IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්නයි පොන්නම්බලම් ඉල්ලයි

(ලක්ෂ්මී ජයකොඩි)
 
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ගැටලුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලයට එහා ගිය ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය වෙත අවධාරණය කර ඇත.
 
පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා හා හනා සිංගර් මහත්මිය අතර කොළඹදි පැවති සාකච්ඡාවේදි ඔහු මේ බව අවධාරණය කර තිබේ. මෙහිදි වත්මන් දේශපාලන වතාවරණය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
 
පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා හනා සිංගර් මහත්මිය හමුවේ පහත දැක්වෙන අදහස් පවසා ඇත.
 
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජන සංහාර ඇතුළු අනෙකුත් සියලු මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වගවිය යුතුය. කිසිඳු ආණ්ඩුවකට එයින් බේරි යා නොහැකිය. වගවිමකින් තොර සංහිදියා ක්‍රියාවලියක් සාර්ථක වන්නේ නැත. මෙම කාරණය ඔබ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත අවධාරණය කළ යුතුය.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක වනු ඇතැයි යන විශ්වාසයක් අපට නැත. එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණුනද එකම රටක් එකම නීතියක් යැයි පවසන කණ්ඩායමක් විසින් සකස් කෙරෙන එම ව්‍යවස්ථාව මගින් එක්සත් ශ්‍රී ලංකාවක දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර විසදුමක් ඇතුළත් නොවනු ඇති බව ස්ථිරවම කිව හැකිය.
 
එසේ තිබියදි ශ්‍රී ලංකාවේ සිදුවු මානව හිමිකම් කඩවීම් වලට යුක්තිය සාධාරණය ඉටු කර ගැනීම යන කාරණය තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලයේ රඳවා ගැනීමෙන් ඵලක් ලැබෙන්නේ නැත. එබැවින් මෙම ගැටලුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතුය.
 
ශ්‍රී ලංකාව මාරුවෙන් මාරුවට කවර ආණ්ඩු පාලනය කරනු ලැබුවද ඒ කිසිඳු ආණ්ඩුවකට වගවීම පිළිබඳ හැඟීමක් නැත්තේය. එය පසුගිය වසර දහයක කාලයේදි මනාව ඔප්පු වී ඇත.එබැවින් අපගේ මෙම ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් හා ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරමින් සිටින්නෙමු.



අදහස් (3)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්නයි පොන්නම්බලම් ඉල්ලයි

Namal Friday, 15 January 2021 11:11 AM

මේ අයට මොනවාහරි කියන්න ජනාධිපතිතුමනි...

:       0       13

Mahesh UK Friday, 15 January 2021 02:30 PM

මේ වගේ අයට උත්තර දෙනවාට එතුමාට වැඩ තියෙනවා. දෙනවා නම් දෙන්න වෙන්නේ හරීන්ට දුන්නු උත්තරය තමයි.

:       2       7

chandima Friday, 15 January 2021 11:24 PM

කොහේ ගෙනියන්නද? කොරෝනා හින්දා ඒ රටවල් ලොක්ඩවුන් කරලා... දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 483 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 167 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 237 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 273 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 398 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 917 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site