IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමිනි.

ආසියාතික කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක්වෙයි.

තරගාවලියේ සම්පූර්ණ විස්තර සඳහා  www.kelimandala.lk වෙත පිවිසෙන්න.



අදහස් (16)

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

Raveendra Saturday, 23 February 2019 10:47 AM

දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්!!!

:       48       436

Raveendra Saturday, 23 February 2019 10:55 AM

තරගයක දිනුමත් සිහිනයක් පමණක් වූ අපට... තරගාවලියක් නම් උනි විහිළුවක් සැමවිටම... එනමුත් සිහිනයක්ම වූ සියල්ල සැබෑ වුනි... පතනවා සුබ පැතුම් මුළු හදින් දරුවනි සැමට...

:       54       341

Ranjith Subaasinghe Saturday, 23 February 2019 11:49 AM

මහා ජරා කතාවක්.. මෙන්ඩිස් කිව්වා මැච් එක ඉවර වෙලා එයත් එක්ක ක්‍රිකට් දන්නා අය විතරයිලු හිටියේ... එතකොට එයාට ගහන්න බැරි වෙනකොට ඔය ළඟ ඉන්න ක්‍රිකට් දන්නා අය මොනවත් කියලා දුන්නේ නැත්ද? ඔය කියන්න ඇත්තේ ක්‍රිකට් නොදන්නා අයට කට වහගෙන ඉන්න කියලා. එ්කට එයාගේ තාත්තවත් අයිතියි. මුල මතක නැති හාදයින්.. හොඳ, උගත් පසුබිම්වලින් අපු අය ඔහොම දොඩවන්නේ නැහැ. තව කොහොමද ලාරා වගේ රෙකෝර්ඩ් කැඩුවා නම්. ලකුණු 80 තමයි ඔය කතා. ඒ යකා ගැහුවේ නැත්නම් අනිත් අය ගහනවා. මොවුන් අස්කරලා දමන්න ඕනේ. චන්දිමාල් හොඳ ටෙස්ට් රෙකෝර්ඩ් එකක් තියාගෙන ගෙදර යැව්වා නම් මේකා ලොක්කෙක්ද තියාගෙන ඉන්න. ලංකාවට ගහන්න ඕනේ තරම් හොඳ වටිනා කොල්ලෝ ඉන්නවා.

:       1208       1561

SPSaturday, 23 February 2019 12:42 PM

ඔයා බුකියෙන්ද? ආයෙත් වැඩ පටන්ගන්නද යන්නේ?

:       37       110

RaviSaturday, 23 February 2019 01:02 PM

ඔයා ක්‍රිකට් දන්නවද? කුසල් මෙන්ඩිස් ඩේල ස්ටේන්ගේ අද පළවෙනි ඕවරයට ගහපු හතරේ ඒවා තුන කොහොමද? ක්‍රීඩකයෙක් තරුණ වයසේදී අනවශ්‍ය විවේචන නිසා ඇතිවෙච්චි පීඩනයට තමා එහෙම කියන්න ඇත්තේ...

:       126       164

RanjithSaturday, 23 February 2019 10:27 PM

ඔයට වඩා පොඩි කාලේ තමයි අරවින්ද, අර්ජුන ශ්‍රී ලංකා ටීම් එකට ගැහුවේ.

:       8       0

anuraSaturday, 23 February 2019 01:11 PM

ඔබගේ කථාව "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් " කිව්වා වගෙයි.

:       110       127

NuwanSunday, 24 February 2019 03:27 AM

සමාජ ජාල වල කතා කරන්න තහනම් නම් ක්‍රිකට් වගේ ප්‍රසිද්ධියට පත්වෙන වෘත්තීය තෝරාගන්න එපා. මිනිස්සු ක්‍රිකට් බලන නිසා තමයි අනුග්‍රාහකයෝ සල්ලි වියදම් කරන්නෙ. මේ වගේ ප්‍රසිද්ධියෙ කුජීත උනොත් ස්පොන්සර්ශිප් උනත් නැතිවෙන්න පුලුවන් වෙන රටකනම්.

:       0       1

smn Saturday, 23 February 2019 11:53 AM

ක්‍රීඩකයන්ට අපගේ උණුසුම් සුබපැතුම්!.. හරීන් ඇමැතිතුමාට අපගේ උපහාරය..!

:       806       612

mennaSunday, 24 February 2019 06:27 AM

මෙතුමා දේශපානය ගාවන්න හදන්නේ. මොන ඇමති ආවත් ක්‍රීඩාව ක්‍රීඩාව විදියට ජය පැරදුම දෙකම බාරගන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ කුසලතා මෙන්ම ජිවිතද සාර්ථක කර ගන්න පුළුවන් ක්‍රමයක් ඕනේ.

:       0       1

lal Saturday, 23 February 2019 11:53 AM

කුසල් මෙන්ඩිස් හොඳයි. සුබපැතුම් තරුණයා...ඉදිරි තරඟවලදීත් ඔය විදියටම උනන්දුවෙන් ක්‍රීඩා කරන්න..

:       112       304

විජිත් Saturday, 23 February 2019 12:03 PM

වාසනාවන්ත දරුවනේ, මෙය ඔබ කණ්ඩායමේ අධිෂ්ටානය පෙරදැරි කරගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් මිස... ක්‍රිකට් පාලක මණ්ඩලය නම්වූ බුකි මුදලාලිලාගේ හැකියාවක් නොවනබව මේ රටටම පමණක් නොව මුළු ලොවටම පැහැදිලිය. මේ ශක්තිය ධෛර්යය මෙලෙසම පවත්වාගෙන යාමට යම්කිසි බාධාවක් වේ නම් ඒ අන් කිසිවක් නොව අපේ රටේ දේශපාලනීකරණය වූ, බුකි කරණය වූ නාකි රැලක් සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයයි. සුබ පැතුම්...!!!

:       1206       1254

MaheeSaturday, 23 February 2019 06:50 PM

විජිත්, ඔබ සමග 100% ක් එකඟයි.

:       0       205

Praba Saturday, 23 February 2019 12:20 PM

අපතයන් අයින් කරන්න කියලා කෑ ගහපු පණ්ඩිතයෝ කොහේද දන්නෑ..

:       0       0

Nelson de Silva Saturday, 23 February 2019 07:18 PM

කුසල් මෙන්ඩිස්ට, ඕෂධ ප්‍රනාන්දුට සහ මුළු කණ්ඩායටම සුභ පතනවා අද ලැබූ ජයග්‍රහණය ගැන. අපි බලපොරොත්තු වෙන්නෙත් යම් ප්‍රමාණයකට ජයග්‍රහණ. හොදින් ක්‍රීඩා කිරීම ඒ වගේම වැදගත්. ආරම්භයෙදීම හතරේ පහර තුනක් ගහන එක හොදයි. නමුත් කුසල්ගේ දුර්වලකම වුනෙත් ඉවසීම අඩුකම කියලයි මට හිතෙන්නේ. මමත් හිතුව කුසල් මැච් කීපයකට එලිය තිබ්බනම් හොදයි කියල. ඒ ක්‍රිකට් නොදැනීමම නෙවෙයි. අපි අසාදාරන විදියට ජයග්‍රහණ සහ හැම ඉනිමකදිම ලකුණු බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් රටටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත්, කලින් තිබුණු තත්වයටත් සාධාරණයක් විය යුතුයි. ඒ වගකීම සමගයි ක්‍රීඩා කරන්න ඕන. එහෙම වගකීමෙන් ගහලත් ලකුණු නොගන්න මැච් පරදින වෙලාවල් තියෙනවා. කුසල් දක්ෂයි. ඉවසීම සහ සැලසුම් කිරීම තව දියුණු කර ගත යුතුයි. කොහොම උනත් අද මැච් එක වෙනුවෙන් ඔහුට සුබ පතනවා. ඊටත් වඩා ඕෂදට සුබ පතන්න ඕන. කුසල් කියපු දේ හරි නැහැ. ඔහුට ඊට වඩා හොද දෙයක් කියන්න තිබුන. වෙලාවට රුමේෂ් කුසල් කියපු ඒ දේවල් පරිවර්තනය කලේ නැහැ. ඒ ගැන ඔහුට ස්තුති වෙන්න ඕන.

:       0       214

isurandi Sunday, 24 February 2019 04:24 AM

හදපිරි උණුසුම් සුබපැතුම් සියලුම ක්‍රීඩකයන්ට. රටේ කිර්ති නාමය තව තවත් දිදුලවන්නට ඔබලාගේ කැපකිරීම හා නිහතමානි ක්‍රීඩා පසුබිම ඉදිරියටත් ඔප්නංවා ගතයුතු කාලයයි මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1310 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 598 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 504 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 294 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 522 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 486 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site