IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත්

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ඉතාමත් ශක්තිමත් බවද, එම සබඳතා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමද ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය  පවසයි.
 
 
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සන්දර්භයෙහි තබා නොසලකමින්,  මේ ආකාරයේ කාරණා, විකෘති කරන ලද අසත්‍ය පුවත් වාර්තාවල විෂය බවට පත්වීම කනගාටුවට කරුණක් යැයි සඳහන් කරන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම සිද්ධිය ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අනුමාන කිරීම්වලට ඉඩ සැලසීමක් සහ ජනතාව අතර අහේතුක බියක් පැතිරවීමටද හේතු වන බවයි.
 
ශ්‍රී ලංකා ජනපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වූයේ යැයි කියන බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමත්‍යාංශ්‍ය මේ බව  කියා සිටී.
 
තමන් ඝාතනය කිරීම සඳහා කළ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වී ඇති බවට චෝදනා කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවත් , මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා පදනමකින් තොර හා සාවද්‍ය ඒවා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
 
රජයේ ඉහළම මට්ටමෙන්ද ඇතුළුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සහ නිරන්තර සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයමින්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18)  උදෑසනද කොළඹ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.  

(සබැඳි පුවත්)

https://tinyurl.com/y97p6tpm

https://tinyurl.com/y8ynvayh

 



අදහස් (2)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත්

Bamunuarachchi Thursday, 18 October 2018 08:41 AM

මොකටද ඔය සම්බන්ධතා.

:       0       1

Nuwan Thursday, 18 October 2018 02:58 PM

ඉතින් සාමාන්‍ය ජනයා වන අපිද ඔය වගේ ගොන් කතාවක් කිවේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 12 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 478 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 901 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 654 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1505 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3013 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site