IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනයන්නයි උතුරේ පක්ෂ ඉල්ලති

(ලක්ෂ්මී ජයකොඩි)

ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය බලපෑම් සිදු කරන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වෙත යවා තිබේ.

එම යෝජනාවලිය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික මහජන කොංග‍්‍රසයේ නායක ගජේනද්‍රකුමාර් පොන්නම්බලම්, තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරු හා සිවිල් සංවිධාන වල නියෝජීතයින් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇත.

මේ පිළිබදව  මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එම යෝජනාවලියේ පිටපත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් තනාපතිවරුන් වෙතද යවා ඇති බවයි.

එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය ආරම්භවීමට නියමිත අතර එහිදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව කියන නව යෝජනාව සකස් කිරීමේදි තමන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.

ඒ අනුව එම යෝජනාවලියේ  වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

යුද්ධය අවසන්ව වසර 10 කාලයක් ගත වුවද ශී‍්‍ර ලංකා රජය ජාත්‍යන්තරය වෙත ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැත. මෙරට යුද්ධයේ අවසන් මෙහෙයුම් වලදි සිදුවු බව කියන මානව හිමිකම් ඉඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන යුත් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ වාර්තාව 2011 වසරේ සැප්තැම්බර් මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ එවක කොමසාරිස්වරයා වෙත ඉදිරපත් කරනු ලැබිණි. ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම හා වගවීම සඳහා වන යෝජනාවක් සම්මත කරනු ලැබිණ.

ඉන් අනතුරුව 2015, 2017 හා 2019 වර්ෂයන්හිදි එම කවුන්සලය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ සමඅනුග‍්‍රහකත්වයද හිමිවිණි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ වර්තමාන තත්ත්වය  අනුව අභ්‍යන්තර හෝ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් මගින් වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් පිළිගත යුතුව ඇත.

රට හමුදාකරණය කිරීම, දේශපාලන සිරකරුවන් දිර්ඝ කාලයක් සිරගතකොට ගෙන සිටිම, පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම, අවම වශයෙන් කිරි ගෝවීන් ප‍්‍රයෝජනයට ගන්නා තෘණ බිම් පවා ආක‍්‍රමණය කිරීම යන වැනි කටයුතු වැඩි  වී ඇත. තවද  සමාජ හා දේශපාලඥයින්ගේ හැසිරීම් නිරීක්ෂණය  කිරිම තිීව‍්‍ර කර තිබීම වැනි මර්දනයන් වැඩිවී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භූමිදානයට ඉඩ නොදි ආදාහනය කිරීම, යුද්ධයෙන් මිය ගියවුන් සිහිපත් කිරීමට ඇති අයිතිය අහිමි කිරීම වැනි සුළු ජනකොටස් වල මර්දනය කිීරීමේ කි‍්‍රයාමාර්ගද මේවනවිට ශී‍්‍ර ලංකාවේ වැඩිවෙමින් පවතී.

එබැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරයේදි ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය තහවුරු කළ යුතුව ඇත. එහෙත් අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් මගින් හෝ මිශ‍්‍ර යාන්ත‍්‍රණයක් මගින් එය ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයාත්මක නොකරනු ඇත.නමුත් එය තහවුරු කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතුය.

ශී‍්‍ර ලංකාවේ සිදුවු බව  කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හා ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඉහළපෙළ පිළිගත්  ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ආයතන වෙත මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට කටයුතු කළ යුතුය. මෙම කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත, ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කළ යුතුය.ඒ සදහා සාමාජික රටවල් බලපෑම් කළ යුතුය.

ශී‍්‍ර ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් හා ඊට අදාළ මර්දනය කිරීම් පිළිබදව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කළ යුතුය. ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ  ශාඛාවක් ස්ථාපිත කර සිරියාවේ සාක්ෂි එකතු කළ ආකාරයෙන් අවුරුද්දක කාලයක් ඇතුළත දැඩි කොන්දේසි මත ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබද සාක්ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුය.

ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තරයේ ඉහළ පෙළ අවධානය වෙත යොමු කරන්නැයි නැවත් වරක් අවධාරණය කර සිටින්නෙමු.

මෙතෙක් යුක්තිය ඉටු නොවුණු අපගේ ජනතාව වෙනුවෙන් යුක්තිය  ඉටු කරදීමත් සහන ලබාදීමත් වෙනුවෙන් නිශ්චිතව හා අප‍්‍රමාදව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වලින් ඉල්ලා සිටින්නෙමු.



අදහස් (5)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනයන්නයි උතුරේ පක්ෂ ඉල්ලති

chandima Sunday, 17 January 2021 03:45 PM

බෝට්ටුවේ යන කට්ටියම බෝට්ටුවෙන් හිරකරනවා වගේ... බෝට්ටුව ගිලෙනකල් ඔහොම යමු..

:       0       0

sandanayaka - badulla Sunday, 17 January 2021 04:37 PM

දැන් දැන් අපේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති නිසා මෙය සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම රටවැසියන්ට වැදගත් වේවි. ඒ සඳහා ජිනීවාවල මානව හිමිකම් ආයතනයේ කාර්යාලයක් වහාම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතුයි. දැනටමත් මේ රජය මානව හිමිකම් ගැන එතරම් තැකීමක් නොකරන බව පැහැදිලිවම පෙනෙනවා...

:       2       0

Lanka Monday, 18 January 2021 05:29 AM

දැන් කොටින්ම කිව්වොත් ලංකාවක් නැහැ. දැන් තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරයි, පෑලියගොඩ පොකුරයි, බන්ධනාගාර පොකුරයි. ඔබ මොන පොකුරේද?

:       0       0

thushara Monday, 18 January 2021 06:18 AM

ශ්‍රී ලංකාවේම ජීවත්වෙමින් රටට පිළිලයක් වී ඇති මේ අය ගැන තීරණයක් ගන්න ආණ්ඩුවට බැරිද?

:       0       1

Kamani Monday, 18 January 2021 10:03 AM

උතුරේ පක්ෂ විතරක් නොවේ. දකුණේ සමහර පක්ෂ ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 962 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 282 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site