තවමත් අන්‍ය ජාතිකයන්ට නිග්‍රහ කිරීම අත හරින්නේ නැහැ.

:       8       9

Bandara Sunday, 17 November 2019 05:08 PM

නියමයි. රට නැවත සුද්ද කරලා ත්‍රස්තවාදී මුල් සිඳලන්න.

:       0       4

Chanak los angeles Sunday, 17 November 2019 05:48 PM

මැතිවරණ ප්‍රකාශයේ කියූ දේ පැත්තක තබලා ප්‍රකාශනයේ නැති 19 හදිසියේම සංශෝධනය කරන්න ඕනේ කියා සාටක කියන්නේ... එහෙනම් ඔවුන් යළිත් රටේ කරන්න යන දේ පැහැදිලියි. අපි කියනවා ඔවුන්ට මාස 6ක් පාලනය ගෙනයන්න බැරි වෙනවා කියා...

:       43       117

Chanak los angeles Sunday, 17 November 2019 06:01 PM

අපි දැන් බලමු මිලේනියම් චැලේන්ජ් අත්සන් කරන්නේ නැතිද කියා... රට බලෙන් විකුණපු සාටකයින්ට මේ ලැබෙන මුදල නොගත්තොත් තමයි ලෝක පුදුමය.. ඔබලාට එතකොට බලන්න හැකිවෙයි විමල් මොනවද කියන්නේ මොනවද කරන්නේ කියා...

:       29       130

Sinhalaya Monday, 18 November 2019 12:44 AM

ඇයි ලොස් ඇන්ජලිස් මෙච්චර මෝඩ?

:       0       55

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1074 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 217 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1196 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1212 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1463 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1327 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site